Tuesday, April 23, 2024
   
Text Size

සංහිදියාවට බාධා වුනොත් නව නිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

User Rating: / 0
PoorBest 

යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියා කරන අයට විරුද්ධව නීතිය අනුව පියවර ගැනීම සඳහා පොලිසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනි දා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිදියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30 ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා.

අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන්, වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලූම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමඟ සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබා දෙනවා.
මුස්ලිම් ව්‍යාපාර සහ දේවස්ථාන කිහිපයකට පහර දීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට පොලිසියට බාර දී තිබෙනවා. ඒ ගැන ක්‍රියා කොට තත්වය සමතයකට පත් කරාවි.

ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියා කරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු පොලිසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.

එම නිසා පොලිසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කර ගැනීමට ද හැකියාව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසිය.

ජායාරූප - ශාන්ත රත්නායක

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F-%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%80-%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F/1-513879

Login Form