Wednesday, July 03, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

‘පාප්තුමා සමාව ගත යුතුයි’ කී ඤාණසාර හිමිට පල්ලියෙන් ඉතිහාස පාඩමක්

User Rating: / 12
PoorBest 

July 10, 2014 at 10:14 am | lanka C news

කතෝලික සභාව ආගම ප‍්‍රචාරය කිරීම පිණිස රටවල් ආක‍්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැති බව ‘කිතුහඩ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

පසුගියදා බොදු බල සේනා මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගත යුතු යයි කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස එම ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ මාදය නිවේදනය මෙසේය.

පෞද්ගලික ජනප‍්‍රියත්වය වෙනුවෙන් පොදු හදවත් රිදවන නිශ්ඵල ප‍්‍රකාශ කිරීම් වලින් වලකින්න

බොදුබල සේනාවේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසු ගිය දිනක ‘පාප්තුමා බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුයි’ යනුවෙන් මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් මෙලෙස පැහැදිලි කරනු කැමැත්තෙමු.

පළමුව උන්වහන්සේ කරන ලද එම ප‍්‍රකාශය සම්බන්ධව අප සංවිධානය ප‍්‍රමුඛ කතෝලික සභාවේ සාමාජිකයින් විමතියටත්,  කණගාටුවටත් පත් වූ බව සදහන් කරනු කැමැත්තෙමු.

 

NSC Responds to BBS’s call to Ban the Shoora Council

 

10-07-2014

 

PRESS RELEASE:

 

NSC responds to BBS’s call to ban the Shoora Council

 

BBS is an anti-national project aimed at destroying Sinhala-Muslim amity

 

The National Shoora (Consultative) Council (NSC) , a grouping of national level Muslim Organisations, including a cross –section of the community’s intelligentsia and activists is not surprised at the BoduBalaSena’s  (BBS) call to ban the NSC.  The call exposes the BBS as an anti-national project, dedicated to destroying centuries of peaceful amity and co-existence between the Sinhalese and the Muslims of this country by spreading hate, based on falsehood.

 

බේරුවල මරණ දෙකේ පරීක්ෂණ වාර්තා සැකයි බේරුවල මරණ දෙකේ පරීක්ෂණ වාර්තා සැකයි - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

User Rating: / 7
PoorBest 

2014 ජුලි 09 02.07 p.m
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)

බේරුවල සහ අලුත්ගම ගැටුමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බලවත් සැක සංකා මතු වෙන බව විපක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද කීය.අලුත්ගම සහ බේරුවල අවාසනාවන්ත සිද්ධීන් නිසා වැලිපිටිය ප්‍රදේශයේ දෙදෙනෙක් මරණයට පත් වුණා. මේ පිළිබඳව අප සංවේගය පළ කරමින්, විශේෂ කරුණක් පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරවන්නට කැමතියි.
සිද්ධියේ ඇසින් දුටු බොහෝ දෙනෙක් පවසන්නේ මේ මරණ සිදු වූයේ වෙඩි තැබිම් නිසා බවයි. නමුත් මරණ පරීක්ෂණ වාර්තා මඟින් කියවෙන්නේ දරුණු කැපුම් තුවාල නිසා මරණයන් සිදු වූ බවයි. මෙම පරස්පර කතාවන් හේතුවෙන් බලවත් සැක සංකා මතු වෙනවා.
අධිකරණ අමාත්‍යවරයා පවසන පරිදි මරණ පරීක්ෂණ වාර්තාවන් පවා හොරට සකස් කරනවා නම් එය ඉතා දරුණු තත්ත්වයක්. එලෙසම මේ ඝාතනයන් පිළිබඳව පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සම්බන්ධයෙන් මම මෙහිදී අවධානය යොමු කරන්නට කැමතියි. ඒ පරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය තිබුණේ නෑ.
මෙම අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන් වැදගත් කරුණක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළා. ඒ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාශයට පත් ස්ථානයන්ට මතෛක් කැඳවා නැති බවයි. විශේෂයෙන්ම ගින්නෙන් විනාශ වූ ස්ථානයන් වෙත රස පරීක්ෂකයන් කැඳවා ගින්නට හේතුව පරීක්ෂා කිරීම මුළු ලෝකයේම අනුගමනය කරන ක්‍රමවේදයක්. නමුත් මෙහිදී රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නැතුවා පමණක් නොවෙයි එවන් පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සාක්ෂි සියල්ලම මැකී යන අයුරින් ගිනි ගත් ස්ථානයන්හි සියලු සුන්බුන් ඉවත් කොට, යළි පළිසකර කිරීමට හමුදාව යොදා තියෙනවා.
මේ නිසා මහේස්ත්‍රාත්තුමා මේ නඩුවට අදාළ ස්ථානය අවට සුන්බුන් ඉවත් කිරීම සහ පිළිසකර කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. නමුත් අනෙක් සෑම තැනකම සාක්ෂි වසා දැමීමේ ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වන බව මේ සභාවේ අවධානයට ලක් කරන්න කැමතියි. මේ පසුබිම මත මම අධිකරණ ඇමැතිවරයාගෙන් මතු දැක්වෙන ප්‍රශ්න විමසන්නට කැමතියි.
1. වෙඩි උණ්ඩ පාවිච්චි කළ බවට සාක්ෂි ඔබ සතුව තිබෙනවාද
2. මරණ පරීක්ෂණ වාර්තාව නිසි අයුරින් සකස් නොකළ නිලධාරියාට විරුද්ධව ඔබ ගෙන ඇති පියවර මොනවාද
3. ඔබගේ අමාත්‍යාංශය යටතේ රාජකාරි කරන නිලධාරීන් පිටස්තර බලවේගයන්ට හා පීඩනයන්ට යටත්ව ක්‍රියා කිරීම මෙරට අධිකරණ පද්ධතිය බාල්දු කරලීමට වහල් වෙනවා නේද
4. අනාගතයේ එවැනි තත්ත්වයක් වළක්වාලීම සඳහා ඔබ ගන්නා පියවර මොනවාද
5. නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් පරික්ෂණයට සහභාගි නොවුණේ කවර හේතුවක් නිසාද
6. රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තු පරික්ෂණයකින් තොරව සුන්බුන් ඉවත් කරලීමේ ක්‍රියාදාමය ආරම්භ කළ අවස්ථාවේ, එය වැළැක්වීමටත් රජයේ රස පරීක්ෂකයන් කැඳවීමටත් අධිකරණ අමාත්‍යාංශය මැදිහත් නොවුණේ ඇයි

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37997:2014-07-09-08-48-46&catid=64:2012-09-10-14-02-45&Itemid=87



   

එක් මරණයක් වුණේ වෙඩි තැබිමෙන් සැකයක් ඇත්තේ දෙවන වාර්තාව ගැන - - අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්

2014 ජුලි 09 02.25 p.m
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)

අලුත්ගම සහ බේරුවල ඇති වූ සිද්ධීන්ගෙන් හානියට පත් දේපළ ප්‍රතිසංස්කරණය කිරීමට හමුදාවට භාරදීමට ප්‍රථම එම ස්ථානයන්හි සාක්ෂි ඊට අදාළ අංශ විසින් ලබා ගෙන ඇතැයි අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.මේ සිද්ධිය වූ ස්ථානයට ගිය පළමු දේශපාලනඥයා තමන්  බවත් ගිනි ගැනීම් කිසියම් කණ්ඩායමක් විසින් සිදු කළ බවට ජනතාව ප්‍රකාශ කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එම ප්‍රකාශයන් කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකළ හෙයින් එම ස්ථානවලට රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැගුණු බවද ඇමැතිවරයා පැවැසීය.
මෙම ස්ථානයන්හිදී සිදුවූ මරණ වෙඩි තැබිම් නිසා සිදුවූ ඒවා බවට ජනතාව තමා සමග පැවැසූ බව කී ඇමැතිවරයා මරණ පරීක්ෂණ වාර්තාව අනුව එහි යම් ප්‍රශ්නයක් පැන නගින බවද කීවේය. මරණ පරීක්ෂණ කටයුතු සඳහා නීතිපතිවරයා යොදා නොගැනීම සම්බන්ධයෙන් පිළිතුරු දෙනවා නම් අදාළ පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත්වරයාට සහය ලබාදීමට ‍පොලීසියට හැකි බව ප්‍රකාශ කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් එදින රාජකාරියේ සිටි ‍පොලිස් නිලධාරීන්ගේ ගිනි අවිද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37998:2014-07-09-08-55-37&catid=64:2012-09-10-14-02-45&Itemid=87


 

බොදු බල සේනාවට අධිකරණයෙන් අවවාද

User Rating: / 10
PoorBest 

 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 7 සඳුදා - 12:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අධිකරණ භූමිය තුල නීතිවේදීන්ට තර්ජනය කිරීමෙන් සහ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින මෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලාට අවවාද කර තිබේ.

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීම යනාදී චෝදනාවලට අදාළව පැමිණිලි කැඳ වූ අවස්ථාවේදීයි එම සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට අධිකරණය විසින් මෙසේ අවවාද කරනු ලැබුවේ.

ඉදිරියේදී මෙවැනි පැමිණිලි ඉදිරිපත් වූවොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවට මහේස්ත්‍රාත්වරයා අනතරු අඟවා සිටි බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදි මෛත්‍රී ගුණරත්න මාධ්‍යවලට කියා සිටියේ.

තර්ජනයක්

‘පසුගිය නඩු වාරයේ නඩුව අවසන් වී පිටතට පැමිණි ගලගොඩ අත්තේ ඥානසාර හිමි මා වෙත තර්ජනයක් කළා. ඒ පිළිබඳ මම පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළා’ යයි නීතිවේදි මෛත්‍රී ගුණරත්න පැවසුවේය.

‘නීතිවේදීන් උසාවියට සහාය වන නිලධාරීන් බව ප්‍රකාශ කල මහේස්ත්‍රාත්වරයා ඕනෑම නීතිවේදියකුට මතයක් දැරීමේ අයිතියක් තිබෙන බව කියා සිටියා.’ යයි නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩි දුරටත් පැවසීය.

කුරානය

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නඩුවලට අදාළ සිදුවීම් පිළිබඳ දර්ශන ඇතුළත් සංයුක්ත තැටිවල අඩංගු දත්ත වල නිරවද්‍ය භාවය පිළිබඳ සොයා බැලීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අදාළ පැමිණිලි ලබන සැප්තැම්බර් මස පළමු වනදා කැඳවීමට නියම කල මහේස්ත්‍රාත් තිලින ගමගේ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ කවර ආකාරයේ බාධක පැමිණියත් කුරානය පිළිබඳ තමා විසින් දක්වන අදහස් නතර නොකරන බවයි.

   

Page 155 of 213

Login Form