Saturday, June 29, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

අලුත්ගම මරණ පරීක්ෂණ සැකයි: මුස්ලිම් කොන්ග්‍රසය

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 29 ඉරිදා - 18:08 GMT

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140629_aluthgama_hasan_ali.shtml

අලුත්ගම සහ බේරුවල හට ගත් ගැටුම්වලින් මරුමුවට පත්වූවන් ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බරපතළ සැක පවතින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

වෙඩි වැදී මියගිය පුද්ගලයන් පිහි ඇනුම් හේතුවෙන් මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් වන බව පවසන මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් එම්ටී හසන් අලි, පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවද බීබීසී යට කියා සිටියේය.

බලපිටියේ රෝහලට ඇතුළත් කළ සියලු දෙනා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි බව තමා රෝහලේ කළ සංචාරයකදී දැන ගන්නට ලැබුන බවද ඔහු සඳහන් කළේය.

ගැටුම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් තුනට අයත් සාමාජිකයන් එම ජනාධිපති කොමිසමට ඇතුළත් කළ යුතු බව ද මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා පවසයි.

වැඩි තොරතුරු සඳහා

 

අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා - නීතිවේදීන්

User Rating: / 2
PoorBest 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 29 ඉරිදා - 17:29 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

කොළඹ පැවැත්වෙන බොහෝ විරෝධතා රැලිවලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගන්නා පොලිසිය, අලුත්ගමදී කලහකාරී තත්වයක් මතුවීමට අනුබල දී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය ඒ බව කියා සිටියේ, පසුගිය ජුනි 15, 16 දිනවල හටගත් ගැටුම්වලින් විනාශයට පත් වූ අලුත්ගම ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

'පොලිසියේ නීති විරෝධී පියවර වෙනස් කිරීමට ශක්තිය ඇති එකම පුද්ගලයා රජයේ නීතිපතිවරයා'

විශේෂයෙන්ම ඒ අවස්ථාවේ අලුත්ගම පැවති වාතාවරණය අනුව, බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැලිය සහ පෙළපාලියට අනුමැතිය පළ කිරීමෙන් පොලිසිය වැළකිය යුතුව තිබුණු බවද නීතිවේදී උපුල් ජයසූරිය, සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේය.

"මොකද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා," යනුවෙන්ද සඳහන් කළේය.

'නීති විරෝධීයි'

එබැවින් අලුත්ගම රැලිය පවත්වා කිසියම් "අයුතු ලාභයක් ලබා ගැනීමට" ඉහල නිලධාරීන් උත්සාහ දරා තිබෙන බව පෙනී යන බවත් ඔහු සඳහන් කළේය.

'අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා'

ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව විනාශ කිරීමට තුඩු දෙන සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් නීතිඥ සංගමය කිහිප වතාවක්ම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පවසන නීතිවේදී උපුල් ජයසූරිය, ඔහු එසේ පියවර ගත්තේ නම් අලුත්ගම සහ බේරුවල හටගත් ගැටුම් වලක්වා ගත හැකිව තිබුණු බවද සංදේශයට කියා සිටියේය.

බොදු බල සේනා සංවිධානය හෝ එහි ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගැටුම්වලට අනුබල දෙන ප්‍රකාශ කළ බවට සාක්ෂි නැතැයි පොලිසිය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි මාධ්‍යවල සහ යූටියුබ් වැනි මාධ්‍ය ජාලවල සටහන්ව තිබෙන බවද කියා සිටියේය.

සාක්ෂි නැති බවට පොලිසිය කරන ප්‍රකාශය නීති විරෝධී බවද ඔහු කියා සිටියේය.

"පොලිසියේ ඒ නීති විරෝධී පියවර වෙනස් කිරීම සඳහා ශක්තිය ඇති එකම පුද්ගලයා තමයි රජයේ නීතිපතිවරයා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා අත් අඩංගුවට ගත යුතු අය අත් අඩංගුවට ගන්න කියල පොලිසියට නියෝග කරාවි කියල," යනුවෙන්ද ඔහු පැවසීය.

මරණ පරීක්ෂණ 'සැකයි'

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

සිය සංචාරයේදී විවේකාරාමයේ විහාරස්ථානාධිපති බඩල්කුඹුරේ ආරියශාන්ත හිමියන්ද හමු වී සාකච්ඡා පැවැත්වූ බව පවසන නීතිඥ සංගමයේ සභාපතිවරයා, විහාරස්ථානය අවට කිසිදු සිංහල හෝ මුස්ලිම් පවුලකට හානියක් සිදු වීමට ඉඩ නොදුන් බව එහිමියන් සනහන් කළ බවද කියා සිටියේය.

කෙසේ නමුත් මුල සිටම තත්වය පාලනය කිරීමට පොලිසිය උත්සුක නොවූ බවට එහිමියන් පැමිණිලි කොට තිබේ.

මේ අතර ගැටුමේදී මිය ගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳව බරපතල සැක පවතින බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කරන ප්‍රකාශය පිළිබඳව නීතිවේදීන් විසින් ඉදිරි දින කිහිපයේදී පියවර ගැනීමට නියමිතව තිබේ.

ඔවුන්ගේ මලසිරුරු යලි ගොඩ ගන්නා මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටීම එවැනි එක් පියවරක් විය හැකි බව නීතිඥ ජයසූරිය සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140629_aluthgama_bbs_basl.shtml

 

Requesting to Delay Rebuilding until Police Complete Investigations

User Rating: / 2
PoorBest 

27-06-2014

Mr. Lalith Weratunga
Secretary to the President
President Secretariat
Colombo

Dear Sir,

​​
Requesting to Delay Rebuilding until Police Complete Investigations

 

The National Shoora (Consultative) Council (NSC), a grouping of several national level Muslim Organisations has issued the following statement on the move to rebuild damaged properties in the recent violence in Aluthgama:

The sudden moves to clean up and rebuild properties damaged by violence in Aluthgama, Beruwala and neighboring areas will destroy evidence that will be vital to be established for the police to complete investigations, required of them according to the Code of Criminal Procedure Act and related laws, so that perpetrators of crime do not benefit from the urgency of the authorities to rebuild the affected premises.

Representations have been made to us by persons from the area that the police have not visited the damaged houses, shops or mosques and recorded their own notes of the nature and extent of criminal offences committed in respect of persons and each of the properties. The law underscores the need to recover and record physical and forensic evidence at each crime site before they are destroyed. For instance, the Government Analyst needs to rule out that the arson committed on shops and houses were not due to electrical short circuit.

All this can be completed within one week, if a hundred police officers are deployed on the job immediately, with strict instructions to complete the legal requirements according to the time frame. This will also ensure that the international community is not given grounds to accuse the government of collaborating with criminals by clearing the debris, without completing investigations. In the circumstances, rebuilding process could be addressed upon duly concluding police investigations.

We decry attempts to portray the unprecedented attack on the Muslim community of the province as an insignificant incident or as a clash between two local groups or one initiated by the area Muslims, all of which are untrue and deeply hurting the community, as ugly as the violence. The insignificance, if at all lies in a private incident that occurred on 12th June, between two drivers of the two communities being hijacked by the Bodu Bala Sena (BBS) to launch a major anti- Muslim campaign in the area on 15th June, within three days of the original event.

While appreciating the condemnations issued across the board by all concerned groups, we condemn the move to blame violence on so called Muslim ‘extremism’, as if violence on such false reasoning is justified.

At the magisterial inquiry on Thursday, June 26, 2014, into the murder by shooting of three Muslims during the attack, it has transpired that STF personnel were present at the scene from which direction the firing occurred and that soon after the shooting the STF personnel came up and spoke to some amongst the victims. The government is duty bound to find out who were the STF personnel on duty at the scene of this crime and duly assist the inquiry in court.

Thanking you.

Yours truly,

Ismail A Azeez
General Secretary
National Shoora Council


Copies: 
Secretary, Ministry of Law and Order, Battaramulla
Secretary, Ministry of Defense & Urban Development, Colombo

   

සිංහලයන්ගේ ප‍්‍රහාරයෙන් බේරීමට මුස්ලිම්-දෙමළ ජනතාව එක් විය යුතුයි

June 28, 2014 at 3:50 pm | lanka C news

සිංහලයන්ගේ ප‍්‍රහාරයෙන් බේරීම සඳහා දැන් කල යුතුව ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනතාව එක් වීම බව උතුරු පළාත් මහ ඇමති c.v. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ දිනයේ උතුරු පළාත් සභා සැසිවාරය අමතමිනි.

පසුගියදා අලූත්ගමදී එල්ල වූ අකාරයේ වූ ප‍්‍රහාරයන්ගෙන් බේරීම සඳහා සුළු ජාතිකයින් වන දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව ජීවත් විය යුතු යයිද කී මහ ඇමතිවරයා උතුරු පළාතට පොලිස් බලතල නොදෙන බවට පවසන ආණ්ඩුව අද සිංහල ජනතාව අත පොලිස් බලතල තිබියදී මුස්ලිම් ජනතාව හිංසනයට ලක් කරන බවත් මෙම හේතුවෙන්ම උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් කීය.

http://lankacnews.com/sinhala/news/118175/

 

 

ජාති ආලයක් නෑ.. දර්ගා ගැටුම දා රන්, මැණික් කඩ කඩලා අත්අඩංගුවේ

June 28, 2014 at 6:43 pm | lanka C news

පසුගියදා අලූත්ගම දර්ගා නගරයේදී ඇතිවූ ගැටුම් අතරතුර මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැල් කොල්ලකෑ පුද්ගලයන් සිවුදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ස්වර්ණාභරණද ඔවුන් සතුව තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

ඇල්පිටිය දර්ඝා නගරයේ සහ බේරුවල ප්‍රදේශ වල පසුගිය 15 වනදා සිටි හටගත් ගැටුම්  සම්බන්ධවෙන් මේ වනවිට පුද්ගළයින්  50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

http://lankacnews.com/sinhala/news/118177/

   

Page 165 of 213

Login Form