Friday, April 19, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.
 

COVID-19 : Emergency Relief - 2020 By Lanka Minaret,Muslim Aid and Muslim Council of Sri Lanka (MCSL)

User Rating: / 1
PoorBest 

Free Dry ration for 2500 Families -  Please share this among your groups, friends and family

Many daily wage earners are having major difficulties in feeding their families. We do not know how long this COVID 19 threat and  curfews will last. Many will not even have access to a meal a day as most of the daily wage earners will not be able to work.

Lanka Minaret, Muslim Aid, and  Muslim Council of Sri Lanka (MCSL) want to distribute some dry rations to at-least 2500 poor families who are directly affected by the shutdown and curfew.

Each food bag would be worth 2500.  Majority of them will be Muslims but we will also support at least a 750 non Muslim families. Please let me know if anyone wishes to contribute to this.

Please WhatsApp your Interest to:

Hilmy Ahamed +94 77 731 24 21; Rizna Bishri +94 77 737 44 07; Akram Mukthar +94 77 730 30 90; Riyas +94 77 700 46 79

Bank Account Details :

Muslim Council Of Sri Lanka (MCSL)

Amana Bank (PLC) - Kirulppona Branch

Account Number : 001 027 85 95 003

https://t.me/thasbeehmedianetwork

Shared by Thasbeeh Media

 

Free Dry Ration for 2500 Families - By Lanka Minaret, Muslim Aid, and MCSL

User Rating: / 1
PoorBest 

Free Dry ration for 2500 Families


Please share this among your groups, friends and family

Many daily wage earners are having major difficulties in feeding their families. We do not know how long this COVID 19 threat and  curfews will last. Many will not even have access to a meal a day as most of the daily wage earners will not be able to work. Lanka Minaret, Muslim Aid, and MCSL wants to distribute some dry rations to at-least 2500 poor families who are directly affected by the shutdown and curfew. Each food bag would be worth 2500.  Majority of them will be Muslims but we will also support at least a 750 non Muslim families. Please let me know if anyone wishes to contribute to this.

Please WhatsApp your Interest to: Hilmy Ahamed +94777312421; Rizna Bishri +94 (77) 737 4407; Akram Mukthar +94777303090; Riyas +94 (77) 700 4679

https://t.me/thasbeehmedianetwork

Shared by Thasbeeh Media

   

විල්පත්තුව සහ පාස්කු ප්‍රහාරය: ජනපති ගෝඨාභය වෙත රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

User Rating: / 1
PoorBest 

විල්පත්තු රක්ෂිතය හෙලි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවට තමන්ට එරෙහිව එල්ල වන චෝදනාවල සත්‍ය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

තවද පාස්කු ඉරු දින ප්‍රහාරය සිදු කළ "ත්‍රස්තවාදීන්" හා තමන් අතර සබඳතා නොවූ බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර ඒ සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන මෙන් ඔහු ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

"රටේ පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි," යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

"පදනම් විරහිත චෝදනා නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන්," සිය සමාජය අපහසුතාවට පත් වන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් කියා සිටී.

බලය අයථා ලෙස යොදා ගනිමින් විල්පත්තු රක්ෂිතයට අයත් රජයේ ඉඩම් කිසිවක් විනාශ කර නොමැති බව පවසන ඔහු "1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම්වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි," යනුවෙන් සිය ලිපියේ සඳහන් කරයි.

වසර 30 ක පමණ කාලයක් අත්හැර දමා තිබූ ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්ව තිබූ බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කලාප වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලද බවත් හිටපු ඇමතිවරයා කියා සිටී.

"නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හඳුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි," යනුවෙන් ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

ගස් කැපුවේ ආණ්ඩුව -රිෂාඩ් (2017 වසරේ පැවති සාකච්ඡාවක්)
"කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සඳහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වූ විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන්," හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට සම්බන්ධ කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව එවක විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද කටයුතු කළහ.

රිෂාඩ් බදියුද්දීන්: මේ කවුද? මොනවද වෙන්නේ?
පසුව ඔහු ඇතුළු සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස් වූහ.

සියලුම මුස්ලිම් මැති, ඇමතිවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා තමන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකු එම චෝදනාවලට වැරදිකරු බව තීරණය කෙරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එවක පැවසීය.

Facebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීමේ අවසානය
විල්පත්තුව රක්ෂිතයේ වන විනාශයක් සිදු වන බවට පළමුව චෝදනා එල්ල වූයේ 2015 පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

වනය හෙළි කර සිදු කර අනවසර ඉදි කිරීම් කරන බවට චෝදනා කළ පරිසරවේදීහු එය වැළක්වීමට වහා කටයුතු කරන එවක රජයෙන් ඉල්ලා සිටියහ.

විල්පත්තු විනාශය ගැන 'බලධාරීන් නිහඬයි’
පසුව ජනාධිපති ධුරයට පත් මෛත්‍රිපාල සිරිසේන 2017 වසරේදී කියා සිටියේ විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බවය.

කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළේය.

විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති
පුත්තලම, අනුරාධපුරය, මන්නාරම යන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 03 කට මායිම්ව විල්පත්තුව වන උද්‍යානය පිහිටා තිබෙන අතර මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 වසරේදීය.

https://www.bbc.com/sinhala/sri-lanka-50657693?ocid=socialflow_facebook&fbclid=IwAR22LntBehT5rEvGa27pmqUOdDl7-EiH9XlQ4UbFWAnKocF6-07GIjEw9bg&fbclid=IwAR0OF-6e8H2SSM2VeHZknwcygEcK8Z2ZFHPPZo685jcA6B3vjnjAaIxem3E

 

චීනය උයිගර් මුස්ලිම්වරුන්ගේ 'මොළ සෝදන' ආකාරය ගැන හෙළිදරව් වෙයි

User Rating: / 1
PoorBest 
Re-training centres like this one are more like military prisons, shows a high level leakImage captionRe-training centres like this one are more like military prisons, shows a high level leak මෙවැනි 'යළි පුහුණු කිරීමේ'මධ්‍යස්ථාන බොහෝ සෙයින් හමුදා සිර කඳවුරුවලට සමාන බව රහසින් පිට වූ ලිපිගොනු මගින් පෙනෙන්නට තිබේ

චීනය, සැලසුම් සහගත ලෙස අධි ආරක්ෂක සිර කඳවුරු ජාලයක රඳවා සිටින ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම්වරුන්ගේ මොළ සෝදන (Brainwash) ආකාරය පිළිබඳ රහසින් පිටවූ ලිපිගොනු මගින් පළමු වරට කරුණු අනාවරණය වී තිබේ.

චීන ආණ්ඩුව දිගින් දිගටම පවසන්නේ, බටහිර දිග චීනයට අයත් ෂින්ජියාන්ග් (Xinjiang) කලාපයේ පිහිටි රැඳවුම් කඳවුරු මගින් ස්වේච්ඡා අධ්‍යාපනය සහ පුහුණුවීම් ලබා දෙන බවය.

නමුත් රැඳවියන් සිර කර තබන ආකාරය, දැඩි ශික්ෂනයකට යටත් කිරීම සහ දඬුවම් ලබා දෙන ආකාරය නිල ලිපිගොනු ඔස්සේ 'බීබීසී පැනොරාමා' (BBC Panorama) ගවේෂණ කණ්ඩායමට දැක ගත හැකි විය.

එක්සත් රාජධානියේ සිටින චීන තානාපතිවරයා විසින් අදාළ ලිපිගොනු පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ඒවා ව්‍යාජ පුවත් බවය.

නඩු විභාගයකින් තොරව රඳවා තැබීම

රහසින් පිටවූ ලිපිගොනු ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) වෙත ලැබිණි. එම සංසදය බ්‍රිතාන්‍යයේ 'බීබීසී පැනොරාමා' සහ 'ගාඩියන්' පුවත්පත ඇතුළු මාධ්‍ය සංවිධාන සහ සහ ආයතන 17 ක් සමග එක්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කළේය.

පසුගිය තෙවසර තුළ ෂින්ජියාන්ග් කලාපය පුරා රැඳවුම් කඳවුරු ඉදි කරනු ලැබුවේ අන්තවාදයට එරෙහිව ස්වේච්ඡා අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් බවට බීජිං පාලනය කරන ප්‍රකාශය යටපත් කෙරෙන සාක්ෂි ඉහත කී ගවේෂණය මගින් අලුතින් සොයා ගෙන ඇත.

කඳවුරු තුළ නඩු විභාගයකින් තොරව රැඳවියන් දස ලක්ෂයක් පමණ රඳවා සිටිනු ලැබ ඇතැයි විශ්වාස කෙරේ. ඉන් බහුතරය මුස්ලිම් උයිගර් ප්‍රජාවට අයත් යැයි පැවසේ.

ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) රහසින් පිට වූ ලිපිගොනු හඳුන්වා ඇත්තේ "ද චයිනා කේබල්ස්" යනුවෙනි. ෂින්ජියාන්ග් කලාපයේ එවක කොමියුනිස්ට් පක්ෂ නියෝජ්‍ය ලේකම් සහ කලාපයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ සූ හෙලුන් විසින් 2017 වසරේදී කඳවුරු පාලකයන් වෙත යවන ලද පිටු නවයකින් යුත් සිහි කැඳවීම් ද ලිපිගොනු අතර වේ.

Workers walk by the perimeter fence of what is officially known as a vocational skills education centre in Dabancheng in Xinjiang Uighur Autonomous Region, China September 4, 2018.Image copyrightREUTERSImage captionExperts the BBC spoke to warn what was happening behind the fences amounted to "psychological torture" කඳවුරු තුළ "මානසික වධ හිංසාවක්" සිදු වෙතැයි බීබීසී වෙත අදහස් දැක්වූ ප්‍රවීණයෝ පැවසූහ

දැඩි විනය නීති, දඬුවම් සහ පැන යාමට කිසිඳු ඉඩක් නොතබා අධි ආරක්ෂිත බන්ධනාගාර ලෙස එම රැඳවුම් කඳවුරු පවත්වා ගෙන යා යුතු බව උපදෙස් මගින් පැහැදිලිව දක්වා ඇත.

සිහි කැඳවීම් මගින් දී ඇති උපදෙස් අතර:

  • "පැන යාමට කිසිඳු ඉඩක් නොමැත"
  • "චර්යා කඩවන අවස්ථාවල විනය සහ දඬුවම් ඉහළ දමනු"
  • "පශ්චාත්තාපය සහ පාපොච්චාරණය ප්‍රවර්ධනය කළ යුතුය"
  • "ප්‍රතිකර්මයක් වශයෙන් මැන්ඩරීන් ඉගැන්වීමට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය"
  • "සැබවින්ම වෙනස්වීමට සිසුන් ධෛර්යමත් කළ යුතුය"
  • "නිදන ශාලා සහ පංති කාමරවල කිසිඳු ස්ථානයක් මග නොහැරෙන ලෙස කැමරාවලින් අධීක්ෂණය කළ යුතුය"

රැඳවියන්ගේ සෑම අංගයක්ම නිරීක්ෂණය සහ පාලනය කරනු ලැබුවේ කෙසේදැයි ලිපිගොනු මගින් අනාවරණය වේ:

"සිසුන්ගේ නිදන ඇඳන් නිශ්චිතව ස්ථාන ගත කළ යුතුය, පෝලිම් සැදීමේදී නිත්‍ය ස්ථානයක්, නිත්‍ය පංති කාමරයක්, කුසලතා වර්ධන ක්‍රියාකාරකම්වලදී නිත්‍ය ස්ථානයක් තිබිය යුතු අතර එම ස්ථාන වෙනස් කිරීම සපුරා තහනම්ය."

"අවදි වීම, නම් ලකුණු කිරීම, ඇඟ සේදීම, වැසිකිලි යාම, තමා අවට පිළිවෙලකට තබා ගැනීම, ආහාර අනුභවය, පාඩම් කටයුතු, නිදා ගැනීම, දොරවල් වසා දැමීම සඳහා චර්යා රටා සහ විනය අවශ්‍යතා ක්‍රියාත්මක කළ යුතුය"

චීනය ඌයිගර් මුස්ලිම්වරුන්ගේ 'මොළ සෝදන' ආකාරය ගැන හෙළිදරව් වේචීනය ඌයිගර් මුස්ලිම්වරුන්ගේ 'මොළ සෝදන' ආකාරය ගැන හෙළිදරව් වේචීනය ඌයිගර් මුස්ලිම්වරුන්ගේ 'මොළ සෝදන' ආකාරය ගැන හෙළිදරව් වේ

අසාමාන්‍ය මට්ටමේ රඳවා තබා ගැනීම් පිළිබඳ සෙසු ලිපිගොනු මගින් තහවුරු වේ. 2017 වසරේ එක් සතියක් තුළ පමණක් දකුණු දිග ෂින්ජියාන්ග්හි 15,000 ක පිරිසක් රැඳවුම් කඳවුරු වෙත යවා ඇති බව එක් ලිපිගොනුවක් අනාවරණය කරයි.

'හියුමන් රයිට්ස් වොච්' මානව හිමිකම් සංවිධානයේ චීනය සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂිකා සොෆී රිචර්ඩ්සන් කියා සිටියේ රහසින් පිටවූ සිහි කැඳවීම්, පැමිණිලි ගොනු කිරීම සඳහා ප්‍රයෝජනයට ගත යුතු බවය.

"මෙය, දැඩි මානව හිමිකම් කඩවීමක් ලිඛිතව දැක්වෙන ක්‍රියාමාර්ග ගත හැකි සාක්ෂියක්," යනුවෙන් ඇය සඳහන් කළාය.

"රඳවනු ලැබ සිටින සෑම අයෙකුම අවම වශයෙන් මානසික වධ හිංසාවට යටත් වන බව කීම සාධාරණයි කියා මා සිතනවා. මොකද කොපමණ කාලයක් ඔවුන් එහි සිටීවිද කියලා ඔවුන් ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ."

රැඳවියන් සිය හැසිරීම, විශ්වාස සහ භාෂාව වෙනස් කර ඇති බව ඔප්පු කර පෙන්වීමෙන් පසු පමණක් ඔවුන් නිදහස් කරනු ලබන ආකාරය පිළිබඳ සිහි කැඳවීම්වල කරුණු දැක්වේ.

"තම අතීත ක්‍රියාකාරකම්වල ඇති නීති විරෝධී, අපරාධමය සහ භයානක ස්වභාවය ගැඹුරින් අවබෝධ කර ගැනීම සඳහා සිසුන් තුළ පශ්චාත්තාපය සහ පාපොච්චාරණය ප්‍රවර්ධනය කරන්න," යනුවෙන් එහි සඳහන් වේ.

"ප්‍රතිඵල ළඟා කර ගත් බව තහවුරු කර ගැනීම සඳහා අපැහැදිලි අවබෝධයන්, සෘණ ආකල්ප හෝ ප්‍රතිරෝධී හැඟීම් සිත් තුළ ඇති පුද්ගලයන් අධ්‍යාපන පරිවර්තනයකට ලක් කරන්න."

ප්‍රමුඛ පෙළ මානව හිමිකම් නීතිඥයකු සහ ලෝක උයිගර් කොංග්‍රසයේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන රාජ නීතිඥ බෙන් එමර්සන් කියා සිටියේ ඉහත කී කඳවුරු මගින් පුද්ගලයන්ගේ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සාහ කෙරෙන බවය.

"මෙය, මුළු වාර්ගික ප්‍රජාවක මහා පරිමාණයෙන් මොළ සෝදා හැරීමක් සඳහා සැලසුම් කළ සහ නියම කරන ලද වැඩසටහනක් හැර වෙනත් දෙයක් කියා දකින්න බැහැ."

"ෂින්ජියාන්ග්හි උයිගර් මුස්ලිම්වරුන් අතුගා දැමීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පූර්ණ පරිවර්තනයක්."

Presentational grey line

චීනයේ රහස් කඳවුරු

A Uighur man studying at a campImage captionThe Chinese government says the camps are for voluntary re-education චීන ආණ්ඩුව පවසන්නේ කඳවුරු මගින් යළි ස්වේච්ඡා අධ්‍යාපනයක් ලබා දෙන බවය

රැඳවියන්ගේ "මතවාදීමය පරිවර්තනය, අධ්‍යාපනය සහ පුහුණුව, විනය සමග අනුගතවීම" සලකා බලා ඔවුන්ට ලකුණු ලබා දෙන බව ඉහත කී සිහි කැඳවීමේ සඳහන් වේ.

රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමට අවසර ලබා දීම සහ ඔවුන් නිදහස් කරනු ලැබීම තීන්දු කිරීම සඳහා දඬුවම් සහ ලකුණු දීමේ ක්‍රමවේදය යොදා ගැනේ.

රැඳවියන් නිදහස් කරනු ලැබීම පිළිබඳ සලකා බලනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂ කමිටු හතර විසින් ඔවුන් පරිවර්තනය වී ඇති බවට වූ සාක්ෂි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පමණකි.

චීන ආණ්ඩුව මිනිසුන් පිළිබඳ දැඩි විමර්ශනයෙන් පසුවීම (Surveillance) සහ පෞද්ගලික දත්ත විමර්ශනය කර පුරෝකථන මත පදනම් වූ වැඩසටහනක් මගින් මිනිසුන් හසුරවනු ලැබීම පිළිබඳවත් රහසින් පිටවූ ලිපිගොනු මගින් කරුණු හෙළි වේ.

දත්ත බෙදා හදා ගැනීමට යොදා ගන්නා 'Zapya' නමැති දුරකතන මෘදුකාංගයක් (ඇප්) භාවිත කළ දහඅට ලක්ෂයක පිරිසක් දෙස ඉහත කී වැඩසටහන ඔස්සේ අවධානයෙන් පසු වූ ආකාරය එක් ලිපිගොනුවක් මගින් පෙන්නුම් කරයි.

ඉන් අනතුරුව ඒ අතර සිටි 40,557 දෙනෙකු පිළිබඳ "තනි තනිවම" පරීක්ෂණ කිරීමට බලධාරීන් නියෝග කර ඇත. "සැක දුරු කිරීමට නොහැකි නම්" ඔවුන් "සිතේ අවධානය පවත්වා ගත හැකි පුහුණුවට" යොමු කළ යුතු බව ලිපිගොනුවක සඳහන් වේ.

විදෙස් පුරවැසිභාවය හිමි උයිගර් මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගැනීම සහ සහ විදෙස් රටවල වෙසෙන උයිගර් මුස්ලිම්වරුන් ලුහුබැඳිම සඳහා ලබා දුන් නිශ්චිත නියෝග ද ලිපිගොනුවලට ඇතුලත්ය. ගෝලීය මට්ටමේ දැල එලීම සඳහා චීන තානාපති සහ කොන්සෝල් කාර්යාල සම්බන්ධ වී ඇති බව එමගින් පෙන්නුම් කරයි.

Uighurs singing in a classroomImage captionThe BBC was given a tour of the camps earlier this year මේ වසර මුලදී කඳවුරු තුළ සංචාරයක නිරත වීමට බීබීසී වෙත අවස්ථාව ලබා දුනි

ඉහත කී ක්‍රියාමාර්ග මගින් චීන වැසියන් ආරක්ෂා වූ බව එක්සත් රාජධානියේ සිටින චීන තානාපති ලියු ෂියෝමින් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය තෙවසර තුළ ෂින්ජියාන්ග්හි එක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ වාර්තා නොවූ බවය.

"කලාපයේ වාර්ගික කණ්ඩායම් අතර දැන් සමාජීය ස්ථාවරත්වය සහ එකමුතු භාවය පවතිනවා. වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් යටතේ එහි වැසියන් සතුටින් ජීවත් වෙනවා."

"චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට නිදහසට කරුණු නිර්මාණය කර ගැනීමේ උත්සහයක් වශයෙන්, ෂින්ජියාන්ග්හි ත්‍රස්ත විරෝධී උත්සාහයට බාධා එල්ල කිරීම සහ චීනයේ ස්ථාවර සංවර්ධනයට බාධා එල්ල කිරීම සඳහා සම්පූර්ණ කාරණා සැලකිල්ලකට නොගෙන බටහිර ඇතැම් පුද්ගලයන් ෂින්ජියාන්ග් මුල් කර ගනිමින් චීනය දැඩි ලෙස අපවාදයට ලක් කරනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

https://www.bbc.com/sinhala/sri-lanka-50557010?ocid=socialflow_facebook&fbclid=IwAR3yXgKV98A9CG-TP-KPwNsM9Vx1MJsjyzolfA1qyxgRAbqcggbH9JGcQT0

   

Page 15 of 147

Login Form