Friday, April 19, 2024
   
Text Size

ට්‍රම්ප්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

User Rating: / 0
PoorBest 

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින්  දුන් විධායක නියෝගය නැවැත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ අභියාචනය එරට අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට, ඇමෙරිකාවට පැමිණීම වළක්වමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගය තාවකාලිකව අහෝසි කරමින් සියැටල්හි ෆෙඩරල් විනිසුරු ජේම්ස් රොබට්ස් මහතා සිකුරාදා (3) වාරණ නියෝගයක් පැනවීය.
එම නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව සෙනසුරාදා (4) කටයුතු කළේය.

කෙසේ වෙතත් සඳුඳා (6) මේ කරුණු විමසීමක් සිදු කිරීමට නියමිතය. එහිදි සියලු පාර්ශවවලට කරුණු දැක්වීමට අවස්ථාව සැලසෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සියැටල් විනිසුරු ජේම්ස් රොබ්ට්ස් මහතාගේ වාරණ නියෝගයට එරෙහි අභියාචනාව ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෙනසුරාදා දිනයේදී ගොනු කරනු ලැබිණි. එම අභියාචනාවේ අභියාචකයන් වශයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා, ඇමෙරිකා එක්සත් ජනපද වාසභූමි ආරක්ෂක ලේකම් කාර්යාල (හෝම්ලන්ඞ් සෙකියුරිටි) ලේකම් ජෝන් කෙලි මහතා සහ ආරක්ෂක ලේකම් රෙක්ස් තිලර්සන් මහතා නම් කර තිබේ.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ නියෝගය නිසා ඉරානය, සෝමාලියාව, සුඩානය, ලිබියාව, ඉරාකය සහ  යේමනය යන රටවල් හයේ වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කෙරුණු අතර සිරියාවට ද එම රටවල් ගොන්න අතරට ඇතුළත් කෙරුණි. සිරියානු සංක්‍රමණිකයන්ටද ඇමෙරිකාවට ඇතුළුවීමද තහනම් කරන ලදි.

මෙම ලැයිස්තුවට පාකිස්තානය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සලකා බලමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

http://www.lankadeepa.lk/index.php/articles/504250

Login Form