July 7, 2014 at 4:07 pm | lanka C news
තම නිවස වටලන්නට බොදුබල සේනා සංවිධානය එන බවට ලද ආරංචියක් නිසා ඇමති රාජිත සේනාරත්න මහතා පසුගිය පස්වනදා ඊට සූදානමින් නිවසටම වී සිටියද දිනය අවසාන වන තෙක් එය සිදු වී නැත.
ඒ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් කල විමසීකදී ඔහු සඳහන් කලේ තමන් ඕනෑම දේකට සූදානමින් සිටින බවයි. දිනය පුරාම මෙවැනි වැටලීමක් බලාපොරොත්තුවෙන් නිවසටම වී සිටි බවද ඔහු සඳහන් කරයි.
බොදු බල සේනා සංවිධානය රවි කරුණානායක මන්ත‍්‍රීවරයාගෙන් මුදල් ගත් බවත්, එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව සමග සාකච්ඡුා කළ බවත් ඇමතිවරයා පවසා තිබූ අතර,ඊට පිළිතුරු දෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා තිබුණේ ‘සිංහල,දෙමළ,මුස්ලිම් නොවන මේ වගේ කල්ලතෝනි කාලකණ්ණියෝ තමයි මේ රට විනාශ කරන්නේ. මම හිතුවේ රාජිත වැදගත් මහත්මයෙක් කියලා’ යනුවෙනි
http://lankacnews.com/sinhala/news/118687/
July 7, 2014 at 1:46 pm | lanka C news
බොදු බල දේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දැඩි ලෙස අවවාද කබේ.
පසුගියදා කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට කඩා වැදී එහි සිටි පිරිසට බැණ තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙසේ අවවාද කර ඇත.
කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය උන් වහන්සේට පැවසුවේ සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට අයිතියක් ඇති බැවින් එ් නිසා ඔවුන්ට බැණ තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි.
ඥානසාර හිමියන් ප‍්‍රතිපාර්ශ්වයේ නීතිඥවරුන්ට බැණ තර්ජනය කළේ යැයි ලද චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මෙසේ සඳහන් කලේය.
http://lankacnews.com/sinhala/main-news/118691/