අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය අද (21) නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට ගාල්ල ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසුව එයට එරෙහිව ඥාතීන් විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවය.
මියගොස් ඇත්තේ 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් පසුව හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.
මෙම තැනැත්තාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.
කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස එහිදී මරණකරුගේ ඥාතීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තැනැත්තාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කළාය.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA-%E0%B6%91%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB-%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A/1-583637
ශ්‍රී ලාංකිකයන්ට මව්බිමේ මිහිදන්වීමට අයිතිය දිය යුතුයි
(නිමල කොඩිතුවක්කු)
ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ඉඩ දිය යුතු බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
"ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල,මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මියයන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදුකරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමකි.
කොවිඩ් වසංගතයෙන් මියයන ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පලවූ වාර්තාවන් පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කනස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක්කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි. අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.
මෙම සංවේදී කාරණයට අදාලව රජය නොයෙක් ආකාරයේ සාකච්ජාවන්හි නිරතව සිටින බවට වාර්තා පළවන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම්ගත නොහැකිය. එමඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනස් කොට සලකන බවට බාහිර සමාජය තුළ අපකීර්තිමත් මතයක් ගොඩනැගීමට අනුබල සැපයීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන ඕනෑම ආකාරයේ අන්තවාදී බලවේගන්ට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමකි. මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රධාන නගර කිහිපයකදීම ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා රැළි කෙරෙහි අවධානය යොමුකිරීම මඟින් ද ඒ බව අවබෝධ කරගත හැක.
ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසටය. ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
http://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92/101-583671


now in the community and nobody has immunity against it since it’s a new virus. He made these observations in his capacity as a specialist in the fields of bacteriology and virology. Having obtained a Diploma in Bacteriology from the London School of Hygiene & Tropical Medicine and a Ph.D. in virology from the University of London, he also served as the Director of the Medical Research Institute in Colombo. He headed MRI’s virology department and apart from that he was a consultant virologist at the Edinburgh City Hospital’s Regional Virus Laboratory and deputy director of the Victoria Infectious Diseases Reference Laboratory in Melbourne. He was the leader of the Lanka Samasamaja Party prior to joining the SLPP.
Q
not. We need to follow health precautions as a habit. Now there’s an element of fear and it is the authorities who are communicating the message and people are reacting to the authoritative approach. We see people wearing the mask on the neck and wearing it properly when they see the police. By this health education system it will be digested mentally and every person will realise that there’s a danger to one’s life out of self-interest. If we protect ourselves by observing these three rules then the virus itself will die out of the country and we will be free of the epidemic. The PHIs, midwives can do this health education programme, but the decision has to be taken from the top. This will be the lasting and cheapest solution rather than getting vaccines from abroad which are questionable.