Wednesday, 07 July 2021 15:37
Former STF Commandant Senior DIG (Rtd.)M.R. Lattif has been appointed to the disciplinary committee of the Sri Lanka Cricket Board.
The SLC Executive Committee has appointed Lattif to the five-member committee headed by Ajith Weerasinghe.
The other members of the committee are, Niroshan Perera, Nalinda Ilangakoon and Anura Chandrasiri.(DSB)
https://www.dailymirror.lk/breaking_news/Fmr-STF-Commandant-Lattif-appointed-to-SLC-disciplinary-committee/108-215300
Wednesday, 07 July 2021 15:35
අත්අඩංගුවට ගෙන මාස 10 ක් තිස්සේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නෙකර පොලිස් රැදවුම්බාරයේ රදවා තබා සිටින මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වහාම මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කළේය.
සාහිත්‍යය නිර්මාණ හරහා මුස්ලිම් අන්තවාදයට ආධාර අනුබල දුන් බව ට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැදවූ අතර එහිදි අධිකරණය මෙම නියෝගය කරන ලදී.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මෙම පෙත්සම පිළිබද නීතිපති සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ කේ.කනග් ඊස්වරන් මහතා කියා සිටියේ පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් ඇති බැවින් ඒවා නිවැරදි කිරීමට අවසර ලබා දෙන ලෙසය.
අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
මෙම පෙත්සම ලබන අගොස්තු 04 වැනි දින කැදවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා සති දෙකක් තුන ගොනු කරන්නැයිද නීතිපති ට නියම කළේය.
මුස්ලිම් ජාතික කවියකු වන අනාෆ් ජසීම් වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ , පොලිස්පති , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු කවියෙකි .කෙටිකතාකරුවෙකි.ලේඛකයෙකි.පෙත්සම්කරු ළමා කාලයේ සිටට ලේඛන නිර්මාණකරණයේ නිරතව සිටි අයෙකි.ඒසේම ඔහු සිය නිර්මාණ වෙනුවෙන් සම්මාන අගැයුම්ද ලබා ඇත්තෙකි.ඔහු කිසිවිටෙක සිය නිර්මාණ තුළින් අන්තවාදය හෝ ප්රචණ්ඩත්වය ව්‍යාප්ත කර නොමැත.
පෙත්සම්කරුව සියි නිවිසේ සිටියදී 2020 වසරේ මැයි 06 වැනිදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගෙන ඇත.
පෙත්සම්කරු ගේ නිර්මාණ තුළින් මුස්ලිම් අන්තවාදයට සහ ළමා හිංසනයට සහයෝගය ලබා දීම යන්න ඔහුට එරෙහිව චෝදනා වශයෙන් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් රැදවුම් නියෝග යටතේ රදවා තබා ගෙන ඇත.
දැනට මාස 10කට ආසන්න කාලයක් ගෙවී ඇතත් පෙත්සම්කරුව කිසිදු මහේසත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , තමන් රැදවුම් බාරයෙන් වහාම මුදා හැරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කේ.කනග් ඊශ්වරන් මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
https://www.lankadeepa.lk/latest_news/%E2%80%99%E2%80%99%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%86%E0%B7%8A-%E0%B6%A2%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E2%80%99%E2%80%99-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A/1-594192