Saturday, June 29, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

හැකිනම් මාව අත්අඩංගුවට ගනින්ලා… වැඩපිලිවෙලක් අරඹනවා.. කොහෙන් ඉවර වෙයිද දන්නෙ නෑ..

http://lankacnews.com/sinhala/main-news/118360/

මුස්ලිම් ලෝකය හෝ බටහිර සනසන්න අහිංසක තරුණයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගන්නා ආණ්ඩුව අවි අත දරා නගරවල සැරිසරන මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගන්නේ යයි බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තමන් වහන්සේ වරදක් කර ඇත්නම් ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගන්නා ලෙසයි.

තව දුරටත් තොදොල් වෙන්නට ආවොත් වැඩපිළිවෙලක් පටන් ගැනීමට තම සංවිධානය සූදානම් බවත් පැවසූ උන් වහන්සේ එය කොහෙන් ඉවර වෙන්නේදැයි බැලිය හැකි යයිද කීහ.

 

 

යළි ගොඩනැගෙන අලුත්ගම

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 1 අඟහරුවාදා - 18:39 GMT

ජීවිත තුනක් බිලි ගනිමින් සහ නිවාස හා ව්‍යාපාරික ස්ථාන එක සිය තිස් හතකට ආසන්න ප්‍රමාණයකට හානි සිදු කරමින් ජුනි පහළොස් වැනිදා අලුත්ගම සහ බේරුවල පැතිර ගිය කෝලාහලවලින් අනතුරුව ප්‍රදේශවාසීන් මේ වන විට යලිත් සිය සාමාන්‍ය දිවි පෙවෙත ගත කිරීමට උත්සාහ දරමින් සිටියි.

විනාශ වූ නිවාස යළි ඉදි කිරීමට මෙන්ම කෝලාහල හේතුවෙන් හට ගත් මානසික කම්පනයට පිළියම් යෙදීමටත් බලධාරීන් මෙන්ම ස්වේච්ඡා සේවකයන්ද කටයුතු කරති.

සාමකාමිව

මේ ප්‍රදේශ වල ජිවත් වන ජනතාවට අවශ්‍යව ඇත්තේ ගැටුම් වලින් තොරව සාමකාමිව ජිවත් වීමට බවයි බීබීසී වාර්තාකරු ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න පවසන්නේ.

‘අපි කිසිවෙක් සමග මතභේදයක් තබන් හිටියේ නැහැ. පිටින් ආපු දෙපිරිසක් අතර මතභේද ගැටුම් ඇති වුනා. එයින් අන්ත අසරණ වුනේ අතරමැදිව සිටි අපියි.’ යයි අධිකාරිගොඩ ජිවත් වන ටෙල්කා ශ්‍රියානි පැවසුවාය.

මෝඩ මිනිස්සු

‘අද වන විට තත්වය සාමාන්‍ය අතට හැරිලා තියනවා, නමුත් මොනවා වෙයිද කියල කියන්න බැහැ. මොකද මෝඩ මිනිස්සු ඉන්නවනේ.” යයි පවසන මොහොමඩ් නයීම් තමාට රුපියල් කෝටියකට ආසන්න දේපළ අලාභ හානි සිදු වී ඇති බව කියා සිටියි.

විනාශ වූ අලුත්ගම ගොඩනැගීම සඳහා මේ වන විට අලුත්ගම සංවර්ධන පදනම බිහි වී තිබේ .

එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන සාදීක් හුසේන් ප්‍රකාශ කරන්නේ සිදු වූ දේ පිළිබඳ කතා කිරීම පසෙකලා නැවත ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජිවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කල යුතු බවයි. ප්‍රදේශය යථා තත්වයට පත් වීමට මාසයක් පමණ ගත විය හැකි බව සාදීක් හුසේන්ගේ අදහසයි.

කුපිත

දේශපාලනික උවමනාවන් මත සහ සමාජ කොටස් වල අවශ්‍යතාවයන් මත ජනතාව කුපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලුත්ගම සිදුවීම හැදින්විය හැකි බව එම ප්‍රදේශයේ සංචාරය කළ දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ශඛාවේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර පවසයි.

මේ තත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ හැරියොත් එය දිගු කාලීන සහජීවනය ගොඩ නැංවීමට බාධාවක් බවයි ලක්ෂ්මන් ගුණසේකර වැඩි දුරටත් කියා සිටින්නේ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140701_aluthgama_sinhalese_muslim.shtml

 

බොදු බල සේනා රැකීමට රජය 'මාධ්‍ය වාරණය' කළා

User Rating: / 4
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 1 අඟහරුවාදා - 16:54 GMT

 


ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

භික්ෂූන් වහන්සේ නමකට කළ පහර දීමකට ප්‍රතිචාර වශයෙන් අලුත්ගම ගැටුම ඇතිවූ බව මාධ්‍ය තුලින් පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් එය එසේ නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අලුත්ගම සිද්ධීන් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදීන් මුහුණ දුන් ගැට‍ළු සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවිධාන 11ක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේ.

‘මාධ්‍යයට කිව්වේ දර්ගා නගරයේ සිද්දියට කව්ද ආවේ කියලා කියන්න එපා කියලා, අලුත්ගම රැස්වීම කලෙත්, දර්ගා නගරයට ගියෙත් ප්‍රදේශයේ අය නෙවෙයි, ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා නෙවෙයි, බොදු බලසේනාව ආණ්ඩුවේ සහයෝගය ඇතුව එතනට යැව්වා’ රනිල් වික්‍රමසිංහ පවසයි.

අලුත්ගම සිදුවීම වර්තා කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට වාරණ පැන වුයේ මෙම ප්‍රහාරයට සම්බන්ධ බොදු බල සේනා සංවිධානය හා ආණ්ඩුවේ කොටස් ආරක්ෂා කිරීම සඳහා බවයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

අලුත්ගම සිදුවීමේ දී මධ්‍ය වරණයක් රජය පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ජාතික හෙළ උරුමයද ආණ්ඩුව විවේචනය කළ නමුත් රජය කිසිදු මාධ්‍ය වාරණයක් අලුත්ගම සිද්ධියට නොපැනවූ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ට්විට්ටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

‘නිල නොලත් මාධ්‍ය වාරණය නිසා ඇත්ත හෙළි වුණේ නැහැ, ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුනා, ඇත්ත හෙළි නොකරපු නිසා මේක කළේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් කියලා කිව්වා, ඒ ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසම මට කිව්වේ මේක පිටින් ආපු අය කළ දෙයක් කියලා’ රනිල් වික්‍රමසිංහ පැවසීය.

‘රැස්වීමට ගිහින් කතා කලේ බුද්ධාගම ගැන නෙවෙයි, කුණු හරප ගැන, එතනින් තමයි මේක පත්තුවුනේ’ විපක්ෂනායකවරයා තවදුරටත් කියා සිටියේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140701_ranil_media_aluthgama_video.shtml

   

බොදු බල සේනාව පිටුපස 'අදිසි හස්තයක්'

User Rating: / 3
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 1 අඟහරුවාදා - 17:59 GMT

 

ජාතිවාදී, ආගම්වාදී ගැටුම්වලට අනුබල දෙන බොදු බල සේනා සංවිධානය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව ජාතික භාෂා සහ සමාජ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

"එහෙම තමයි හිතා ගන්න තියෙන්නේ. ඒ හස්තය මොකක්ද කියන එකයි දැන ගන්න ඕන, හරි විදියට කියන්න," යනුවෙන්ද ඇමතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

'බොදු බල සේනා කියන ඒවා පිළිගන්නවා නම් ඒ අය යන්න ඕන පිස්සන් කොටුවට'

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවට බාධා වෙන ආකාරයේ ජාතිවාදය හෝ ආගම්වාදයට අනුබල දෙන වෛරී සහ කුපිතකාරී ප්‍රකාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට ඉදිරිපත් කළ සංශෝධනයක් මාස ගණනක් මුළුල්ලේ කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුලත් කොට නැති බවද අමාත්‍යවරයා පිළිගත්තේය.

එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එය න්‍යාය පත්‍රයට ඇතුලත් නොකර සිටින බවට රාවය පුවත්පත පළ කොට තිබුණු වාර්තාව තමන්ට අනුමත කළ නමුත් "ප්‍රමාදයක් තිබෙන" බවයි ඔහු පවසන්නේ.

අදාළ සංශෝධනය ක්‍රියාත්මක නොවුවත්, පවතින නීතිය යටතේ පවා බොදු බල සේනා සංවිධානයේ "ජාතිවාදී, ආගම්වාදී වෛරය අවුස්සන සුළු ප්‍රකාශවලට" එරෙහිව ක්‍රියා කළ හැකි බව ඇමතිවරයා අවධාරණය කරයි.

'පිස්සන් කොටුවට'

අමාත්‍ය වාසුදේව නානායක්කාර ඒ අදහස් පළ කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ නොකළ බවටත්, අලුත්ගම ගැටුම්වලට අනුබල නොදුන් බවටත් බොදු බල සේනා සංවිධානය කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "බොදු බල සේනා කියන ඒවා පිළිගන්නවා නම් ඒ අය යන්න ඕන පිස්සන් කොටුවට," බවයි.

බොදු බල සේනාවට සහාය දෙන බවට එල්ල වන චෝදනා ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කරයි

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනාවට සහාය දෙන්නේ දැයි තමන්ටද ප්‍රශ්නාර්ථයක් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

එහෙත් බොදු බල සේනා සංවිධානයට සහාය දෙන බවට එල්ල වන චෝදනා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි. එම චෝදනාව සනාථ කළහොත් තමන් පදවියෙන් ඉල්ලා අස් වන බව ඔහු ඩේලිමිරර් පුවත්පතට පවසා තිබුණි. එම චෝදනාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ගෙන් කරුණු විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

සඳුදා සහ අඟහරුවාදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ රටේ පවතින වාතාවරණය, අලුත්ගම ගැටුම, විධායක ජනාධිපති ක්‍රමය, ශ්‍රී ලංකාවට එරෙහි අභියෝග වැනි බොහෝ කරුණු සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් විවෘතව අදහස් දැක්වූ බව අමාත්‍ය නානායක්කාර පැවසීය.

කෙසේ නමුත් සාකච්ඡා වූ කරුණු පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140701_vasudeva_bbs_hate_speech.shtml

 

ගැටුම් විසඳීමට නැති හමුදාව යලි ඉදිකිරීමට 'එපා'

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 30 සඳුදා - 14:02 GMT

අලුත්ගම සහ බේරුවල ගැටුම්වලදී විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි යලි ඉදි කිරීමේ කටයුතු වලට යුද හමුදාව යෙදවීම ශ්‍රී ලංකාව මිලිටරිකරණයේ තවත් එක් පියවරක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම් වැලැක්වීම වෙනුවෙන් යොදා නොගත් ආරක්ෂක හමුදාව, ගැටුමෙන් හානි වූ දේපොළ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යොදා ගැනිම උචිත නොවන බව බීබීසී සංදේශයට කියා සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර, විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඕනෑ තරම් ආයතන ශ්‍රී ලංකාවේ තිබෙන බවද පවසයි.

පසුගිය පහළොස්වන දින හටගත් ගැටුම් වලින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු ගොඩනැගිලි 137 ක් පූර්ණ සහ අර්ධ වශයෙන් විනාශ වී ඇති බව බලධාරීහු පවසති.

එම නිවාස ඇතුළු දේපළ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන දෙසීයක මුදලක් වෙන් කර ඇති බව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති කුස්මන් ද සිල්වා පවසයි.

'සංස්කෘතියට විරුද්ධයි'

හමුදාවේ උපකාරයෙන් මසක් ඇතුලත ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බවද බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සංදේශයට පැවසීය.

"අපේ සංස්කෘතියක් තියනවා. විශේෂයෙන්ම පිටස්තර පිරිමින්ට අපේ කාන්තාවන්ගේ බයක් තියනවා"

තම නිවස ඉදි කර ගැනීම සදහා යුද හමුදාවේ මැදිහත් වීම ගැන සතුටු වන බවයි, පතිරාජගොඩ දී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී ප්‍රදේශවාසියකු වන ධනුජ තිවංක කියා සිටියේ.

හමුදාව ප්‍රතිසංස්කරණ කටයුතු වල නිරත වීම ගැන අකමැත්තක් නොමැති නමුත් ඔවුන් මේ කාර්යයන් හරියාකාරව ඉටු කළ යුතු බව ටී තිලකරත්න පැවසීය.

"අපේ සංස්කෘතියක් තියනවා. අපේ කාන්තාවන් පිටස්තර පිරිමින් ඉදිරියට එන්නේ නෑ. විශේෂයෙන්ම පිටස්තර පිරිමින්ට අපේ කාන්තාවන්ගේ බයක් තියනවා," බවයි, අබ්දුල් මොහොමඩ් සඳහන් කළේ.

අකමැත්තෙන් වුවද යුද හමුදාව සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු වලට ඉඩ දුන් බව, ඒ සී එස් ෆාතිමා කියා සිටියාය.

විනාශ වී තිබෙන තම නිවස පැරණි ආකාරයටම ප්‍රතිසංස්කරණය කරදීමට රජය පොරොන්දු වූ බවද ඇය පවසන්නීය.

 

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140630_aluthgama_rebuilding_video.shtml


   

Page 161 of 213

Login Form