Thursday, April 18, 2024
   
Text Size

මැයි දිනයේ ප්‍රණාමය දහදියට හා කඳුළට - ජනාධිපති

User Rating: / 1
PoorBest 

2016 අප්‍රේල් 29 12.00 p.m
altනව ආර්ථීක, දේශපාලන අවකාශයට පියවර  තබමින් සිටින වර්තමානයේ, එළැඹෙන මැයි දිනයේදී වැඩ කරන සමස්ත ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරමින් ලද ජයග්‍රහණයන් යථාර්ථවත් කර ගන්නට කැපවීම මැයි දින අධිෂ්ඨානය බවට පත් කර ගත යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එම සුබ පැතුම් පණිවුඩය මෙසේය.
සමස්ත ලෝකවාසී වැඩ කරන ජනතාව සිය සුරතට ගනු ලබන රත් පැහැ ධජය කම්කරු සමගියේද කම්කරු විජයග්‍රහණයේ ද දිගු ඉතිහාසය පිළිබඳ සංකේතයක් වැන්න. ලෝ වැසි කම්කරු ජනතාව ලෙයින්. කඳුළින්, දහදියෙන් දිනූ අසහාය විජයග්‍රහණය පිළිබඳ ඒ අභිමානය මැයි පළමු වැනිදා අනුස්මරණය කෙරේ. කම්හ‍ලේ, වැඩබිමේ, ගොවිපළේ  හෝ අන් කවර තැනක හෝ දහදිය, ශ්‍රමය වගුරුවන පීඩිතයින්ගේ සුසුම, තැවුල මැයි දිනයේ, අනුප්‍රාණය ලෙසින් සැලකේ.
නිෂ්පාදනය නම් දැවැන්ත යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කම්කරු ශ්‍රමය නම්, කුඩා දැති රෝදයන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළිනි. ලෝකය ඉදිරියට තබන සෑම පියවරක් පාසාම කවර හෝ ශ්‍රමිකයෙකුගේ වෙහෙස මහන්සිය විසින් වැගිරූ දහදිය කඳුළක තෙතමනය සලකුණුව තිබේ.
ලෝකය මැයි දිනය සැමරීම තුළින් සිය අසහාය ගරුත්වය පිරිනමන්නේ එකී දහදිය කඳුළටය. මැයි දිනයේ පෙළගැසෙන හැම ධජයක්ම ඉහළට එසැවෙන්නේ ජීව රුධිරයෙන් ප්‍රාණය ලැබූ ආශ්චර්යවත් දහදිය කඳුළට ප්‍රණාමය පළ කරනු පිණිසය.
සමස්ත කම්කරු ජනතාවට ජයග්‍රාහී මෙන්ම තම අයිතීන් සුරක්ෂිත වන උණුසුම් මැයි දිනයක් වේවා!

 

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=50352:2016-04-29-06-38-48&catid=64:2012-09-10-14-02-45&Itemid=87

Login Form