Friday, November 22, 2019
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද "සෙනසුරාදා ඉල්ලා අස්වෙයි"

User Rating: / 1
PoorBest 

 

PMDImage copyrightPMD

ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සෙනසුරාදා (දෙසැම්බර් 15) තනතුරෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය.

මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර බ්‍රහස්පතින්දා (දෙසැ. 13) රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.

එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.

බ්‍රහස්පතින්දා (දෙසැ. 13) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමෙන් අනතුරුව, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," එම පාර්ශවයේ මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ නඩු තීන්දුවෙන් අනතුරුව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු ලෙස ප්‍රකාශ කළේය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය.

Getty Images

https://www.bbc.com/sinhala/sri-lanka-46565520?ocid=socialflow_facebook

 

18-hour water cut in Rajagiriya and surrounding areas

User Rating: / 1
PoorBest 

Water supply to Rajagiriya and surrounding areas will be disrupted for 18-hours commencing from tomorrow 12 a.m. and until Sunday 6 p.m., the following day, the National Water Supply and Drainage Board said.
Accordingly, water supply to Moragasmulla, Rajagiriya, Athulkotte, Obeysekarapura, Bandaranayakepura, Nawala, Koswatte, and Rajagiriya to Open University of Sri Lanka Nawala, and surrounding areas.

 

http://www.dailynews.lk/2018/12/14/local/171393/18-hour-water-cut-rajagiriya-and-surrounding-areas

 

SC refuses to vacate CA’s interim order against MR

User Rating: / 1
PoorBest 

 

The Appeal was also granted special leave to proceed.

The proceedings of the Court of Appeal with regard to the case were stayed until the Supreme Court hearing is concluded.

The appeal is to be taken up for further hearing on January 16, 17 and 18, 2019. (Shehan Chamika Silva)

 

http://www.dailymirror.lk/article/SC-refuses-to-vacate-CA-s-interim-order-against-MR-159809.html

   

මහින්දට එරෙහි අභියාචනාධිකරණයේ අතුරු තහනම දිගටම

User Rating: / 1
PoorBest 

අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.


ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.


ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.

 

http://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8/101-542217

 

තීන්දුව කුමක්ද? - ජනපතිගේ තීරණය වැරදියි ආණ්ඩුව දිගටම

User Rating: / 1
PoorBest 

5.04pm Update
රටේම අවධානය යොමුවූ අධිකරණ තීන්දුව මීට ටික වේලාවකට පෙර ලබාදුන් අතර එයට අනුව ජනපතිගේ තීරණය වැරදි බවත් ව්‍යාවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසිරවීමට ජනපතිට ඒ ආකාරයට හැකියාවක් නැති බවත් තීරණය විය. ඒ අනුව ජනපති ව්‍යවස්ථාවට පටහැණි ගැසට් නිවේදනයක් යොමු කර ඇති බව අධිකරණය තහවුරු කර ඇත.
වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනපතිට හැකියාවක් නැති බවත් එසේ කරන්නේ නම් 2/3 අනුමැතියක් පාර්ලිමේන්තුවේ අවශ්‍ය බවත් වැඩිදුරටත් කියැවිණි.
මෙම තීන්දුව සමග ආණ්ඩුව තවත් වසර එකහමාරක් පවත්වා යාමට ජනපතිට සිදුවනු ඇත. ඒ අනුව අගමැතිවරයෙකු හා කැබිනට් මඩුල්ලක් විධිමත් ලෙස පත්කිරීමට ජනපතිට මින් පසු සිදුවනු ඇත.


4.50pm Update
විනිසුරුවන් අධිකරණ ශාලා 502 වෙත පැමිණ අසුන්ගෙන සිටී.නඩු විභාගය ඇරඹී ඇත.

4.30pm Update
විනිසුරුවන් එනතුරු අධිකරණ ශාලා 502 සීරුවෙන් සිටින බවත් නඩු විභාගය තවම ඇරඹී නැති බවත් වාර්තාවේ. විශාල පිරිසක් ශාලාව තුළත් පිටතටත් රැඳී සිටිති.

3.50 Update
අද දින ලබාදෙන්නට නියමිත ජනපති පාර්ලිමේන්තුව විසුරවීම වෙනුවෙන් නිකුත් කළ ගැසට්ටුව හරිද වැරදිද යන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 4ට ලබාදීමට නියමිතව තිබියදී

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනා‍ධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ගැන
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළේය.

ඒ අනුව අගවිනිසුරු නලින් පෙරේරා , ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ , බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අදාළ පෙත්සම් විභාගයට ගැනුණි.

අනතුරුව නොවැම්බර් මස 12 සහ 13 යන දෙදින තුළ අදාල පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ සලකා බැලුණි.

ඉන්පසුව පෙත්සම් විභාග කිරීම දෙසැම්බර් 04, 05, 06 යන දිනයන් හිදී සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේය.

අදාළ දින තුනෙහි මෙන්ම


දෙසැම්බර් මස 07 වනදාද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාගය සිදු කළ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබුවේ  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය තීන්දුව ලබාදෙන තෙක් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය අද පෙරවරුවේ නිවේදනය කළේය.

 

https://www.gossiplankanews.com/2018/12/final-decision.html#more

   

Page 5 of 186

Login Form