පිලිපීනයේ දකුණු ප්‍රදේශයේ මුස්ලිම් ස්වයං පාලනය සහිත ප්‍රදේශයක් ඇති කිරීමේ කටයුතු පිලිපීන ජනාධිපති බෙනිනෝ අකිනෝ විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
වැඩි වශයෙන් රෝමානු කතෝලික රටක් ලෙස සැලකෙන පිලිපීනයේ වසර පහක් තිස්සේ මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා නිමා කිරීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.
මේ සඳහා අවශ්‍ය නීතිමය වෙනස්කම් වහා සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත්තේ.
එක් ලක්ෂ විසි දහසකට අධික පිරිසක් ඝාතනය කෙරුණු ගැටුම් වලට නායකත්වය දුන් මෝරෝ ඉස්ලාමීය නිදහස් පෙරමුණ සමග පසුගිය මාර්තු මාසයේ දී අකිනෝ රජය ගිවිසුමකට එළැඹියේ ගැටලුවට විසඳුමක් සොයනු පිණිසයි.
බැන්ග්සමොරෝ කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් අවි ආයුධ භාර දී යටත් වීමට මෝරෝ ඉස්ලාමීය නිදහස් පෙරමුණ එකඟ වූයේ එම ගිවිසුමට අනුවයි.
http://www.bbc.co.uk/sinhala/world/2014/09/140910_pilippines_muslim_power.shtml