Monday, July 01, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

හිමිනමගේ වියෝවෙන් මුස්ලිම් ඇසට කඳුළු

User Rating: / 1
PoorBest 

2014 ජූනි මස 30 14:03:07 | . , පුෂ්පකුමාර ජයරත්න

 

රම්බොඩගල්ල ස්වර්ණගිරි රජ මහා විහාරාධිපතිව වැඩ විසු  අඹේපුස්ස සුමංගල හිමියන්ගේ අදාහන පුජෝත්සවයේදී සිංහල මුස්ලිම් සමගියේ තරම කැපී පෙනිණි.

රම්බොඩගල්ල මැදි විදුහල්  ක්‍රිඩාංගණයේදී  ආදහනය සිදු විය.

ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු කළ සුමංගල හිමියන්ගේ අපවත්වීම විහාරස්ථානයේ දායකයින්ට මෙන්ම මුස්ලිම් ප්‍රදේශවාසීන්ට දරාගත නොහැකි පාඩුවක් සේම දරාගත නොහැකි ශෝකයක් ගෙන දුන්නේය.

ඒ ශෝකය කොතෙක්ද යත් සුමංගල හිමියන් සමීපව ඇසුරු කළ  මොහොමඩ්  ෆායිස් මහතාට ද මේ වෙන්ව යාම දරාගත නොහැකි විය.ගිනි දැල්  වදිද්දීත් ඔහු හඩා වැටුණේය.

 

 

 

 

 

 

 

 

‘දැන් තව චණ්ඩියෙක් ඇවිල්ලා‘ - ඇමැති රාජිත

2014 ජූනි මස 30 11:30:37 | . , සනත් ගමගේ

අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්‍රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්‍රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා.

ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.

 

http://www.lankadeepa.lk/index.php/articles/246334

 

ඥානසාර හිමිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ

User Rating: / 1
PoorBest 

June 30, 2014 at 1:01 pm | lanka C news

ඇමරිකාවට ඇතුළුවීම සඳහා බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ වීසා බලපත‍්‍රය අහෝසි කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙසේ උන් වහන්සේගේ වීසා බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඥානසාර හිමියන්ට මේ බව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/news/118285/

   

රට ගිනිතියන භික්ෂුන්ට දඩුවම් දිය යුතුයි

June 29, 2014 at 3:50 pm | lanka C news

රට තුල ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් අවුලන භික්ෂූන් වහන්සේලාට ඒ ඒ නිකායන්වලට අයත් මහානායක හිමිවරු විසින් විනය ක‍්‍රියාමාර්ග ගත යුතුයයි ඇමති තිස්ස විතාරණ මහතා පවසයි.

මෙලෙස හැසිරෙන භික්ෂූන් වහන්සේලාට නීතියෙන් දඩුවම් දියයුතු බව වාමංශික දේශපාලන පක්ෂ  එකමුතුවෙන්  සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයන් සමග ඉකුත් දා පැවති සාකච්ජාවකදී මේ බව ජනාධිපතිවරයාට අවධාරණය කළ බවද ඔහු කිය.

වසර තිහකට අධික කාලයක් යුද්ධයකින් පීඩා විදි ශ‍්‍රි ලාංකික ජනතාව නැවත එවැනි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් නැති අවත් ජාතිවාදය ඇවිස්සෙන පරිදි ක‍්‍රියා නොකිරීම ශ‍්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

http://lankacnews.com/sinhala/news/118221/

 

අලුත්ගම-බේරුවල විනාශයෙන් බොහෝ දෙනකුට රැකියා අහිමිවෙලා

මතුගම - වසන්ත කුමාර

අලුත්ගම - බේරුවල දර්ගා නගරය සහ වැලිපැන්න ප්‍රදේශවල පසුගිය දිනවල ඇතිවූ ගැටුම්වලින් අලාභහානි සිදුවූ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ආයතනවල සේවය කළ කාටත් මේ වනවිට රැකියාවක් නැතිව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා යැයි අලුත්ගම, බේරුවල, දර්ගා නගරය සහ වැලිපැන්න ප්‍රදේශවල සිංහල තරුණ පිරිස් හා අතරමැදි ව්‍යාපාරික සේවා සිදු කළ සිංහල ජනතාව කියති.


මේ ගැටුමෙන් හානියට පත් බොහෝ ව්‍යාපාරික ආයතන විශාල ප්‍රමාණයක් තවමත් විවෘත කර නැත. මේ නිසා මේවායේ සේවය කළ සහ සේවය සැපයූ අතර මැදි රැකියාකරුවෝ විශාල පිරිසක් අතරමංව ඇතැයි එම ප්‍රදේශවල සාමාන්‍ය සිංහල ජනතාව කියති.
හෝටල් ඇතුළු වෙනත් වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල සේවය කළ පිරිස් සහ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවෝ විශාල පිරිසක් මෙසේ අසරණ වී සිටිති. තමන්ට ජුනි මාසයේ සහ ඇතැම් පිරිස්වලට මැයි මස වැටුප් පවා අහිමිවී යැයි ඔවුහු කියති. තම ආයතනවලට සිදුවූ හානි පිළිබඳ සාධාරණයක් විය යුතු යැයි මුස්ලිම් ව්‍යාපාරිකයෝ කියති.

http://www.mawbima.lk/34-62067-news-detail.html

   

Page 92 of 147

Login Form