Tuesday, April 23, 2024
   
Text Size

භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද

User Rating: / 1
PoorBest 

(බිඟුන් මේනක ගමගේ )

ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහසට මුවා වී මෙවැනි තක්කඩි වැඩ කිරීමට ඉඩ දිය නොහැකි බව කී හෙතෙම ආණ්ඩුව ඇති කළ මාධ්‍ය නිදහස අමු අමුවේ අවභාවිත කිරීම හෙළාදකින බව ද අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම අවහිර කිරීමේ සූදානමක් රජයට නැති බවත් ජාතිවාදය අවුලවාලීමේ උපකරණයක් ලෙස එය භාවිත කරන්නන්ට එරෙහිව ඉදිරියේදී  තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මහලේකම්වරයා පැවැසීය.

එක් පුද්ගලයකුගේ ප්‍රකාශනයේ හිමිකම වෙනුවෙන් වල් බූරු නිදහසකට ඉඩ දී දෙකෝටියකට අධික රටවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් අනතුරේ හෙලීමට රජයකට ඉඩ දිය නොහැකි බවද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%93-%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F---%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF/1-525459

Login Form