පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති සමුළුවට ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත, නාගොඩ අමරවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ද සහභාගී වූහ.
අලුත්ගම සිද්ධිය ගැන කණගාටු වන බවත්, සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන බවත් සමුළුවේ නියෝජිතයෝ කීහ.
http://www.lankadeepa.lk/index.php/top_story/242970
අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.
බෙල්ල තුවාල වී රෝහල් ගත වී සිටින මාධ්‍යවේදියකු පැවසුවේ ධර්ගා නගරයේ කාණුවක දිගාවී නොසිටියේ නම් අද තමා ජීවතුන් අතර නැති බවයි. ඔහුගේ කැමරාව ද උදුරාගෙන ඇත.
තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ කැමරා උදුරාගෙන හෝ පොළොවේ ගසා කඩා දමා ඇත.
පසුගිය 15 වැනි දා ධර්ගානගරයේ දී ලංකාදීප මාධ්‍යවේදියකුගේ වීඩියෝ කැමරාව පොළොවේ ගසා කඩා එහි කැබැල්ලක් ඔහුට දී තිබේ.
එම කැමරාව රුපියල් ලක්ෂයක් පමණ වටිනා බවත්, කැමරාව අහිමි වීමෙන් තම වෘත්තියට දැඩි බලපෑමක් එල්ල වූ බවත් අද පැමිණිලි කළේය.
අල් ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදීන් ගමන් කළ රියකට ද ධර්ගා නගරයේ දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල විය.
http://www.lankadeepa.lk/index.php/articles/242966