June 28, 2014 at 3:50 pm | lanka C news
සිංහලයන්ගේ ප‍්‍රහාරයෙන් බේරීම සඳහා දැන් කල යුතුව ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනතාව එක් වීම බව උතුරු පළාත් මහ ඇමති c.v. විග්නේෂ්වරන් මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ දිනයේ උතුරු පළාත් සභා සැසිවාරය අමතමිනි.
පසුගියදා අලූත්ගමදී එල්ල වූ අකාරයේ වූ ප‍්‍රහාරයන්ගෙන් බේරීම සඳහා සුළු ජාතිකයින් වන දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව ජීවත් විය යුතු යයිද කී මහ ඇමතිවරයා උතුරු පළාතට පොලිස් බලතල නොදෙන බවට පවසන ආණ්ඩුව අද සිංහල ජනතාව අත පොලිස් බලතල තිබියදී මුස්ලිම් ජනතාව හිංසනයට ලක් කරන බවත් මෙම හේතුවෙන්ම උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් කීය.
http://lankacnews.com/sinhala/news/118175/
June 28, 2014 at 6:43 pm | lanka C news
පසුගියදා අලූත්ගම දර්ගා නගරයේදී ඇතිවූ ගැටුම් අතරතුර මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැල් කොල්ලකෑ පුද්ගලයන් සිවුදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ස්වර්ණාභරණද ඔවුන් සතුව තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
ඇල්පිටිය දර්ඝා නගරයේ සහ බේරුවල ප්‍රදේශ වල පසුගිය 15 වනදා සිටි හටගත් ගැටුම් සම්බන්ධවෙන් මේ වනවිට පුද්ගළයින් 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
http://lankacnews.com/sinhala/news/118177/