Thursday, 09 April 2015 13:20
හේමන්ත රන්දුණුඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි දින කීපය ඇතුළතදී කැඳවීමට නියමිතය.පෞද්ගලික ආරක්ෂක අංශයක් වෙත යුද හමුදාවේ අවි ආයුධ ලබාදුන් බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසට ගොස් ප්රකාශයක් ලබාගෙන තිබිණි.
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන්ද මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කර කටඋත්තර ලබාගෙන තිබිණි.
http://www.divaina.com/2015/04/09/news03.html
Thursday, 09 April 2015 13:19
අස්ගිරි පාර්ශවයේ මහනායක අති ගෞරවණීය උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජාතික ෂූරා සභාව තම අතිශය සංවේගය ප්රකාශ කර සිටී.
දීර්ග කාලයක් සාසන සේවයේ නිරතව සිටි මහානායක ස්වාමීන් වහන්සේ ජාතික සමගිය වෙනුවෙන් හා සංහිඳියාව වෙනුවෙන් කළ මෙහෙවර ජාතික ෂූරා සභාව ගෞරවයෙන් මතක් කර සිටී.
http://www.nationalshoora.com/