Friday, April 19, 2024
   
Text Size

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"

User Rating: / 1
PoorBest 

 

PMDImage copyrightPMD

ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය.

මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර බ්‍රහස්පතින්දා (දෙසැ. 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.

එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.

බ්‍රහස්පතින්දා (දෙසැ. 13) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමෙන් අනතුරුව, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," එම පාර්ශවයේ මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ නඩු තීන්දුවෙන් අනතුරුව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු ලෙස ප්‍රකාශ කළේය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය.

Getty Images

https://www.bbc.com/sinhala/sri-lanka-46565520?ocid=socialflow_facebook

Login Form