Wednesday, June 26, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

සිංහලයෝ මිලේච්ඡයි – ඇමරිකාව

User Rating: / 2
PoorBest 

July 1, 2014 at 12:01 am | lanka C news

සිංහල ජාතිය මිලේච්ඡ ජාතියක් යයි මේ වන විට මුළු ලෝකයම අවබෝධ කරගෙන අවසන් යයි ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී මිෂෙල් ජේ. සිසොන් මහත්මිය පවසා ඇත.

සිංහලයන් ජාතිවාදී ආගම්වාදී ජාතියක් බව අළුත්ගම සිද්ධියෙන් මතු වූ බවද ඇය සඳහන් කර තිබේ.

සිසොන් මහත්මිය මෙසේ පවසා ඇත්තේ කළුතර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඉකුත්දා ඇමරිකානු තානාපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

කෙසේ වෙතත් තානාපතිනියගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් තෙවරප්පෙරමු මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කලේ සිංහලයන් යනු සහජීවනයෙන් යුතුව ජාතීන් සමඟ සුහදව ජීවත් වීමට ඇළුම් කරන පිරිසක් බවයි.

අලූත්ගම ප‍්‍රහාරය සිංහලයන් 95%ක්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවද මන්ත‍්‍රීවරයා එහිදී තානාපතිවරියට පැහැදිලි කර දී ඇත.

http://lankacnews.com/sinhala/main-news/118291/

 

 

අලූත්ගම, බේරුවලට සාමය කැන්දු බඩල්කුඹුරේ හිමියන්ට සම්මානයක්

July 1, 2014 at 12:59 pm | lanka C news

පසුගියදා අලූත්ගම සහ බේරුවල ඇතුළු ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කරමින් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර සාමය නඟා සිටුවීමට කටයුතු කළ දර්ගා නගරයේ පතිරාජගොඩ විවේකාශ‍්‍රමයේ නායක හිමි බඩල්කුඹුරේ ආරියශාන්ත හිමියන්ට විශේෂ ඇගයුම් සම්මානයක් පිරි නැමීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේ සංගමයේ නියෝජිත පිරිසක් ගැටුම් ඇති වූ එම ප‍්‍රදේශවල සිදු කළ සංචාරයකින් අනතුරුව අනාවරණය කර ගත් තොරතුර මත බඩල්කුඹුරේ ආරියශාන්ත නායක හිමි ඇගයීමට ලක් කිරීමට තීරණය කළ බවය.

දර්ගා නගරයේ දී තරුණයන් පිරිසක් පතිරාජගොඩ විවේකාශ‍්‍රමයේ පැවති බණකට පැමිණීමෙන් සිටි හිමිනමකට පහර දුන් බව කියන සිද්ධිය මුල් කර ගෙන ගැටුමක් ඇති කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටිය දී එම තත්ත්වය පාලනය කිරීමට බඩල්කුඹුරේ ආරියශාන්ත ස්වාමීන් වහන්සේ සිංහල හා මුස්ලිම් ජනතාව කැඳවා ඔවුන් අතර සංහිඳියාවක් ඇති කිරීමට කටයුතු කර ඇත්තේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන කෙරෙහි පවා තැකීමක් නොකොට බවද ජයසූරිය මහතා සඳහන් කළේය.

 

මේ අපේ මවු රට.. රටෙන් කෑල්ලක් අපිට එපා – මුස්ලිම් කවුන්සිලය

User Rating: / 3
PoorBest 

July 1, 2014 at 2:33 pm | lanka C news

මුස්ලිම් ජාතිකයන් ගැන ඇති වැරදි වැටහීම් නිසා ඔවුන් සැකයට භාජන වී තිබුණද ඔවුන්ගේ ඇදහිල්ලෙන් කිසිවෙකුට අකටයුත්තක්, අසාධාරණයක් සිදු නොවන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමින් මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද කීය.

‘වසර 1200ක් පුරා සිංහල,දෙමළ,මුස්ලිම්,ක‍්‍රිස්තියානි අය සමග මුස්ලිම්වරුන් අපි සමගියෙන් ජීවත් වුණා. මේ රට අපේ මවු රට. සමාජයේ වැරදි වැටහීම් නිසා බෞද්ධ ජනතාව මුස්ලිම්වරුන් සමග තිබෙන සමීපභාවය අඩු නිසා මුස්ලිම්වරුන් අන්තවාදයට ගමන්කරනවායි,අල්ජිහාඞ්,අල්කයිදා වැනි අන්තවාදී සංවිධාන සමග ගනුදෙනු කරනවායි කියන සැකය අද සමාජගත වෙලා. ඒක වැරදි මතයක්.

එල්.ටී.ටී.ඊ සංවිධානය වගේ අප මුස්ලිම්වරුන් මේ රටෙන් කොටසක් ඉල්ලලා නැහැ. ඉල්ලන්නෙත් නැහැ. මේ ත‍්‍රස්තවාදය නිසා අදටත් මන්නාරම,මුලතිව්,යාපනය ආදී ප‍්‍රදේශවල මුල් ගම්බිම් වල ජීවත් වූ මුස්ලිම් ජනතාව කදවුරු වලට සීමාවෙලා ජීවත් වෙනවා. මේකයි මුස්ලිම්වරුන්ගේ සැබෑ තත්ත්වය’

http://lankacnews.com/sinhala/news/118334/

   

ඥානසාර හාමුදුරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

User Rating: / 3
PoorBest 

July 1, 2014 2:00 am Hits(46)

රෂිනි මෙන්ඩිස්

බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින්තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.

වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් නොදන්වා ඇතත් මුස්ලිම් අන්තවාදීන්, ජිහාඩ් කණ්ඩායම් හා විවිධ අන්තවාදීන් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවට විවිධ වාර්තා යවා ඇති අතර තමන්වහන්සේ ත්‍රස්තවාදියකු ලෙස සලකා මේ පියවර ගන්නට ඇතැයි උන්වහන්සේ පැවැසූහ.

 

http://www.mawbima.lk/34-62134-news-detail.html

 

US cancels Ven. Gnanasara's visa; BBS awaits written doc

The Bodu Bala Sena organization (BBS) awaits written documents pertaining to the cancellation of the visa of its General Secretary, Ven. Galagoda Aththe Gnanasara thera to the United States.

CEO of the BBS organization, Dilantha Vithanage told The Nation that Gnanasara thera had received a phone call from an official at the US Embassy who had informed of the cancellation of his visa.

The official had also stated that the decision to cancel the visa was made by the US State Department. However, a reason was not given, Vithanage said.

Vithanage said that the thera had applied for visa in 2011, before BBS was formed, to attend a religious ceremony in the US.

The visa was said to be valid for five years. “There were allegations that the BBS was backed by the US and that we were given visas over the counter. This development clearly shows that these allegations are false,” he said.

http://www.nation.lk/edition/breaking-news/item/30808-us-cancels-ven-gnanasaras-visa-bbs-awaits-written-doc.html

   

Page 162 of 213

Login Form