Saturday, April 20, 2024
   
Text Size

ජාතිවාදී ගිනි අවුලන මහ මොලකරු කොළඹින් පාර්ලිමේන්තු ආ ජාතික ඇඳුම අදින උස හීන්දැරි හාදයා මෙන්න..

User Rating: / 1
PoorBest 

https://youtu.be/IF2mHCJyUvk

 

අම්පාර – තෙල්දෙණිය ප්‍රදේශවල සිදු වූ ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, ජාතික ඇඳුම් අදින, උස හීන්දෑරි හාදයකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළිකර සිටියේය.

අද (06) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ හෙළිකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“තෙල්දෙණියේ ලේ වැකි සිද්ධිදාමය හේතුවෙන් කුමාරසිංහ නමැති සිංහල දෙදරු පියකු ද අබිදුල් බාස්ත් නැමැති මුස්ලිම් තරුණයකු ද මියගියා. මේ දෙදෙනාම ලක්මාතාවගේ දරුවෝ. මම පළමුවෙන්ම මේ අයගෙ පවුල් වෙත ඒකාබද්ධ විපක්ෂය ලෙස අපගේ සාතිශය සංවේගය පළ කර සිටිනවා.

මැතිවරණයෙන් පසුව ආණ්ඩුව අර්බුදයට ගිහින් තිබෙන වෙලාවේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇති වෙලාවේ, ඒ සියලූ මාතෘකා යටපත් කරලා රටට අහිතකර මාතෘකාවක් අද නිර්මාණය කරලා තිබෙනවා. ආණ්ඩුව මේ අහිතකර තත්වය පාලනය කිරීම හිතාමතාම පැහැර හැර ඇති බවයි අපට පෙනෙන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා, ‘ගැටුම්කාරී සිදුවීමක් ඇතිවිය හැකියි. එය පාලනය කිරීමට මැදිහත් වෙන්න’ කියා. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයා එය පිළිගත්තේ නැහැ. ඔහු කියා තිබෙනවා ‘අපි එම තත්ත්වය පාලනය කර තිබෙනවා. ඒ ගැන අපි බලාගන්නම්’ කියලා.

 

නමුත් තෙල්දෙණිය ප්‍රදේශයේ මවුලවීතුමකු සිදුව ඇති තත්වය පිළිබඳ මාධ්‍යයට ලබා දුන් ප්‍රකාශයක් අප සතුව තිබෙනවා. මෙම ප්‍රකාශයට අදාළ වීඩියෝපට මේ වන විට මුහුණුපොතේ ද තිබෙනවා. එතුමා ප්‍රකාශ කරනවා ‘පොලිසියෙන් අපට කීවා, ගෙවල් ඇතුළට වෙලා ඉන්න. අපි ආරක්ෂාව සලසනවා කියලා. අපි ගෙවල් ඇතුළට වෙලා ඉදිද්දි ලයිට් කැපුවා. ඒ ලයිට් කපපු වෙලාවේ තමයි සංවිධානාත්මක පිරිස් ඇවිත් ගිනි තියාගෙන ගියේ’ යනුවෙන්. ඒ අනුව ඉතා පැහැදිලිව පෙනෙනවා, මේක පූර්ව සැලැසුමකට අනුව සිදු කළ දෙයක් කියලා.

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ පෙන්වන ‘කූඹියො’් ටෙලි නාට්‍යයේ ඉන්නවා ‘ජෙහාන්’ කියලා ගේම්කාරයෙක්. ඒ වගේ මේ ලේ වැකි සිද්ධිදාමය පිටුපස්සේ ද ජෙහාන් කෙනෙක්, ගේම්කාරයෙක්, මහ මොළකරුවෙක් ඉන්නවා. එයා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ආපු, ජාතික ඇඳුම අඳින, උස හීන්දෑරි හාදයෙක්. ඔහු තමයි මේ ලේ වැකි සංවිධානාත්මක අපරාධය පිටුපස්සේ ඉන්නේ. අම්පාර හෝටලයකට ගිහින් මේ සිද්ධිදාමයට අදාළ පළමු ගිනිකුර පත්තු කළේ කවුද, කියා මේ ආණ්ඩුව කිසිම සොයා බැලීම්ක් කළා ද?
මා ජවිපෙ නායක අනුර දිසානායකගේ කතාව අසාගෙන සිටියා. ඔහු අපේ ආණ්ඩුව කාලයේ අලූත්ගම සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන කීවේ කුමක්ද? ‘ඒක රාජපක්ෂවරුන්ගේ බලය තහවුරු කර ගැනීමට සිදු කළ දෙයක්’ කියලයි. මෙදා කීවේ, ‘බලයේ ඉන්න අය බලය තහවුරු කර ගැනීමටත් බලයට එන්න ඉන්න අය බලය ලබා ගන්නත් මේ දේවල් කරනවා’ කියලයි.

එදා බලයට එන්න බලා ගෙන හිටපු රනිල් වික්‍රමසිංහලාට එයා ඇඟිල්ල එසවූයේ නැහැ. ඇයි තමුන්නාන්සේලා බලයට ආවට පස්සේ අලූත්ගම සිදුවීම පිළිබඳව සොයා බලන්න කොමිසමක් පත් නොකළේ? එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තා නම් අද මෙවැනි ලේ වැකි සිද්ධිදාමයක් නිර්මාණය කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

තෙල්දෙණියට පොලිසිය, එස්.ටී.එෆ්. ආවේ ප්‍රමාද වෙලා. ඒ එනකොට සිද්ධ වෙන්න ඕනෑ සියල්ල සිදු වෙලා ඉවරයි. ඔවුන් ආවේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට මේ අපරාධය සිදු කිරීමට ඉඩදීමෙන් අනතුරුවයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරන
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ.

 

http://lankacnews.com/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B8%E0%B7%9C/


Login Form