Wednesday, October 23, 2019
   
Text Size

Latest

The latest news from the Joomla! Team

SC refuses to vacate CA’s interim order against MR

User Rating: / 1
PoorBest 

 

The Appeal was also granted special leave to proceed.

The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded.

The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva)

 

http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html

 

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම

User Rating: / 1
PoorBest 

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.


ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.


ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.

 

http://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8/101-542217

 

තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම

User Rating: / 1
PoorBest 

5.04pm Update
රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට ජනපතිට ඒ ආකාරයට හැකියාවක් නැති බවත් තීරණය විය. ඒ අනුව ජනපති ව්‍යවස්ථාවට පටහැණි ගැසට් නිවේදනයක් යොමු කර ඇති බව අධිකරණය තහවුරු කර ඇත.
වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනපතිට හැකියාවක් නැති බවත් එසේ කරන්නේ නම් 2/3 අනුමැතියක් පාර්ලිමේන්තුවේ අවශ්‍ය බවත් වැඩිදුරටත් කියැවිණි.
මෙම තීන්දුව සමග ආණ්ඩුව තවත් වසර එකහමාරක් පවත්වා යාමට ජනපතිට සිදුවනු ඇත. ඒ අනුව අගමැතිවරයෙකු හා කැබිනට් මඩුල්ලක් විධිමත් ලෙස පත්කිරීමට ජනපතිට මින් පසු සිදුවනු ඇත.


4.50pm Update
විනිසුරුවන් අධිකරණ ශාලා 502 වෙත පැමිණ අසුන්ගෙන සිටී.නඩු විභාගය ඇරඹී ඇත.

4.30pm Update
විනිසුරුවන් එනතුරු අධිකරණ ශාලා 502 සීරුවෙන් සිටින බවත් නඩු විභාගය තවම ඇරඹී නැති බවත් වාර්තාවේ. විශාල පිරිසක් ශාලාව තුළත් පිටතටත් රැඳී සිටිති.

3.50 Update
අද දින ලබාදෙන්නට නියමිත ජනපති පාර්ලිමේන්තුව විසුරවීම වෙනුවෙන් නිකුත් කළ ගැසට්ටුව හරිද වැරදිද යන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 4ට ලබාදීමට නියමිතව තිබියදී

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනා‍ධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ගැන
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළේය.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ , බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම් විභාගයට ගැනුණි.

අනතුරුව නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි.

ඉන්පසුව පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04, 05, 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේය.

අදාළ දින තුනෙහි මෙන්ම


දෙසැම්බර් මස 07 වනදාද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාගය සිදු කළ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය තීන්දුව ලබාදෙන තෙක් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය අද පෙරවරුවේ නිවේදනය කළේය.

 

https://www.gossiplankanews.com/2018/12/final-decision.html#more

   

SC rules dissolution of parliament illegal

The Supreme Court today ruled that President Maithripala Sirisena's decision to dissolve Parliament was unconstitutional and illegal.

Chief Justice Nalin Perera delivering the verdict said that if President wants to dissolve Parliament before four and half years, there must be a resolution passed by two-thirds majority in Parliament.

The verdict was announced unanimously.

Court also decided that the petitioners fundamental right, under article 12(1) has been violated by this executive act.

 

http://www.dailymirror.lk/article/SC-rules-dissolution-of-parliament-illegal-159742.html

 

ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි

User Rating: / 1
PoorBest 

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් විය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සභා කාලය වසර 4 කුත් මාස 6 ක් සම්පූර්ණ වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරවාගත් යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව විනිසුරු සිසිර ද ආබෘෘ මහතාගේ නිගමනය විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසිනි.

විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත් විනිසුරු සිසිර ද අබෘ මහතා  පමණක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර වෙනත් හේතූන් මත ජනාධිපතිගේ ගැසට්ටුවට අවලංගු කිරිමේ ජනපතිගේ තීන්දුවට තමා ද එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කරනු ලැබූ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක් ද  2018 නොවැම්බර් 12 වැනි දා උදේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ගොනු කළහ.

මෙම පෙත්සම් කඩිනමික් කැඳවීමේ අවශ්‍යතාවය මත අගවිනිසුරු නලීන් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එදිනම පෙත්සම් කැඳවූ අතර නීතිපතිවරයාට කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවට ප්‍රකාශ වූයෙන් එදින පස්වරු 2 තෙක් කල් තබා සවස් වරුවේ යළිත් පෙත්සම් කැඳැවිණි.

මේ අතරතුර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ද ජනපතිගේ ගැසට්ටුවට එරෙහිව පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබිණි.  ජනපතිගේ ගැසට්ටුවට එරෙහි සියලුම පෙත්සම් නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් ජී ඇල් පීරිස් මහතා ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් 08ක්  ඉදිරිපත් කළහ.

නොවැම්බර් 12 වැනි දා සවස්වරුවේ සහ 13 වැනි දා සවස 3.30 පමණ වන තෙක් පෙත්සම් සඳහා කරුණු දැක්වීම සිදුවිය. ඉන් පසුව පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීම සවස 5.30 දක්වා කල් තැබිණි. එදින පස්වරු 5.50ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විනිශ්චයාරූඪ වූ අතර පස්වරු 5.55ට පමණ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්ටුවට එරෙහි මුල් පෙත්සම් 10 විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඒ සඳහා දෙසැම්බර් 04, 05 සහ 06 දක්වා දින නියම කළේය. පෙත්සම්කරුවන් අයැද සිටි අතුරු නියෝග කිහිපයක් ද ලබා දුන් අධිකරණය දෙසැම්බර් 07 වැනි දා වන තෙක් ජනාධිපතිවරයා විසින් නිකුත් කැරුණු ගැසට්ටුව තාවකාලිකව අත්හිටැවූ අතර ඒ වන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ජනාධිපතිගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ ඉතිරි පෙත්සම් අට ද අවස්ථා දෙකකදී කැඳවුණු අතර ඒ සියලු පෙත්සම් දෙසැම්බර් හතර වැනි දා අනිකුත් පෙත්සම් සමග කැඳවීමට නියෝග කැරිණි.

ජී ඇල් පීරිස් මහතා ප්‍රමුඛ අතරමැදි පෙත්සම්කරුවෝ මෝසමක් මගින් මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියහ. එය පිළිගත් අග්‍රවිනිශ්චකාර නලීන් පෙරේරා මහතා පෙත්සම විභාග කිරීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු එම විනිසුරුවරුය.

මෙම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය හතර වැනි දා පෙත්සම් විභාගය ඇරැඹිණි. එතැන් සිට පුරා දින හතරක් පුරා පෙත්සම් විභාගය සිදු විය. මුලින්ම පෙත්සම්කරුවන් කරුණු දැක්වූ අතර ඉන් පසු අතරමැදි පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන්ගේ කැරුණු දැක්වීම සිදු විය. අවසානයේ පෙත්සම්කරුවන්ගේ ප්‍රතිඋත්තර බැඳීමෙන් පසු නීතිපතිවරයා යළිත් වරක් සිය ස්ථාවරය පැහැදිලි කළේය.

දෙසැම්බර් හත් වැනි දා රාත්‍රී 7 ට පමණ පෙත්සම් විභාගය අවසන් විය. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබූ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පකරන තෙක් ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවමින් දුන් අතුරු තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.

 

සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඡායාරූප



 

 

 

   

Page 4 of 184

Login Form