Tuesday, 27 January 2015 21:56
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු යැයි සඳහන් කරමින් කීපදෙනකු අතරේ රුපියල් ලක්ෂ 150ක් දී ඇති බවත් ඒ අතර සුනිල් ජයසේකර වන තමාගේ නමද තිබීමෙන් තමන් වික්ෂිප්ත වී ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මාධ්‍යවේදී ජයසේකර මහතා පැමිණිලි කළේය.
නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා සමග පැමිණියේය.
http://www.lankadeepa.lk/index.php/articles/292815
Tuesday, 27 January 2015 21:54
හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.
http://www.lankadeepa.lk/index.php/articles/292870