Tuesday, 26 January 2016 13:40
අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කළැයි සැකපිට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාරි හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
(ඡායාරූප - මුදිතා දයානන්ද)
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)
http://www.lankadeepa.lk/index.php/top_story/379884
Tuesday, 26 January 2016 13:38
පොලිසිය අධිකරණයේ දොරවල් වහයි : බළඇණිත් කැඳවයි
අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහස කළැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවිය අසලට පැමිණ සිටි තවත් භීක්ෂූන් පිරිසක් තමන්ද රිමාන්ඩ් කරන ලෙස කෑකෝ ගසන්නට වූහ.
‘අපිත් රිමාන්ඩ් කරපල්ලා. කොල්ලනේ වරෙල්ලා‘ ආදී ලෙස ඔවුහු කෑ ගැසූහ.
බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට නිදා ගත්හ.
තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය ගේට්ටුව වසා එය වැළැක්වීය.
ඉන් පසු ඔවුහු තාප්පයෙන් උසාවි භූමියට ඇතුළු වූහ.
අධිකරණ සංකීර්ණයේ දොරටුව වසා දමා ඇත. හිමිවරු භූමියේ සිට කෑකෝ ගසති. අධිකරණයේ දොරවල් වසා ඇතුළේ අධිකරණ වැඩ කටයතු කරගෙන ගියේය.
මෙම කලඹගෑනියත් සමග පොලිසිය කැරලිමර්දන සහ ජල ප්‍රහාරක රථය කැඳැවීය. අවට පොලිසිවලින් 300ක් පමණ පැමිණ සිටිති.
http://www.lankadeepa.lk/index.php/top_story/379886