Wednesday, May 08, 2024
   
Text Size

ගෝඨා ජනපති කර මිස සටන අතහරින්නේ නෑ

User Rating: / 1
PoorBest 
වත්මන් ආණ්ඩුවට එරෙහි වී ඇති ජනතාව සමග එක්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරමින මිසක් සටන අත්නොහරින බව රාවණා බලය සංවිධානයේ මහ ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේ ඇතුළු මෙරටේ ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව වත්මන් රජයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමෙන් ලෝකයට ඔප්පුකර පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව මාතෘභූමියට ආදරය කරන බව යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
තලංගම සමෘද්ධි උත්සව ශාලාවේදී පැවැති රැස්වීමකදී සද්ධාතිස්ස හිමි මේ බව සඳහන්  කළහ.  නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණේ ජයග්‍රාහී සැමරුම සඳහා සංවිධානය කර ඇති ජන රැළිය සාර්ථක කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
පළාත් පාලන මැතිවරණයේදී මේ රජය ප්‍රතික්‍ෂේප කරමින් ජනතාව දුන් තීන්දුව මේ දක්වා රජයට අවබෝධ වී නැති බැවින් 7දා ජන රැළිය ආණ්ඩුවේ ඔළුවට ‍පොල්ලෙන් ගහන ජන බලයක් කර ගත යුතු බවද උන්වහන්සේ කීහ. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක්ද රැස්වීම ඇමැතූහ.
https://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/9675-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8%E0%B7%92%E0%B7%83-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91

Login Form