Wednesday, June 26, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

කඩ 150 ක් කැඩුවත් සැකකරුවන් 50 යි - රාජිත

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 27 සිකුරාදා - 15:27 GMT
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140627_rajitha_senaratne_aluthgama_video.shtml

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අලුත්ගම, බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ජනතාවට අයත් 150 කට ආසන්න ව්‍යාපාරික ස්ථාන විනාශ කොට දමා ඇතත්, පොලිසිය මෙතරම් සුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මන්දැයි අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

"දැන් එකසිය පනස් දෙකක්ද කොහෙද කඩල තියෙනව, විත්තිකාරයෝ පනස් ගානයිනේ? ඒ කියන්නේ කඩ තුනක් කඩල තියෙන්නේ එක්කෙනයි," යනුවෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා පොලිසිය දැඩි විවේචනයට ලක් කළේය.

ගැටුම සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාවට නොනඟන බව ඇමතිවරයාගේ චෝදනාවයි.

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට එල්ල වූ ප්‍රහාරය ප්‍රදේශයෙන් පිටත සිට පැමිණි 'මැර කල්ලියක්' විසින් දියත් කරන ලද 'සංවිධානාත්මක ක්‍රියාවක්' බව ඇමතිවරයා අවධාරණය කළේය.

'කුමන්ත්‍රණයක්'

එම ප්‍රහාරය ඇමතිවරයා හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව විනාශ කිරීමේ අරමුණින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෙසින්.

"කවුරු හරි හාමුදුරු කෙනෙකුට බයේ මේ ප්‍රසිද්ධ නගරවල රැස්වීම් තියන්න පුළුවන් නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් නැත්නම් මේ මොන සංස්කෘතිය කතා කළත් වැඩක් නෑ"

අමාත්‍ය රාජිත සේනාරත්න

සිය මැතිවරණ කොට්ඨාශයේ මුස්ලිම් ජනතාවගේ උපවාස කාලය ආරම්භ කරන සෑම අවස්ථාවකම තමන් එයට සහභාගි වූ බව පවසන අමාත්‍යවරයා, බෞද්ධ භික්ෂූන් වහන්සේද ඒ සෑම අවස්ථාවකම තමන් සමඟ එක් වූ බවත් සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්තාන ගණනාවක් තමන් පිළිසකර කළ අවස්තාවල ඒ සියල්ල වෙනුවෙන් වියදම් දැරුවේ මුස්ලිම් ජනතාව බවද කියා සිටියේය.

ගැටුම් හටගත් සමයේ විදේශගතව සිටි අමාත්‍යවරයා, යලි සියරට පැමිණීමෙන් අනතුරුව පළමුවරට සිය මැතිවරණ කොට්ඨාශයට පැමිණි අවස්තාවේදීයි, බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් ඒ බව කියා සිටියේ.

'දේශප්‍රේමය'

"කඩන කට්ටිය බඩු ටික උස්සලා ඊට පස්සේ කඩේ කඩන කට්ටිය ගිණි තියල තිබුනේ. එහෙම නැතුව බඩුත් එක්ක ගිණි ටිහ්යපු කඩයක් නෑ මේකේ මට ආරංචි විදියට," යනුවෙන්ද ඔහු පැවසීය.

'දේශප්‍රේමය' නාමයෙන් අපරාධකරුවන් 1958 සිටම ක්‍රියා කළේ මේ ආකාරයට බව ඇමතිවරයා සිහිපත් කළේය.

"කවුරු හරි හාමුදුරු කෙනෙකුට බයේ මේ ප්‍රසිද්ධ නගරවල රැස්වීම් තියන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඕන විදියට පෙළපාලි තියන්න පුළුවන් නම්, ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් නැත්නම් මේ මොන සංස්කෘතිය කතා කළත් වැඩක් නෑ."

බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැස්වීමෙන් පැය භාගයක් ඇතුලත කෝලාහල ආරම්භ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යමක් ගොඩනැගීමට බොහෝ කාලයක් ගත වන නමුත් එය විනාශ කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බවද පැවසීය.

 

ඤාණසාර හිමි අලූත්ගමදී ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ කළ බවක් හෙළි වී නෑ

User Rating: / 3
PoorBest 

පසුගියදා අලූත්ගම පැවති රැස්වීමේදී බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනතාව ප‍්‍රකෝප වන ආකාරයේ ප‍්‍රකාශයක් කර ඇත්තේ යයි මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ උන් වහන්සේ විසින් කරන ලදැයි කියන ප‍්‍රකාශයක් ගැන අධ්‍යයනය කර ගෙන යන බවත් ඒ ප‍්‍රකාශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු කිරීමට කිසි යම් අනුබලයක් ලැබුණේද යන්න සොයා බැලීම ඒ අධ්‍යයනයේ අරමුණ බවත්ය.

ඥානසාර හිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යතාවක් මතු වී නැතැයි ද ඔහු කිය.

http://lankacnews.com/sinhala/main-news/118053/

 

අන්තවාදීන් අත්අඩංගුවට ගත්තොත් කලබල ඇතිවෙයි.. මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරනවා

User Rating: / 5
PoorBest 

June 27, 2014 at 9:52 am | lanka C news

අන්තවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගතහොත් තවත් කලබල ඇතිවිය හැති බවත් සාකච්චා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳාගත යුතු බවත් යුධ හමුදාපති දයා රත්නායක මහතා පවසා තිබේ.

ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දින දෙහිවල මොහිදීන් ජුම්මා දේවස්තානයේදී ජමියතුල් උලමා සංවිධානය විසින් සූදානම් කර තිබූ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.

මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරන බව හා ඉදිරියේදී අලූත්ගම වැනි ගැටුම් ඇතිවන්නට ඉඩ නොදෙන බවද හමුදාපතිවරයා එහිදී පවසා ඇත.

 

http://lankacnews.com/sinhala/news/118085/

 

   

“අන්තවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය එපා"

User Rating: / 5
PoorBest 
 

Bodu Bala Sena (BBS)

User Rating: / 7
PoorBest 

 

Bodu Bala Sena (BBS) General Secretary, the Venerable Galagoda Aththe Gnanasara Thero, speaks in an aggressive manner at a press briefing last week following the violence in Aluthgama and Beruwala.
Picture by Asoka Fernando

   

Page 167 of 213

Login Form