Friday, 14 August 2015 11:01
පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන්ට අගමැති කම ලබා ගැනීමට ඉඩ දෙන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා පිටු හතරක ලිපියක් ලියමින් කියා සියින්නේ 21 වැනි සියවසේ ඒකාග්‍රතාවයෙන් සහ වාර්ගික සන්හින්දියාවෙන් සපිරුණු නුතන ශ්‍රී ලාංකීය ජාතිකත්වය ගොඩනැගිය යුතු මොහොතක ජාතිවාදයේ ගිනි දළු අවුළුවා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම රටටත් පක්ෂයටත් කරන අපරාධයක් බවයි.
එළඹෙන මැතිවරණයේ දී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 ක සීමාවට ළඟා වීමට එජනිස යට හැකි වුවහොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ දීර්ඝ ලිපියක් මගින්.
යම් හෙයකින් ආණ්ඩු බලයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකිව ආසන්න සීමාවට ළඟා වුවහොත් ආණ්ඩු බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබාගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමාට මැදිහත් විය හැකි බවද ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කරයි.
අගමැති තනතුර සඳහා කෘතහස්ත බවත් , දේශපාලන පරිණත බවත්, දූරදර්ශී බවත් සපිරි නායකන් රැසක් ශ්‍රීලනිපයේ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් ප්‍රකාශ කරයි.
නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම් ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත් , සහ අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් අතුරින් කෙනෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට සුදුසු බවට ඔහු යෝජනා කොට තිබේ.
ඒ සඳහා තම සහයෝගය, නම්‍යශීලී භාවය, පරිත්‍යාගශීලි භාවය හා ආශිර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන මෙන් , රටෙත්, ජනතාවගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නාමයෙන් ඉල්ලා සිටින බව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
තමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කියවෙන ප්‍රවෘත්තියක් ජන මාධ්‍ය මගින් වාර්තා කොට තිබූ බව සඳහන් කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරයි.
එමගින් මුළු මහත් රටේ ද, ජනතාවගේ ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ අයිතිය සාහසික ලෙස මර්දනය වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
“එපමණක් ද නොව ශ්‍රීලනිපයේ ජීව ගුණය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර කෙලෙසුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට විශාල අසාධාරණයක් සිදු විය. සදාකාලිකව ජනාධිපති ධුරයේ රැඳී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැප වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයන් උදුරා ගත් ආකාරය අවිචාරවත්ය,” යනුවෙන් ජනාධිපතිවරයා සිය ලිපියේ තවදුරටත් විස්තර කරයි.
පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් ධුර කාල දෙක නිමවා විශ්‍රාම ගියේ නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතරින් අයකුට ජනාධිපති වීමටත් තවත් අයකුට අගමැති වීමටත් අවස්ථාව උදාවන්නට ඉඩ තිබුණු බව ප්‍රකාශ කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් පෙනී යන්නේ මෙම මැතිවරණයෙන් පසුව ද ඔවුන් හට හිමි විය යුතු අවස්ථාව අහිමි කිරීමට සැරසෙන බව යයි පෙන්වා දෙයි.
ශ්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1951 දී පක්ෂයේ ප්‍රථම නිලධාරී මණ්ඩලයට රටේ වාර්ගික, ආගමික සහ සමාජ යථාර්ථය පූර්ණ වශයෙන් නියෝජනය වන පරිදි බර්නාඩ් අලුවිහාරේ, බද්දුදීන් මොහමඩ් සහ තංගරාජා වැනි සමාජ සම්භාවනාවට පත්වූවන් පක්ෂයේ නිල තලවලට පත් කිරීමට තරම් විචක්ෂණ වූ බව ජනාධිපතිවරයා සිය ලියුමේ සඳහන් කොට තිබේ.
1956 දී ශ්‍රීලනිප ය වාර්ගික හා ආගමික නැඹුරුවක් සහිත පක්ෂයක් යයි යම් අදහසක් ගොඩ නැගුනත් විශේෂයෙන් බණ්ඩාරනායක මැතිණිය සහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂයට නායකත්වය දුන් සමයේ එම තත්වය වෙනස් වූ බව ඔහු ප්‍රකාශ කරයි.
එසේම පක්ෂය ශ්‍රී ලංකාවේ වාර්ගික, ආගමික සහ සමාජීය බහුවිධත්වයට අනුකූල , සියලු ජනවර්ග සහ ආගමික කණ්ඩායම් නියෝජනය කරන ප්‍රගතිශීලී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩ නැගුනු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
“එහෙත් ඔබ ශ්‍රීලනිප යට නායකත්වය දුන් පසුගිය වසර නවය තුළ මෙම පක්ෂය ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථය වන බහුවිධත්වයට පිටු පෑ පක්ෂයක් බවට පත්ව ඇත,” මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
http://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150813_maitrhree_letter
Thursday, 13 August 2015 23:24
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අපහාසවන අයුරින් මහනුවර ඩී.ඇස්.සේනානායක වීදියේ පෝස්ටර් මුද්‍රණය කළ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
‘හොඳ හිත‘ නමැති එම මුද්‍රණාලයේ සිටි සැකකරුවන් 7 දෙනකු අත් අඩංගුවට ගත් බවත් එහි තිබූ පෝස්ටර් 800ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/340134