Monday, July 24, 2017
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • ‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක
    ‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ...
    Read More...
  • Pearls of Wisdom: No.55 “Food for the Soul” SUBJECT: DO NOT DESPAIR IN THE MERCY OF ALLAH
    Allah, The Most Exalted, says: “O my servants who have transgressed against themselves, do not despair of the mercy of Allah. Verily, Allah forgives all sins, for he is the Forgiving, the Merciful.” (Qur’an 39:53) The Messenger of Allah (peace be upon him) is reported to have said; "Indeed, before Allah created the creation, He decreed for Himself, 'Indeed My Mercy prevails over My Anger.” (Hadith Bukhari and Muslim) Note: No matter how big the sin or sins that you have committed, no matter what your past has been like, if you come back to Him with one sincere, sincere Tauba(Repentance), coming from the heart, He will indeed forgive you. E very pious person has a past and every sinner has a future! Allah created mercy in one hundred parts and sent down to earth only one part. Because of this one part, there is mutual...
    Read More...
  • ඥාණසාර හිමිගේ හැසිරීම සළුකොට තැකිය නොහැකියි - මහේස්ත්‍රාත් සාක්කි දෙයි
    ජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්   කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ  අතිරේක මහේස්ත්‍රාත් රංග   දිසානායක අද (18) අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී...
    Read More...
  • Problems, Problems, Problems… By Sister S Bemath
    PROBLEMS!!!...How we hate them! The time and energy we waste, stewing over problems instead of tackling them cheerfully and constructively, recognising them as the growth points of life and progress. Life can expose us to a series of problems. Problems evoke in us a great deal of emotional pain, such as sorrow, fear, anger, anxiety, sadness etc. These are uncomfortable emotions. Do we want to moan about them or solve them? Discipline is the basic set of tools we require to solve life's problems... it is in this whole process of meeting and solving problems that life has its meaning.

    Problems are the cutting edge that distinguishes success and failure. Problems are what cause us to grow mentally and spiritually. Without growth, we're doomed to stay as we have always been. Wise people learn not to dread problems, but to welcome,...
    Read More...
  • බෝ සෙවණේ රාමදාන්
    පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ. ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය. රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන්...
    Read More...
  • ඥානසාර හිමි ගැන මගේ වෙනසක් නැහැ
    ඥානසාර හිමි ගැන මගේ වෙනසක් නැහැ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ට තමා අතිශය ගෞරව කළ ද බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තමා දරණ ස්ථාවයේ කිසිදු වෙනසක් නැතැයි රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ය. ඥානසාර හිමි යනු දේශපාලන පක්ෂයක නායකත්වය දරණ  දේශපාලන මතවාදයක් දරන භික්ෂූන් වහන්සේ...
    Read More...
  • Ramadaan almost over…Now what??? By Umm Ammarah
    The Month of Ramadaan is coming to an end and the transition from Ramadaan to Eid and thereafter should be a path the that brings us closer to our Creator and a path that treads the Sunnah i.e. The way of the Messenger of Allah (peace be upon him) . After a month of sacrifice, Allah Ta’ala takes it upon Himself to reward His faithful servants. Allah Ta’ala is the Most Generous and Most Benevolent. Indeed Allah Ta’ala’s Generosity multiplies in Ramadaan. When Allah Ta’ala sees His servants carry out all their duties  faithfully and strive to gain closeness to Him through fasting ,salaat (prayer) ,patience,recitation of Quraan ,zikr ,dua ,and controlling of even permissible desires  and needs like food, drink etc. then Allah Ta’ala bestows on His faithful servants a special prize on the night preceding the day of Eid… ...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

ඥානසාර හිමි කොහේද?

Latest

User Rating: / 0
PoorBest 

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.Image captionඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබියදී සිතාමතාම සැඟවී සිටින සැකකරුවකුට "චේතනාන්විතව" රැකවරණ සහ පහසුකම් සලසන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසිය කළ විමසීමක දී අදහස් දක්වමින්, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්නොවී සැඟවී සිටින අතර උන්වහන්සේට රැකවරණ සැපයීම රටේ උත්තරීතර ආයතනය වන 'අධිකරණයට සිදු කරනු ලබන අපහාසයක්' වන බව පෙන්වා දුන්නේය.

බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මේ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන එල්ල වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් කියා සිටියි.

එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ වී නොමැති බවත් ඩිලන්ත විතානගේ පවසයි.

"බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන" යන තේමාව යටතේ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය පසුව බීබීසිය වෙතත් යොමු කර ඇති අතර "බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී ඇති" බවත් එහි දැක්වේ.

ඒ ගැන පරීක්ෂා කොට එම හිමියන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ලෙස බොදු බල සේනා සංවිධානය ඉහත කී ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිImage copyrightPRIYANTHA JAYAKODI FBImage captionපොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරනු ලැබීමේ වරදට බව පොලිසිය කියා සිටියි.

මිනී මැරුම්,මත්ද්‍රව්‍ය වැරදි හෝ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අධිකරණය මඟ හරින දහස් ගණනක් සැකකරුවන් සිටිය දී " ජාතික දේශපාලන චරිතයක්" වන ඥානසාර හිමියන් පිටුපස ලුහු බැඳීම උන්වහන්සේ මුහුණ දී ඇති උවදුරේ ප්‍රමාණය පෙන්නුම් කරන බව මේ අතර බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

එහෙත් උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන කාරණා මත නොව රටේ සාමාන්‍ය නීතිය කඩ කොට අධිකරණය පැහැර හැර සිටීම නිසා බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙයි.

"ඥානසාර හිමියන් අධිකරණය පැහැර හරිමින් අධිකරණයට අපහාස කරමින් සිටිනවා. මෙම අධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙන්නේ පැමිණිලි දෙකක් මුල්කර ගනිමින්. එකක් කොළඹ 'නිපොන්' හෝටලයේ පැවැත්වුන මාධ්‍ය හමුවකට කඩා පනිමින් වටරැක විජිත හිමියන්ට මරණීය තර්ජන සිදු කිරීම.දෙවැන්න, මාධ්‍ය හමුවක් කැඳවමින් පළකළ ප්‍රකාශන මගින් ආගම්වලට අපහාස කරනු ලැබීම" නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට කියා සිටියේය.

විවිධ දේශපාලනඥයන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින තැන් පිළිබඳව විවිධ ප්‍රකාශන කරන බවත් උන්වහන්සේ රැඳී සිටින ස්ථානයක් තමන් නොදන්නා නමුත් අධිකරණයට ඉදිරිපත් නොවීමට ඇති නොහැකියාව සඳහන් කරමින් එම හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියි.

ඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමිImage copyrightBBSImage captionඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමි

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණ කටයුතු භාර හිටපු ඇමති ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ "එක්තරා ඇමතිවරයකු විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රැකවරණ සපයන" බවක් එම ඇමතිවරයාගේ නම සඳහන් කරමින් කියා තිබුණි.

ඥානසාර හිමියන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් 'තවත් ඇමතිවරයකුගේ නමත්' කියැවෙමින් පවතින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් "උන්වහන්සේට රැකවරණ සපයන්නේ තමන් නොව ආණ්ඩුව' යයි කියා සිටියේය.

 

http://www.bbc.com/sinhala/sri-lanka-40313628

Login Form