Friday, April 19, 2024
   
Text Size

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබූ සැකකරු හඳුනාගැනේ

User Rating: / 1
PoorBest 

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබූ සැකකරු හඳුනාගැනේ


 

(ඉන්දිකා රාමනයක)

නුගේගොඩ සහ විජේරාම  ප‍්‍රදේශයේ  මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ස්ථාන හතරට ගිනි තැබීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන සිටින ප‍්‍රධාන සැකකරු 2014 වසරේ සිට බොදු බලසේනා සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන කි‍්‍රයාකාරි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා  අද(11) පැවසීය.

32 හැවිරිදි මෙම  සැකකරු මෙම වෙළෙඳසල් වලට ගිනි තැබීමේ සිද්ධියට සෘජු ලෙස සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

‘‘ගත වු මාසයක පමණ කාලයක සිට මුස්ලිම් දෙවස්ථාන දෙකකට හා මුස්ලිම් ජාතිකයින්ට අයත් ව්‍යාපාරික ස්ථාන දෙකකට ගිනි තැබීම් සිදුව  තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු එම ප‍්‍රදේශ බාර පොලිස් නිලධාරීන් විසින්  සිදුකරනු ලැබුවා. නුගේගොඩ විජේරාම  ප‍්‍රදේශයේ  වෙළෙදසැල් හතරකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ  ප‍්‍රධාන සැකකරු මහරගම දී අත්අඩංගුවට ගත්තා. ඔවුන් රැඳවුම් භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කරමින් පසුවෙනවා.  ඔහු මෙම සිද්ධින් 4 ට සෘජු ලෙසට සම්බන්ධයි. මොහු  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව බොරැල්ල ප‍්‍රදේශයේ පැවැත් වු උද්ඝෝෂණයට ප‍්‍රමුඛව දාකයත්වය ලබා දී කටයුතු කළ පුද්ගලයෙක් බවටත් තොරතුරු හෙළී වී තිබෙනවා‘

‘පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂනය යටතේ මෙම පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවෙනවා. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වාර්තා වී ඇති සෙසු සිද්ධීවලට අයත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ කටයුතු සිදුකරනවා. ජාතීන්  සහ ආගම් අතර විරසකට ඇති කිරීමට  කි‍්‍රයාකරන කී‍්‍රයාකාරීන් පිළිබදව පොලිසිය ඉතාමත් අවදානයෙන් පසු වෙනවා. එවැනි කණ්ඩායම් වලට එරෙහිව තදින් කි‍්‍රයාත්මක කරනවා. දිවයින පුරා මේ අයුරින් පහර දීමේ සිද්ධීන් 16 වාර්තා වී තිබෙනවා.  එම සිද්ධීන් සම්බන්ධයෙන් මහරගම සැකකරුට අමතරව   ති‍්‍රකුණාමලය  සහ දන්තුරේ ප‍්‍රදේශවල තවත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‘ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A/1-513737

 

Login Form