Saturday, April 20, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා තෙල්දෙණියේ කලබල මහනුවරට පොලිස් ඇදිරි නීතිය



කඩයක් ගිනි තැබූ අය නිදහස් කරන ලෙසට ඉල්ලා
තෙල්දෙණියේ කලබල

මහනුවරට පොලිස් ඇදිරි නීතිය


මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.හෙට(06) පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකය.
මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් මෙයට මුල් විය.
මේ හේතුවෙන් අද(05) දහවල් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
කලහාකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇත.

පසුගිය පෙබරවාරි 22 වන දින තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වූ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සිදුවී පහරකෑමට ලක්වූ තැනැත්තා ඊයේ (04) දා පාන්දර  මහනුවර රෝහලේදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ
තෙල්දෙණිය, මොරගහමුල, පුවක් ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි හීපිටියේ ගෙදර කුමාරසිංහ නම් 42 හැවිරිදි අයෙක්.

එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදුන් බව සහ මාර්ගය අවහිර කර ඇති බවට සඳහන් කරමින් ත්‍රීරෝද රථයක සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරදෙනාම එදිනම පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිව් දෙනාම ලබන මාර්තු 07දා දක්වා බන්ධනාගාරගත කර ඇත.


මේ අතර  ඝාතනයට ලක්වූ පුද්ගලයා සිංහල පුද්ගලයෙක් වීමත්, පහර දුන් පුද්ගලයන් සිව් දෙනා මුස්ලිම් ජාතිකයන් වන බවටත් සඳහන් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශයෙන් පිට පිරිසක් පැමිණ තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් කඩයක් ගිනි බත් කොට ඇත.

එයින් පසුව පොලිසිය විසින් පුද්ගලයන් 24ක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් 10දෙනෙක් සෘජුවම මෙම ගිනි තැබීමට සම්බන්ධ බව වාර්තා විය.
එම සිදුවීමෙන් පසු අත් අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනා පොලිස් අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට  තෙල්දෙණියේ පොලිසිය අසල අද කලබල වාර්තා වූ අතර පොලිසිය ජනතාව විසිරුවාහැරීමට කදුළු ගෑස් භාවිත කර තිබිණි..








http://www.gossiplankanews.com/2018/03/kandy-in-tense-situ.html


 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

User Rating: / 1
PoorBest 
තෙල්දෙණිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට හෙට (මාර්තු 06) උදෑසන 6 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පහරදීමකට ලක්වූ පුද්ගලයෙකු මියයාමෙන් අනතුරුව තෙල්දෙණියේ හටගත් සිදුවීම්වලින් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වල මතුවූ නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර පොලිසිය පවසා තිබුනේ පුද්ගලික ආරවුලක් මත හටගත් ගැටුමකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියකට ජාතිවාදී මුහුණුවරක් දීමේ උත්සාහයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති බවය.

රථවාහන සම්බන්ධ ගැටලුවක් මුල්කොට ගනිමින් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සෙනසුරාදා (මාර්තු 03) මිය යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගතකර තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන් ඉරිදා (මාර්තු 04) දිනයේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙන බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

තෙල්දෙණිය

එම නොසන්සුතාව හේතුවෙන් වෙළෙඳසල් කිහිපයකට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබෙන අතර, ප්‍රදේශවාසියෙක් බීබීසියට පැවසුවේ එක් වෙළඳසලක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබෙන බවය.

එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

 

http://www.bbc.com/sinhala/sri-lanka-43285985

 

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත සිදුවූ බවට සැකයි

User Rating: / 1
PoorBest 

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්රියාත්මක වූයේ දැයි සෙවීමට පරික්ෂණයක් - ඇමැති රාජිත කියයි
සෞඛ්, පෝෂණ හා දේශීය වෛද් අමාත් දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ් අමාත්යවරයා - වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි.

රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.
අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්රියාමාර්ග ගත යුතුයි. පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්රශ්න තිබෙනවා. මෙය අමූලික බොරු සිද්ධියක්. වදපෙති කියා ඖෂධයක් ශ්රී ලංකාවේ පවතින වෛද් ක්ෂේත්රයේ නැහැ. ශ්රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි. සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙස මම අග්රාමාත්යවරයාගෙන් ඉල්ලා සිටියා. අග්රාමාත්යවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.
අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්රියාත්මක වී ඇත් පිළිබදව පරීක්ෂණ පවත්වනවා. පසුගිය රජයේ ප්රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු වාර්තා වි තිබෙනවා. වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා. බණ්ඩාරනායක මහතා නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා. ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුනා.

http://www.gossiplankanews.com/2018/03/ampara-incident.html

   

No infertility tablets in western medicine: Health DG

User Rating: / 1
PoorBest 

No infertility tablets in western medicine: Health DG

2018-03-04 09:38:29
25
5064

Health Services Director General Dr. Anil Jasinghe said no tablet had been invented in the western medicine which can cause infertility.

Dr. Jasinghe, in a statement, said the Health Ministry had received inquiries about ‘infertility tablets’ following several incidents took place in the country.

He said the only method available in the western medicine to infertile someone, was the surgery.

http://www.dailymirror.lk/article/No-infertility-tablets-in-western-medicine-Health-DG-146732.html

 

PM orders to probe Ampara incident

User Rating: / 1
PoorBest 

PM orders to probe Ampara incident

2018-03-04 18:42:28
10
3032

Prime Minister and Minister of Law and Order Ranil Wickremesinghe has ordered another inquiry into the recent clashes in Ampara, as the initial report already submitted by the police is said to be incomplete.

A release from the Ministry of Law and Order said there were evidence to suggest that there had been lapses in enforcing law and order during the clashes.

The release added that arrangements had been made to pay compensation to those who were affected during the clashes.

The ministry also thanked the Maha Sanga and the Muslim clergy for their contribution in carrying out the investigations. (Yohan Perera)

http://www.dailymirror.lk/article/PM-orders-to-probe-Ampara-incident-146738.html

   

Page 28 of 147

Login Form