මාලිගාවත්ත ප්‍රදේශය ගාසා තීරය කරන්න සිතන්නේ නම් තම සංවිධානය ඊශ්‍රාලය වන්නට සූදානම් බව බොදු බල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් මෙසේ සඳහන් කොළඹදී මාධ්‍ය අමතමිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වුයේ බෞද්ධයන් නිසා බවද කී උන් වහන්සේ ඇමති රවුෆ් හකීම් පන්නා නොදමා තව දුරටත් ඇමති මණ්ඩලයේ තබා ගැනීම ගැන ජකාධිපතිවරයා ලැජ්ජා විය යුතු බවද කීහ.
http://lankacnews.com/sinhala/main-news/119115/
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 14 සඳුදා - 18:22 GMT
ආගමික සහජීවනය, ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ඇතිවූ සංවාදයක් කල්පිටියේදී පැවැත්වුණි. එම සංවාදය 'කල්පිටි වාදය' ලෙසින් නම් කර තිබු අතර, එහි විශේෂ අවධානය යොමු වුණේ පසුගියදා අලුත්ගමදී ඇති වූ සිද්ධීන් සමග ඇති වූ විනාශය හේතුවෙන් පළුදු වූ සිත් නැවත සුවපත් කිරීම ගැනයි .
කල්පිටිය කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පූජ්‍ය බැදීවැව දියසේන හිමියන් එම සංවාදයේදී ප්‍රකාශ කළේ 'එක් පුද්ගලයෙකුගේ දෙදෙනෙකුගේ ක්‍රියා සමස්ත සමාජයේම විනාශයට බලපා'ඇති බවයි.
දකුණේ මුස්ලිම් ආගමිකයන්ට සිදු වූ හිංසාවන් පිළිබඳව සියලු මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් පූජ්‍ය දියසේන හිමියෝ ප්‍රකාශ කළහ .
"පාප්තුමා සිංහල බෞද්ධයන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවට ප්‍රචාරයක් ගියා . මම කියන්නේ පාප් තුමා නෙමෙයි, සමාව ඉල්ලිය යුත්තේ, දකුණේ පසුගියදා ඇතිවූ සිද්ධීන් වලට සම්බන්ධ වූ අයයි"පුජ්‍ය දියසේන හිමියයෝකියා සිටියහ.
බෞද්ධ මුස්ලිම් එකමුතු චාරිත්‍ර
'කල්පිටි වාදයේ' දී අදහස් දැක්වූ කල්පිටිය රාහුමනියා අරාබි විදුහලේ මොහොමඩ් රිෆ්කාන් මව්ලවිතුමා ප්‍රකාශ කළේ 'ආගමික සහජීවනය රටක සංවර්දනයට තදින්ම බලපාන' බවයි.
පෝය දිනයේ සිල් සමාදන් වූ බැතිමතුන් සමග උපවාසයේ නිරතව සිටි මුස්ලිම් ආගමික බැතිමතුන් එකට එක් ව උපවාසය අත් හැරීමේ චාරිත්‍ර වල නිරත වූ අතර මෙය දෙපාර්ශවයටම අලුත් අත්දැකීමක් විය.
නාත්තන්ඩිය නගරයේද සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වුන අතර එහිදී නාත්තන්ඩිය මීසම් පාලක උපාලි චර්චිල් පියතුමා කියා සිටියේද ආගමික සහජීවනයේ වැදගත් කමයි .
සියලු ආගමික නායකයන් එක්ව මරණයට නියමව සිටි ගවයෙකු නිදහස්කර හැරීම එහි විශේෂ අංගයක් වුණි.