මැතිවරණ උණුසුම අතරට එන විවාදාත්මක තේමාවන් අතරට 'කොඩි' පිළිබඳව කථා බහත් එක්වෙමින් පවතී.
ශ්‍රි ලංකාවේ ජාතික කොඩියට සමාන කොඩියක් භාවිතා කරමින් ජාතිවාදී ප්‍රවණතාවක් ඇති කිරීමට උත්සහ ගන්නා බව එක් පාර්ශවයක් කියා සිටින අතරවාරේ තවත් පාර්ශවයක් කියා සිටින්නේ සිංහලයාගේ අනන්‍යතාව විදහා දක්වන කොඩියක් ප්‍රදර්ශනය කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි.
කොඩි පිලිබඳ කථා බහ අර්බුදයක් බවට පත්වුනේ කෙලෙසද?
මීට මාස කීපයකට පෙර මහනුවර දළදා මාළිගය ඉදිරිපිටදී කොළ පාට සහ තැඹිලි පාට තීරු රහිත සිංහයෙක් සහිත කොඩියක් එසවීමෙන් හට ගත් අර්බුදය දුර දිග යන බවක් පෙනෙන්නට තිබේ.බොදු බල සේනාවේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියා සිටින්නේ තමන් ගේ සංස්කෘතික අනන්‍යතාව හෙළිදරව් කරන කොඩියක් එසවූ විට එය වර්ගවාදී කොඩියක් සේ හංවඩු ගැසීමේ මාධ්‍ය භාවිතාවට තමන් විරෝධය පල කරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යටිනුවර පැවති මැතිවරණ රැස්වීමකදී තීරු රහිත සිංහ රුව ඇතුලත් කොඩි කීපයක් දක්නට ලැබුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම රැස්වීමට සහභාගී වුනේ එම කොඩි ගලවා දැමීමෙන් අනතුරුවය.මේ අතරවාරේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික කොඩියට සමාන කොඩියක් ඔසවමින් වර්ගවාදය පැතිරවීමට ඉඩ දෙන බව වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළේය.
මේ අනුව පෙනී යන්නේ මැතිවරණයට තරඟ වැද සිටින ප්‍රධාන පාර්ශව දෙකම මේ ‘කොඩි’ අර්බුදයේදී ජාතික කොඩිය හැර වාර්ගික අනන්‍යතාවක් හුවා දක්වන කොඩි එසවීමට මනාපයක් නැති බව පෙන්නුම් කිරීමට උත්සාහ කරන බවයි.
කොඩි නිර්මාණය වුයේ කෙලෙසින්ද?
මෙරට ජාතික කොඩියක් නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ශ්‍රි ලංකාවෙ ජාතික කොඩියේ වමි පසින් දෙමළ හා මුස්ලිමි ජාතින් නියෝජනය කිරිම සදහා තැඹිලි සහ කොළ පැහැති තීරු දෙකක් ඇත. ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය 1948 දී නිදහස ලබන විට නිර්මාණය කෙරුණු අවස්ථාවේදීන් දෙමළ සහ මුස්ලිම් සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා තීරු ඇතලත් කෙරුණු අතර පසුව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වෙද්දී මෙත්තා,කරුණා,උපේක්ෂා,මුදිතා ගුණාංග නියෝජනය කිරීම සඳහා බෝපත් හතරක් එක කෙරින.
කථා බභට ලක්ව තිබෙන “සිංහලේ” කොඩියේ තීරු දක්නට නැත.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසන්නේ තමන් ජාතික කොඩිය විකෘති නොකළ බවත් තමන්ගේ රැස්වීම් වලදී භාවිතා කරන “සිංහලේ” කොඩිය ඊට ආවේනික අනන්‍යතාවක් ඇති කොඩියක් වන බවයි. 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර දළදා මාළිගාව ඉදිරියේ පිහිටි කොඩි ගසේ බ්‍රිතාන්‍ය කොඩිය ඔසවන විට ඊට විරෝධය දක්වා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන විසින් බ්‍රිතාන්‍ය කොඩිය නැවත පහත හෙළා එසවූයේ ‘සිංහලේ’කොඩිය බව බොදු බල සේනා සංවිධානය කියා සිටී.
කොඩි ගැන කථාබහේ බලපෑම කුමක් වෙයිද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අර්ථ දක්වා ඇති ජාතික කොඩිය නිසි ආකාරයට ප්‍රදර්ශනය නොකරමින් විකෘති කරන ලද එවැනි කොඩි ප්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි.එහෙත් ජාතික කොඩියට සමානවන නමුත් ඊට වෙනස් යැයි කියන වෙනත් කොඩියක් භාවිතා කිරීම වරදක්ද නැද්ද යන්න විවාදාත්මකය.ශ්‍රි ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජාතික කොඩිය සහ තමන්ගේ මැතිවරණ වේදිකාවේ ඔසවන කොඩි දෙක එකිනෙකට වෙනස් කොඩි දෙකක් බව බොදු බල සේනාවේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ කියා සිටී.
කවර ප්‍රතිචාර පළවේවිද?
මේ ‘කොඩි’ සංවාදය යටින් දිව යන්නේ ශ්‍රී ලංකාව වාර්ගික රටක්ද යන්න පිළිබඳව කතිකාවක් යැයි කෙනෙකුට කල්පනා විය හැකි අතර තවත් කෙනෙකුට මෙය ප්‍රකාශන නිදහසේ සීමාව පිළිබඳව කෙරෙන කථා බහක් විය හැකිය. ශ්‍රි ලංකාවේ වාර්ගික බෙදීම් පිළිබඳව කල්පනා කරන විට මේ ‘කොඩි’ පිළිබඳව කෙරෙන් කථා බහට ආවේගශීලී මුහුණුවරක් ගැනීමට තිබෙන ඉඩකඩ නොතකා හැරිය නොහැක.