Friday, 17 July 2015 11:33
அகில இலங்கை ஜம்இய்யதுல் உலாவின் பிறைக் குழுவின் பொதுச் செயலாளர் அஷ்ஷெய்க் ஏ.எம்.ஏ.அஸீஸ் மற்றும் இணைப்பாளர் அஷ்ஷெய்க் எம்.அப்துல் வஹ்ஹாப் ஆகியோரினாலேயே இந்த அறிக்கை வழங்கப்பட்டது.
புனித ஷவ்வால் மாத தலைப் பிறை தீர்மானிக்கும் மாநாடு எதிர்வரும் வெள்ளிக்கிழமை மஃரிப் தொழுகையினை அடுத்து கொழும்பு பெரிய பள்ளிவாசலில் நடைபெறவுள்ளமை குறிப்பிடத்தக்கது.
Wednesday, 15 July 2015 10:30
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
2015 ජුලි 14 11.20 p.m
(පැතුම් වික්‍රමරත්න)
එළැඹෙන මහ මැතිවරණයේදී මැදහත් පිළිවෙතක් අනුගමනය කිරීමට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී. මහින්ද රාජපක්ෂ මහතා සමග තමාට කිසිදු ගනුදෙනුවක් නොමැති බවත් ජනවාරි 08 දින තමා තුළ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි තිබූ විරෝධය තවමත් එසේම පවතින බවත් අද (14) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනවාරි 08 දින ලැබූ ජනවරම හා ඒ හරහා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි බහුතර පිරිසක් එළැඹෙන මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පසුගිය ජනවාරි 08 දින පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියටත් පරාජයට පත් වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළද අගමැති ධුරය දීම සඳහා ඔහුට වඩා සුදුසු ජ්‍යෙෂ්ඨයින් ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට තමා කිසිදු ලෙසකින් එකඟ නොවූ බවත් ඊට අවස්ථාව දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය වැරදි බවට ඇතැමුන් චෝදනා කළද එය නිවැරදි තීරණයක් බවත් එසේ නොවී මහින්ද රාජපක්ෂ මහතා සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහය නොලැබෙනු ඇති බවත් එමගින් මහජනතාවට යහපතක් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා නොලැබුණි නම් වෙනත් පක්ෂයකින් ඔහු ඡන්දය ඉල්ලනු ඇති බවත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ උත්සාහයක් පැවැති බවත් ජනාධිපතිවරයා මෙහිදී හෙළිදරව් කළේය.
මහ මැතිවරණය සාධාරණව හා නිදහස්ව හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පසුගිය කාලයේ තමන්ට පාවා දෙන්නා, ද්‍රෝහියා ලෙස ඇතැම් මාධ්‍යද ඇතුළු විවිධ කොටස් බරපතළ ලෙස චෝදනා කළ බවත් තමා මේ රට තුළ ඇති කළ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය ඒ තුළින්ම පැහැදිලි වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
තමා දී ඇති එම නිදහස වල්බූරු නිදහසක් ලෙස භාවිතා නොකරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන ලෙස දන්වන්න යැයි තම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීම මෙන්ම අගමැති අපේක්ෂකත්වය දීමද තමා තරයේ ප්‍රතික්‍ෂේප කළ බවත් ඔහුට නාම යෝජනා දීම හරහා එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වන බව තමා පැහැදිලිව ප්‍රකාශ කර සිටි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගැනීම පිළිබඳත්, මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබඳත් ඔහුට නාම යෝජනා ලැබිම පිළිබඳත් මට චෝදනා එල්ල වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මා භාර නොගත්තා නම්, පාර්ලමේන්තුවේ මන්ත්‍රීවරු 47ක් පමණක් සිටින අගමැතිවරයාට දින සියයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනා යාමට බැරිවනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කර ගැනීමට බැරිවනවා.
එසේම අයවැය යෝජනා සම්මත කර ගැනීමටද නොහැකිවනවා. එසේ වූවා නම් ජනතාවට පහුගිය දින 100 තුළ දුන් සහන ලබාදීමට නොහැකි වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම මම ඔහුට නාමයෝජනා දීම හෝ අපේක්ෂකත්වය දීම තරයේ ප්‍රතික්‍ෂේප කළා. එහිදී මම මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම, ඔහුට සහය දුන්, නිදහස් සන්ධානයේ, නායකයින්ට මා ප්‍රකාශ කර සිටියේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ආපසු හැරවීමට නොහැකි බවයි
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දුන් විට දෙමළ මුස්ලිම් ඡන්ද ලැබෙන්නේ නැති බවත් මම ප්‍රකාශ කළා. එසේම ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින දූෂණ විරෝධී රැල්ල අපගේ රටට සහන නොදීමට පියවර ගනීවි. එසේම දූෂණය පිටු දකින, බලය අයුතු ලෙස භාවිත නොකරන, යහපාලනයක් රට තුළ ගෙනයාමට ඔබ සුදුස්සකු නොවන බවත් මා එහිදි මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළා.
එසේම ඔබගේ පාලන කාලය තුළ පවුල්වාදය, දූෂණය, වංචාව, ව්‍යාප්ත වී තිබූ නිසා මෙරට තරුණ ප්‍රජාවගේ ජන්දයද ඔබ ආවෝත් අපට නොලැබෙන බව මම මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී, ඉන් අනතුරුව 20 වැනි සංශෝධනයද වහා ඉදිරිපත් කරන බව නිදහස් සන්ධානයට අප පොරොන්දු වුණා. 19 ඉවර වෙලා මම බලා සිටියා 20 ගේනකම්.
එහෙත් 19 ය හදපු අයගේ අතින් 20 හැලුනා. එසේම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතද ගෙන ආවේ නෑ. විගණන පනත ගෙනාවෙත් නෑ. ඒවා ඉතා වැදගත් පනත්.
පක්ෂයේ අපේක්ෂකයින් තේරීමේ ක්‍රියාවලිය දවසේ එම පක්ෂයේ අභ්‍යන්තරය මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දී ඔහුට අගමැති අපේක්ෂකත්වය දෙන ලෙස සන්ධානයේ නායකයන් මට කිව්වා. මම එය ප්‍රතික්‍ෂේප කළා. ඔවුන් මට බැණ බැණ යන්න ගියා. ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ බහුතරයක් මෙන්ම එම පක්ෂයද ඇතුළු සන්ධානයේ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දෙන ලෙස මට බල කළා.
එහිදී මට කළ හැකි කරුණූ 2ක් තිබුණා. පක්ෂයේ සභාපතිකම අත්හැර, අයින් වෙන්නට මට තිබුණා. ඒත් එසේ කළා නම්, මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වනවා. එහෙනම් ඔහු ඔහුට අවශ්‍ය අයට පමණක් පක්ෂයේ නාම යෝජනා දේවි. මගේ කට්ටිය සියලු දෙනාම කපා දමාවි.
සන්ධානය තුළ නාමයෝජනා නොලැබුණානම් මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයකින් ඡන්දයට ඒමට ඉඩ තිබුණා. ඒ ආකාරයෙන් ඔවුන් පාර්ලිමේන්තුවටත් ඒමට ඉඩ තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෑල්ලක් කඩාගෙන රට වටේ යන්න මම කැමති නෑ. එය ජනපතිවරයෙකුට ඔබින්නේ නෑ.
රටේ තිබෙන්නේ ද්විපක්ෂ ක්‍රමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. ඉන් එක් පක්ෂයක් බරපතල ලෙස දුර්වල වූ විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙනවා. එය ඉතිහාසයෙන් ඔප්පු කර පෙන්විය හැකියි. එසේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනු දැකීමට මා කැමති නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න මට අවශ්‍ය නෑ. එම නිසා සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතයට මම ඉඩ දුන්නා. පක්ෂයේ බහුතරය මේ පිළිබඳ තීරණයක් ගන්නා ලෙස මා ප්‍රකාශ කළා. ඒත් මම ඔය අය සමග නැති බව මම පැහැදිලිවම කිව්වා.
ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා හැකි බහුතරයක් කුමන පක්ෂයකින් හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=46565:2015-07-14-18-12-32&catid=42:2012-05-31-04-01-44&Itemid=90