Thursday, April 18, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

ගැටුම් නිසා මිය ගිය ගණන හතර දක්වා ඉහළට

User Rating: / 4
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 17 අඟහරුවාදා - 10:32 GMT

අලුත්ගම නගරයේ හානියට පත් කඩ සාප්පු

වැලිපැන්න නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

කලහකාරී පිරිස් එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගොවිපළක මුරකරු ලෙස සේවය කළ දෙමළ ජාතිකයෙකු මරණයට පත්වී ඇති බවයි වැලිපැන්න සිට සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේ.

එකසිය පනහකට අධික පිරිසක් පැමිණ නගරයේ කඩ සාප්පු දොළහකට පමණ පහර දී තිබෙන බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයට පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අවට ගම්වාසීන් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙඩි ශබ්ද

මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වැලිපැන්න නගරය දෙසින් වෙඩි ශබ්ද ඇසුණු බව සංදේශයට අදහස් දැක්වූ පැලාද මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් පැවසුවේය.

‘දිගින් දිගටම වෙඩි ශබ්ද ආවා. එතකොට අපිට ආරංචි වුනා ටවුමට ගිනි තියනවා කියලා. අපි ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නා. කිසිම වැඩක් වුනේ නැහැ. ගිනි තියාගන ඉදිරියට එනවා කියලා ආරංචි වුන නිසා අපේ ගමේ අය එතනට ගිහිල්ල තමයි නගරයේ ඉතුරු කඩ ටික බේරා ගත්තේ’ යයි පැවති තත්වය විස්තර කරමින් විදුහල්පතිවරයා සංදේශයට කියා සිටියේය.

‘අපි පණ බයේ හිටියේ මොකුත් කර ගන්න බැරුව අසරණ වෙලා. ළමයි ඔක්කොම ගොඩක් බය වෙලා හිටියා" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

කලහකාරී පිරිස් අත ආයුධ තිබූ බව පවසන විදුහල්පතිවරයා, ඒ අවස්ථාවේ නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනා දෙනා කිසිවක් නොකළ බවටයි චෝදනා නගන්නේ.

සමගියෙන්

වැලිපැන්න නගරයේ ජීවත් වන සිංහල හා මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වූ පිරිසක් බව පවසන විදුහල්පති ඒ.ආර්.එම් නාහුමන් මෙම ප්‍රහාරය එල්ල කළේ පිටතින් පැමිණි පිරිස් බව ප්‍රකාශ කළේය.

වැලිපැන්න නගරයේ ගෙවල් කිහිපයක් ඇතුළු වෙළඳසැල් කිහිපයක් ගිනිබත් කර තිබෙන බව කියා සිටි විදුහල්පතිවරයා වෙළඳසැල් විසිහයකට පමණ පහර එල්ල කර තිබෙන බවත් එම හානියට පත් වෙළඳසැල් සමහරක් සිංහල ජාතිකයන්ට අයිති ඒවා බවත් පැවසීය.

මේ මොහොත වන විට වැලිපැන්න නගරයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

බේරුවල සහ අලුත්ගම ‍පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු අටේ සිට පැය හතරක් දක්වා තාවකාලිකව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටයි එම තීරණය ගෙන තිබෙන්නේ.

ඊයේ දිනයේ අලුත්ගම ඇතුළු අවට ගම්මාන වල සංචාරය කළ බීබීසී මාධ්‍යවේදීන්ට දැක ගත හැකි වූයේ වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටි බවයි.

වැඩි තොරතුරු සඳහා

 

‘පිට අයයි ගැහුවේ’ – අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ

June 17, 2014 at 9:41 am | lanka C news

‘පිට අයයි ගැහුවේ’ – අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ

**

අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.

රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බව ගම්වාසීන් පවසති.

ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටී.

මේ අතර අලුත්ගම නගරයේ සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරති.

ගැටුම් ආරම්භ වීමත් සමග දෙපාර්ශවය ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඉන් අනතුරුව වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.

- BBC

http://lankacnews.com/sinhala/main-news/117549/

 

ඔවු අපි ජාතිවාදී.. ඔවු අපි ආගම්වාදී.. – ඥාණසාර හිමි අළුත්ගමදී [Video]

June 17, 2014 at 12:01 am | lanka C news

ඔවු අපි ජාතිවාදී.. ඔවු අපි ආගම්වාදී.. – ඥාණසාර හිමි අළුත්ගමදී [Video]

තම සංවිධානය ජාතිවාදී සහ ආගම්වාදී බව සැබෑවක් යයි බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් මේ බව පැවසුවේ පසුගිය 15 වනදා අලූත්ගම නගරයේ පැවති බොදු බල සේනා විශේෂ සමුළුව අමතමිනි.

එම සමුළුවෙන් පසුව අළුත්ගම නගරයේ ඇතිවූ ගැටුම් නිසා තිදෙනෙකු මියගොස් 80 දෙනෙක් පමණ තුවාල ලැබීය.

 

 

 

http://lankacnews.com/sinhala/main-news/117535/

   

‘අලුත්ගමදි ජාතිවාදය ඇවිස්සුවා‘

රජය නිහඩව සිටියේ ඇයිදැයි රනිල් අහයි

 

බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.

‘ අලුත්ගම වෙළෙඳසලකට පහර දීමේ සිද්ධියක් හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අලුත්ගම රැස්වීමට කළින් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වන සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානි ද සිදුවී ඇති බවයි අපට දැනගන්නට තිබෙන්නේ.‘

ජුනි 15 වැනි දා අලුත්ගම දී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ බවත්, එම රැස්වීමට පිට ප්‍රදේශවල සිට බස්වලින් සෙනඟ රැගෙන ගොස් ඇති බවත්, රැස්වීමේ කතා මගින් ජාතිවාදය අවුලුවා අනතුරුව පෙළපාළියක් ලෙස   මුස්ලිම් ජනතාව ජීවත් වන ධර්ගා නගරය ඔස්සේ ගමන් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

‘ප්‍රදේශයේ සංඝරත්නය රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය පළාතේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.‘

‘එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජන පීඩා වන්නේයැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.‘

‘ගැටුම් පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ කවර හේතු නිසා දැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් දැන ගැනීමට කැමතියි.‘

 

http://www.lankadeepa.lk/index.php/articles/242870

 

මාවනැල්ල බොදු බල රැස්වීමට තහනමක්

බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී  රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.

http://www.lankadeepa.lk/index.php/articles/242856

   

Page 190 of 213

Login Form