June 30, 2014 at 1:01 pm | lanka C news
ඇමරිකාවට ඇතුළුවීම සඳහා බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ වීසා බලපත‍්‍රය අහෝසි කර තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙසේ උන් වහන්සේගේ වීසා බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඥානසාර හිමියන්ට මේ බව දැනුම් දී ඇති බවද වාර්තා වේ.
‘මගේ ඇමරිකානු වීසා වලට ප්‍රශ්නයක් වෙලා තියෙනව. ඒකෙන්ම පේනව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය. සිංහල බෞද්ධය ලංකාවෙ මහ ජාතිය වුණාට ලෝකයේ සුළු ජාතියක්. එහෙම ජනතාවක් වෙනුවෙන් පෙනී සිටින අපිට ඇමරිකාවට යාම තහනම් කරල’ යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඤාණසාර හිමියෝ කීහ.
http://lankacnews.com/sinhala/main-news/118285/
2014 ජුනි 30 03.45 p.m
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අමෙරිකාවටඇතුල්වීම තහනම් කර ඇතැයි පැවසේ. තමන් වහන්සේගේඇමරිකානු වීසා වලට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් ඉන් පෙනෙනුයේ ඇමරිකාවේප්‍රජාතන්ත්‍රවාදයේ තරම බවත් ඥානසාර හිමි ගුවන්විදුලි මාධ්‍යකට පවසා තිබේ.බොදුබලසේනා සංවිධානය පිහිටුවීමට පෙර ඥානසාර හිමිට අමෙරිකාවට සහඉන්දියානා ප‍්‍රාන්තයට යාමටඅවුරුදු 5කට වීසා නිකුත් කර තිබුණ අතර එම වීසා අවසරය තවත් අවුරුදු එක හමාරකටබලපැවැත්වීමට නියමිතව තිබු බව පැවසේ.
එහෙත් ඉකුත්සතියේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු රාජ්‍ය දෙපාර්තමේන්තුවේතීරණය අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කරඇතැයි දැනුම් දි තිබෙන බව වාර්තා වෙයි.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37780:2014-06-30-10-25-16&catid=64:2012-09-10-14-02-45&Itemid=87