Wednesday, 21 January 2015 20:59
2015 ජනවාරි මස 21 17:28:43 | . , කමල් ශ්‍රී ලියනගේ, බිමල් ශ්‍යාමන් ජයසිංහ
හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.
ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.
අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.
http://www.lankadeepa.lk/index.php/articles/291745
Tuesday, 13 January 2015 21:59
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට සැපැත් වූ අද (13) දිනයේ කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වි නොසිටියේය.
මෙම අවස්ථාවට පැමිණෙන්නැයි දන්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කළේ ඉකුත් 09 වැනිදාය. ඒ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරටට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ හෙයිනි.
හිටපු ජනපති එම අවස්ථාවට නොපැමිණියද අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් පාප්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
http://www.lankadeepa.lk/index.php/articles/289861