මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.
අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/242286
අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.
බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/242332