Tuesday, April 23, 2024
   
Text Size

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර: "ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක්"

User Rating: / 0
PoorBest 

ඇල්පිටියේ Lovers Bug සාප්පුව ගිනි තැබීමImage captionගිනි තබා විනාශ කෙරුණු ඇල්පිටියේ Lovers Bug සාප්පුව

http://www.bbc.com/sinhala/sri-lanka-39997857?ocid=socialflow_facebook

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මෙය ආණ්ඩුවට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බව මේ අතර ආණ්ඩුව පවසයි.

සංවිධාන ගණනාවක මෙහෙයවීමෙන් මෙම කුමන්ත්‍රණය දියත්වෙමින් තිබෙන බවත් ජාතික භාෂා සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අවුස්සා රටේ බෙදීම් ඇතිකිරීමේ උත්සාහයක් පවතින," බවත් අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම බව පිළිගන්නා අමාත්‍යවරයා, මෙම ප්‍රහාර මාලාව විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනාගත මැතිවරණයකදී වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීම වැළැක්වීමේ ප්‍රයත්නයක් වශයෙනි.

කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයImage captionකුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය

"දැන් මුස්ලිම් ජනතාව අතර අපේ ආණ්ඩුවට අප්‍රසාදයක් ඇතිකරන්න උත්සාහ කරනවා," ඔහු පැවසීය.

"මුස්ලිම් ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගන්න බැරි වුනත් කමක් නෑ, ඡන්ද පොලට යන්නේ නැතුව හිටිය නම් අපිට දිනන්න පුළුවන් කියල ඒ අය ගණන් හදල තියෙනවා."

මානව හිමිකම් නීතිවේදී ෂිරාස් නූර්දීන් රැස් කර තිබෙන තොරතුරු අනුව පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර මෙසේය:

  1. අප්‍රේල් 16 - ගොඩපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හතරකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර
  2. අප්‍රේල් 17 - ගාල්ල කොටුවේ සුෆි ඉස්ලාම් සාන්තුවරයකුගේ සුසාන භූමිය කඩා බිඳ දැමීම
  3. අප්‍රේල් 20 - අම්පාරේ ඉරක්කාමම් ප්‍රදේශයේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර උණුසුම් තත්වයක්
  4. අප්‍රේල් 25 - ඉරක්කාමම් හි සංචාරය කළ භික්ෂූන් වහන්සේ පිරිසක් සුළු ජනවර්ගයකට එරෙහිව වෛරී භාෂාව භාවිත කළ බවට චෝදනා
  5. මැයි 14 - පොළොන්නරුවේ ඔනේගම සංචාරයක යෙදුනු බෞද්ධ හිමිවරු මුස්ලිම් ජනතාවට තර්ජනය කළ බවට චෝදනා
  6. මැයි 15 - පානදුරේ මුස්ලිම් පල්ලියකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
  7. මැයි 16 - වැල්ලම්පිටිය, කොහිලවත්තේ අල් ඉබ්‍රහිමියා පල්ලියට ප්‍රහාරයක්
  8. මැයි 16 - ත්‍රිකුණාමලයේ සෙල්වනගර් හි මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවලට වෙඩි ප්‍රහාරයක්. බියට පත් මුස්ලිම් ජනතාව සිය නිවාසවලින් ඉවත්ව යති
  9. මැයි 17 - පානදුරේ මුස්ලිම් බේකරියකට සහ දුරකථන මධ්‍යස්ථානයකට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
  10. මැයි 18 - වෙන්නප්පුවේ Last Chance නම් ව්‍යාපාරික ස්ථානයට ගිනි තැබීම
  11. මැයි 19 - මහනුවර මනරපිටියේ පල්ලියට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක්
  12. මැයි 20 - ඇල්පිටියේ Lovers Bug සාප්පුව ගිනි තැබීම
  13. මැයි 21 - කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්
  14. මැයි 22 - අම්පාරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම
  15. මැයි 22 - මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගිනි තැබීම

Mano GaneshanImage caption"දැන් මුස්ලිම් ජනතාව අතර අපේ ආණ්ඩුවට අප්‍රසාදයක් ඇතිකරන්න උත්සාහ කරනවා"

මේ කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැරූ උත්සාහයක් ව්‍යවර්ථ වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

තත්වය පිළිබඳව අවධානය යොමු කරන ඇමෙරිකා එක්සත් ජනපදය, එම ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කර තිබුණි.

ප්‍රහාර සම්බන්ධ පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ගිනි තබා විනාශ කෙරුණු ඇල්පිටියේ Lovers Bug සාප්පුව

Image captionගිනි තබා විනාශ කෙරුණු ඇල්පිටියේ Lovers Bug සාප්පුව


Login Form