10-07-2014
PRESS RELEASE:
NSC responds to BBS’s call to ban the Shoora Council
BBS is an anti-national project aimed at destroying Sinhala-Muslim amity
The National Shoora (Consultative) Council (NSC) , a grouping of national level Muslim Organisations, including a cross –section of the community’s intelligentsia and activists is not surprised at the BoduBalaSena’s (BBS) call to ban the NSC. The call exposes the BBS as an anti-national project, dedicated to destroying centuries of peaceful amity and co-existence between the Sinhalese and the Muslims of this country by spreading hate, based on falsehood.
2014 ජුලි 09 02.07 p.m
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
බේරුවල සහ අලුත්ගම ගැටුමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ බලවත් සැක සංකා මතු වෙන බව විපක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද කීය.අලුත්ගම සහ බේරුවල අවාසනාවන්ත සිද්ධීන් නිසා වැලිපිටිය ප්‍රදේශයේ දෙදෙනෙක් මරණයට පත් වුණා. මේ පිළිබඳව අප සංවේගය පළ කරමින්, විශේෂ කරුණක් පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරවන්නට කැමතියි.
සිද්ධියේ ඇසින් දුටු බොහෝ දෙනෙක් පවසන්නේ මේ මරණ සිදු වූයේ වෙඩි තැබිම් නිසා බවයි. නමුත් මරණ පරීක්ෂණ වාර්තා මඟින් කියවෙන්නේ දරුණු කැපුම් තුවාල නිසා මරණයන් සිදු වූ බවයි. මෙම පරස්පර කතාවන් හේතුවෙන් බලවත් සැක සංකා මතු වෙනවා.
අධිකරණ අමාත්‍යවරයා පවසන පරිදි මරණ පරීක්ෂණ වාර්තාවන් පවා හොරට සකස් කරනවා නම් එය ඉතා දරුණු තත්ත්වයක්. එලෙසම මේ ඝාතනයන් පිළිබඳව පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සම්බන්ධයෙන් මම මෙහිදී අවධානය යොමු කරන්නට කැමතියි. ඒ පරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය තිබුණේ නෑ.
මෙම අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන් වැදගත් කරුණක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළා. ඒ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාශයට පත් ස්ථානයන්ට මතෛක් කැඳවා නැති බවයි. විශේෂයෙන්ම ගින්නෙන් විනාශ වූ ස්ථානයන් වෙත රස පරීක්ෂකයන් කැඳවා ගින්නට හේතුව පරීක්ෂා කිරීම මුළු ලෝකයේම අනුගමනය කරන ක්‍රමවේදයක්. නමුත් මෙහිදී රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා නැතුවා පමණක් නොවෙයි එවන් පරීක්ෂණයක් සඳහා අවශ්‍ය සාක්ෂි සියල්ලම මැකී යන අයුරින් ගිනි ගත් ස්ථානයන්හි සියලු සුන්බුන් ඉවත් කොට, යළි පළිසකර කිරීමට හමුදාව යොදා තියෙනවා.
මේ නිසා මහේස්ත්‍රාත්තුමා මේ නඩුවට අදාළ ස්ථානය අවට සුන්බුන් ඉවත් කිරීම සහ පිළිසකර කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. නමුත් අනෙක් සෑම තැනකම සාක්ෂි වසා දැමීමේ ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වන බව මේ සභාවේ අවධානයට ලක් කරන්න කැමතියි. මේ පසුබිම මත මම අධිකරණ ඇමැතිවරයාගෙන් මතු දැක්වෙන ප්‍රශ්න විමසන්නට කැමතියි.
1. වෙඩි උණ්ඩ පාවිච්චි කළ බවට සාක්ෂි ඔබ සතුව තිබෙනවාද
2. මරණ පරීක්ෂණ වාර්තාව නිසි අයුරින් සකස් නොකළ නිලධාරියාට විරුද්ධව ඔබ ගෙන ඇති පියවර මොනවාද
3. ඔබගේ අමාත්‍යාංශය යටතේ රාජකාරි කරන නිලධාරීන් පිටස්තර බලවේගයන්ට හා පීඩනයන්ට යටත්ව ක්‍රියා කිරීම මෙරට අධිකරණ පද්ධතිය බාල්දු කරලීමට වහල් වෙනවා නේද
4. අනාගතයේ එවැනි තත්ත්වයක් වළක්වාලීම සඳහා ඔබ ගන්නා පියවර මොනවාද
5. නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් පරික්ෂණයට සහභාගි නොවුණේ කවර හේතුවක් නිසාද
6. රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තු පරික්ෂණයකින් තොරව සුන්බුන් ඉවත් කරලීමේ ක්‍රියාදාමය ආරම්භ කළ අවස්ථාවේ, එය වැළැක්වීමටත් රජයේ රස පරීක්ෂකයන් කැඳවීමටත් අධිකරණ අමාත්‍යාංශය මැදිහත් නොවුණේ ඇයි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37997:2014-07-09-08-48-46&catid=64:2012-09-10-14-02-45&Itemid=87