Monday, May 27, 2019
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.
 
 
   

බෝ සෙවණේ රාමදාන්

පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ.

ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය.

රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් වන බැරගම නන්දසිරි හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය සහ බෞද්ධ දායක දායිකාවන්ගේ පූර්ණ දායකත්වය සහිතව ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉෆ්තාර් උත්සවය සැමරූහ.

ඒ අවස්ථාවේ අදහස් දැක්වූ බැරගම නන්දසිරි හිමියෝ, "අපි බලාපොරොත්තු වන්නේ අපේ රටේ සහජීවනය. බුදු හාමුදුරුවොත් බලාපොරොත්තු වන්නේ ආගම් අතර සහජීවනය. බෞද්ධ භික්ෂුවක් ලෙස ආගමික සහජීවනය ඉෂ්ඨ කිරීම වටිනා දෙයක්," යනුවෙන් සඳහන් කළහ.

 

http://www.bbc.com/sinhala/sri-lanka-40400090

 

ඥානසාර හිමි ගැන මගේ වෙනසක් නැහැ

ඥානසාර හිමි ගැන මගේ වෙනසක් නැහැ

අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන්ට තමා අතිශය ගෞරව කළ ද බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තමා දරණ ස්ථාවයේ කිසිදු වෙනසක් නැතැයි රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ය.
ඥානසාර හිමි යනු දේශපාලන පක්ෂයක නායකත්වය දරණ  දේශපාලන මතවාදයක් දරන භික්ෂූන් වහන්සේ නමක් බැවින් තමා ඊට එකඟ නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. තමා භික්ෂූන් වහන්සේලාට ඉතාමත් ගෞරව කරන කෙනෙකු බව සඳහන් කරන ඩිලාන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා හොඳින් දන්නා බවත් පැවැසීය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවට දේශපාලනඥයින් විසින් උන්වහන්සේ විවේචනය කරන බව අස්ගිරි පාර්ශවයේ මහනාහිමයන් ප්‍රකාශක් කර තිබූ බව ත් එහිදී තමාගේ නම ද සඳහන් කර තිබූ බවත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ය.
එස්.බි.දිසානායක මහතා එකඟ නොවන්නේ ඥානසාර හිමියන්ට නොව උන්වහන්සේගේ කතා විලාසයට බව ප්‍රකාශ කර තිබුණු අතර ඔබ එකඟ නොවන්නේත් කතා විලාසයට දැයි එහිදී මාධ්‍යවේදියෙකු ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රශ්නයක් මතු කළේ ය.
එයට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා පැවැසුවේ තමා උන්වහන්සේගේ කතා විලාසයට පමණක් නොව උන්වහන්සේටම විරුද්ධ බව පැවැසීය.
කමණී හෙට්ටිආරච්චි

http://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/4955-%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90

   

Page 14 of 131

Login Form