Friday, April 27, 2018
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Time-tested bond of Sinhala-Muslim Friendship
    The Muslims of Sri Lanka, since ancient times have been in peaceful coexistence with the other communities of the Island and has proved to be an integral and inseparable component of the Sri Lankan society.



    According to ancient chronicles, traders from countries like Rome, Greece, Persia( Iran ), China, India etc visited Sri Lanka on trade missions. Arab merchants having maintained friendly relationship with natives, had ventured into the interior and coastal areas of Ceylon for trading, even before the advent of Islam. Arabs were only interested in trading and commerce in Sri Lanka in an honest and a just manner The present day Muslims of Sri Lanka, could therefore be considered the descendants of many of these Arabs, Persians, Indians, and Malays etc.  

    During...
    Read More...
  • ‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘

    (ශාන්ත රත්නායක)

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන...
    Read More...
  • ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්
    ජුඩ් සමන්ත

    ආණමඩුව නගරයේ පිහිටි  මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.

    මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ...
    Read More...
  • ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල් පන්සලේ හංගාගෙන නවාතැන් දුන් ගොමගොඩ හාමුදුරුවෝ
    ජීවිත බියෙන් දිව ආ මුස්ලිම් පවුල්
    පන්සලේ  හංගාගෙන නවාතැන් දුන්
    Read More...
  • මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි
    මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට...
    Read More...
  • UN condemns anti-Muslim attacks in Sri Lanka
    2018-03-12 11:10:35 4 2109 The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to Sri Lanka. Under-Secretary-General for Political Affairs Jeffrey Feltman urged the government to bring the perpetrators of the violence and hate speech to justice. Feltman, who met with Muslim leaders to show solidarity during his visit, "condemned the breakdown in law and order and the attacks against Muslims and their property," a UN statement said. Sri Lanka has been rocked by a week of violent riots by Sinhalese mobs who have attacked 11 mosques and at least 200 Muslim-owned businesses, prompting the government to declare a state of emergency. Three people have been killed and 20 wounded in the anti-Muslim attacks. On Sunday a Muslim-owned...
    Read More...
  • Letter handed over to Sri Lankan High Commissioner in Australia
    A letter was handed over to the Sri Lankan High Commissioner in Australia His Excellency Somasundaram Skandakumar at the High Commission in Canberra on Saturday 10 March 2018 by the Austra Lanka Muslim Association (ALMA) based in Sydney, expressing their extreme disappointment, displeasure and strong condemnation of the continual violence unleashed against the Muslims in Sri Lanka. See the letter here >>
    Read More...
  • "අප එක්ව මේ ගමන යා යුතුයි. කුඩා පිරිසක් තුළ තමයි මෙවැනි ප්‍රශ්න තිබෙන්නේ"
    Image captionල්ලිය වෙත වැඩම කළ භික්ෂුන් වහන්සේ     මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ආගම මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී සහජීවනයේ ඇති වැදගත්කම ලොවට කියනුවස් මුස්ලිම් පල්ලි වෙත වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳ රත්මලානෙන් වාර්තා වේ.

    පසුගිය දින කීපයක් තුළ මහනුවර දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලට අයත් මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

ඥානසාර හිමි කොහේද?

Latest

User Rating: / 0
PoorBest 

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.Image captionඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබියදී සිතාමතාම සැඟවී සිටින සැකකරුවකුට "චේතනාන්විතව" රැකවරණ සහ පහසුකම් සලසන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසිය කළ විමසීමක දී අදහස් දක්වමින්, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්නොවී සැඟවී සිටින අතර උන්වහන්සේට රැකවරණ සැපයීම රටේ උත්තරීතර ආයතනය වන 'අධිකරණයට සිදු කරනු ලබන අපහාසයක්' වන බව පෙන්වා දුන්නේය.

බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මේ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන එල්ල වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් කියා සිටියි.

එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ වී නොමැති බවත් ඩිලන්ත විතානගේ පවසයි.

"බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන" යන තේමාව යටතේ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය පසුව බීබීසිය වෙතත් යොමු කර ඇති අතර "බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී ඇති" බවත් එහි දැක්වේ.

ඒ ගැන පරීක්ෂා කොට එම හිමියන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ලෙස බොදු බල සේනා සංවිධානය ඉහත කී ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිImage copyrightPRIYANTHA JAYAKODI FBImage captionපොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරනු ලැබීමේ වරදට බව පොලිසිය කියා සිටියි.

මිනී මැරුම්,මත්ද්‍රව්‍ය වැරදි හෝ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අධිකරණය මඟ හරින දහස් ගණනක් සැකකරුවන් සිටිය දී " ජාතික දේශපාලන චරිතයක්" වන ඥානසාර හිමියන් පිටුපස ලුහු බැඳීම උන්වහන්සේ මුහුණ දී ඇති උවදුරේ ප්‍රමාණය පෙන්නුම් කරන බව මේ අතර බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

එහෙත් උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන කාරණා මත නොව රටේ සාමාන්‍ය නීතිය කඩ කොට අධිකරණය පැහැර හැර සිටීම නිසා බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙයි.

"ඥානසාර හිමියන් අධිකරණය පැහැර හරිමින් අධිකරණයට අපහාස කරමින් සිටිනවා. මෙම අධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙන්නේ පැමිණිලි දෙකක් මුල්කර ගනිමින්. එකක් කොළඹ 'නිපොන්' හෝටලයේ පැවැත්වුන මාධ්‍ය හමුවකට කඩා පනිමින් වටරැක විජිත හිමියන්ට මරණීය තර්ජන සිදු කිරීම.දෙවැන්න, මාධ්‍ය හමුවක් කැඳවමින් පළකළ ප්‍රකාශන මගින් ආගම්වලට අපහාස කරනු ලැබීම" නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට කියා සිටියේය.

විවිධ දේශපාලනඥයන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින තැන් පිළිබඳව විවිධ ප්‍රකාශන කරන බවත් උන්වහන්සේ රැඳී සිටින ස්ථානයක් තමන් නොදන්නා නමුත් අධිකරණයට ඉදිරිපත් නොවීමට ඇති නොහැකියාව සඳහන් කරමින් එම හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියි.

ඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමිImage copyrightBBSImage captionඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමි

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණ කටයුතු භාර හිටපු ඇමති ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ "එක්තරා ඇමතිවරයකු විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රැකවරණ සපයන" බවක් එම ඇමතිවරයාගේ නම සඳහන් කරමින් කියා තිබුණි.

ඥානසාර හිමියන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් 'තවත් ඇමතිවරයකුගේ නමත්' කියැවෙමින් පවතින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් "උන්වහන්සේට රැකවරණ සපයන්නේ තමන් නොව ආණ්ඩුව' යයි කියා සිටියේය.

 

http://www.bbc.com/sinhala/sri-lanka-40313628

Login Form