Friday, January 21, 2022
   
Text Size

Follow SLMuslims on


 

Latest News

  • Hejaaz Hizbullah’s bail application: AG consents for bail
    The Attorney General's Department today informed the Court of Appeal that the prosecution will consent to release Attorney-at-law Hejaaz Hizbullah on bail if the defence makes an application for bail at Puttalam High Court on the 28th of January. Deputy Solicitor General Sudharshana de Silva appearing for the Attorney General submitted to the court that trial against Hisbullah at Puttalam High Court due on January 28. He said the prosecution would consent to the bail application if the petitioner makes an application for bail at the end of the day proceedings. Meanwhile, President's Counsel Romesh de Silva appearing for Hejaaz Hizbullah informed the court that in the interest of his client, he would agree to a settlement. "There are a lot of facts and legal positions in my favour and I wanted to argue this matter. But in the interest of...
    Read More...
  • හිජාස්ගේ ඇප සළකා බැලිම ගැන නීතීපතිගෙන් ප්‍රකාශයක්
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව  පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි යැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී  අද (20) ප්‍රකාශ කළේය . තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක්...
    Read More...
  • 16-hour water cut in Colombo
    A 16-hour water cut would be imposed in several areas in Colombo on Saturday (8) from 8.00 am to 12 midnight, the National Water Supply and Drainage Board (NWSDB) said. The water supply will be interrupted in Colombo, Dehiwala-Mount Lavinia, Kotte and Kaduwela Municipal Councils due to a power interruption at the Ambatale Water Treatment Plant. Accordingly, the water supply in Maharagama, Boralesgamuwa and Kolonnawa Urban Councils, Kotikawaththa Mulleriyawa Pradeshiya Sabha areas and Rathmalana would also be suspended. (Chaturanga Samarawickrama)   https://www.dailymirror.lk/breaking_news/16-hour-water-cut-in-Colombo/108-228435
    Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • කොළඹ ප්‍රදේශ කිහිපයකට 8 වැනිදා ජල කප්පාදුවක්

    (යොහාන් භාසුර) කොළඹ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකට අනිද්දා (8 වැනිදා)  පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසයි. කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සීමා, මහරගම,  බොරලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා සීමා සහ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සීමාව යන ප්‍රදේශවලට...
    Read More...
  • එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්
    එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී...
    Read More...
  • REGARDING THE ESTABLISHMENT OF THE PRESIDENTIAL TASK FORCE FOR ONE COUNTRY, ONE LAW
    Ref: ACJU/NGS/2021/239 29th of October 2021 We are shocked and dismayed by the establishment of the ‘Presidential Task Force for One Country, One Law’ under the leadership of a controversial individual. This topic has been in public discussion in the recent past. We, the citizens of Democratic Socialist Republic of Sri Lanka, have been living for many centuries as one country and one Nation, with our individual, cultural, religious laws and identities under the protection of one Sri Lankan constitution. We express our disappointment on the appointment of a controversial individual for a responsible position, who is known for inciting disharmony within different religious and ethnic communities, especially hurting the religious sentiments of the Muslim community, in spite of the presence of many legal and religious leaders who are...
    Read More...
  • Sri Lanka 'One Country - One Law' | Inside Story
    https://www.youtube.com/watch?v=-aPxn5Wfk-4     Please enable JavaScript to view the comments powered by Disqus.
    Read More...
  • Appointing PTF headed by Gnanasara Thera: CPA urges Govt. to revoke gazette
    The Centre for Policy Alternatives (CPA) yesterday urged the government to immediately rescind the relevant Gazette notification to appoint a Presidential Task Force (PTF) mandated to implement the ‘One Country, One Law’ concept, chaired by Ven. Galagoda Aththe Gnanasara Thera. Issuing a statement the CPA stated that it was deeply shocked and disturbed by the appointment of the latest PTF mandated to implement the ‘One Country, One Law’ concept, including the drafting of a law to give effect to it, headed by Gnanasara Thero. The CPA stated appointment of the Task Force at a time of unprecedented economic hardships and unraveling of government policies raises a plethora of questions including the compounding of a culture of governance by task forces, the promotion of divisive Buddhist clergy linked to incitement of violence and attacks...
    Read More...
  • Suspect tells Magistrate he was tortured to implicate Hejaaz Hizbullah
    The Coordinator of Save the Pearls organization Mohamed Sulthan has informed the Fort Magistrate's Court that he was tortured in order to implicate Attorney-at-law Hejaaz Hizbullah. Making a statement in person and through his lawyer,  Sulthan informed the Court of the torture and named three officers of the Terrorist Investigations Department as his torturers. He was arrested for allegedly teaching extremism at a Madrasa school. He made these revelations on the first day he was produced before Colombo Fort Magistrate Priyantha Liyanage after the completion of 18 months detention period. On his production, suspect Sultan informed the Magistrate through his Counsel that he had been severely assaulted and tortured  by TID officers following his arrest 18 months ago. On being asked by Court if he knew the names of the officers,...
    Read More...
  • ‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘
    (පුෂ්පකුමාර මල්ලවආරච්චි) තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා  යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති. පාස්කුදා ප්‍රහාරය...
    Read More...
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9

හිජාස් හිස්බුල්ලා: ශ්‍රී ලංකාවේ අවනීතියේ ජීවමාන සංකේතය – සුනන්ද දේශප්‍රිය

Latest

User Rating: / 3
PoorBest 

මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනුණේ පසුගිය අලුත් අව්රුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොව්ඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුර කථන පණිවඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී සිටි පිරිසකි. නමුත් නිවසේ දොර හැරිය විට පැමිණ සිටියේ රහස් පොලිස් නිලධාරීන්ය.

එනයින් මුල් දුරකථන පණිවිඩයේ සිට අද දක්වාම ඔහුගේ මානව අයිතීන් පාගා දමමින් ආක්ෂක හේතූන් මත යැයි රඳවා ගෙන සිටින, හිජාස් හිස්බුල්ලා, මෙරට ක්‍රියාත්මක අවනීතියේ ජීවමාන සංකේතයකි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීහු, නීතියේ පාරිශුද්ධබව කෙළසමින් හිජාස් පෙනී සිටිමින් තිබූ නඩුවලට අදාළ ලිපිගොනු ද අත් අඩංඟුවට ගත්හ. සිංහල බස නොදන්නා ඔහුගේ ඊජිප්තු ජාතික සහකාරියට සිංහලයෙන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් කරන්නටයැයි බල කෙරුණි.

දැන් මාස හතක් ගතවී තිබේ. එනම් දින දෙසියකට නොඅඩු කාලයකි. තවමත් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. ඔහු තවමත් රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති රාජපක්ෂ විසින් දින 180න් 180ට නිකුත් කරන රඳවා තැබීමේ නියෝග යටතේය.

ඔහුට නිසි නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩක් නැත. ඔහු රඳවා සිටින්නේ හුදකලාවය. අත්අඩංඟුවට ගැනීමෙන් පසු ඔහු වරදකරුවකු ලෙස පින්තාරු කිරීමට පොලීසිය දරන ලද තැත දැන් දුර්වර්ණ වී ගොසිනි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අධිකරණය හමුවෙහි ඉදිරිපත් කිරීම දිගින් දිගටම වලක්වා තිබේ. පොලීසිය මුලදී කියා සිටි පරිදි ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්නම් නඩු පවරන්නේ නැත්තේ මන්ද?

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීතිය ඉදිරියෙහි වරදකරුවන් වීමට ප්‍රථම පොලීසිය සහ මාධ්‍ය විසින් වරදකරු කිරීමේ දුරාචාර සංස්කෘතියේ ගොදුරක් බවට ද හිජාස් පත්කර තිබේ. දරුණූ මානව විරෝධී අපරාධයක් වූ පාස්කු ඉරිදා ඝාතනයන්ට කවරකු සම්බන්ධ යැයි මතයක් ගොඩ නැගූවිට එවැනි අයකු වෙනුවෙන් ඉදිරිපත්වීමට බොහෝ දෙනෙක් බිය වෙති. හිජාස්ට කර ඇත්තේ එයයි.

2017 වසරෙහි නොවැ 30 දා මඩකළපුවෙහි වව්නතිව් පොලිස් මුරපොළෙහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ආයුධ පැහැර ගන්නා ලදී. ඒ පිළිබඳ සැකපිට කදිරගාමර්තම්බි රාජකුමාරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මහත් මාධ්‍ය ප්‍රචාරයක් සමඟ අත් අඩංගුවට ගන්නා ලදී.

එම අත් අඩංඟුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ තහවුරුවූ සාක්ෂි මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. එසේ නමුත් 2018 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම ඝාතන කරන ලද්දේ ද සහරාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම විසින් බව හෙළිදරව් විය. කදිරගාමර්තම්බි ඇප පිට නිදහස් කරන ලදී. එසේ නොවී නම් ඔහු තවමත් නඩු නැතිව දශක ගණනාවක් සිරගතව සිටින දෙමළ සිරකරුවන් ගොන්නට එක්වනු නොඅනුමානය.

මෙැවැනි පොලිස් කතා මෙරට අපමණය. හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පොලීසියේ කතා ද දැනට පත්ව ඇත්තේ ඒ ගණයටය.

හිජාස් දිගින් දිගටම මානසික වධ බන්ධනයන්ට පත් කරමින් සිරගත කර තිබීම භයානක පණිවිඩයකි. එනම් මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන නීතිවේදීන් සහ නීතිවේදිනියන් ප්‍රවේසම් විය යුතු බවයි.

කණගාටුවකට මෙන් ඔහට යුක්තිය ඉටු කළ යුතු බවට ප්‍රබලතම හඩ නැගෙන්නේ මෙරට ඔහුගේ වෘත්තීය ප්‍රජාව අතුරින් නොව අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව වෙතිනි. පසුගිය දා එංගලන්තයේ සහ වේල්සයේ මානව හිමිකම් නීතිඥ කම්ටුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නඩු නොපවරා දීර්ඝ කාලයක් හිජාස් හිස්බුල්ලා රැඳවුම් බාරයේ තබාගෙන සිටීම මහත් කණස්සල්ලට කරුණක් බවයි. මෙම කමිටුවට එක්සත් රාජධානියේ ජේෂ්ඨ නීතිවේදීන් සහ නීතිවේදිනියන්ද ඇතුළත් වෙති.

“ නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීමෙන් නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ නීතිවේදීනට පළිගැනීම් සහ හිරිහැර පැමිනවීම් පිළිබඳව බියක් සැකක් නැතිව සිය රාජකාරිය කළ හැකි පරිසරයක් “ ඇති කරන ලෙස ඔව්හු එමගින් ඉල්ලා සිටියහ.

අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව නඩු නොපවරා හිජාස් දිගින් දිගටම රඳවා කබා ගැනීම හෙළා දකිමින් මෙවැනි ප්‍රකාශ ගණනාවක්ම ප්‍රසිද්ධ කර තිබේ.

එසේ නමුත් පිල්ලෙයාන්ට ඇප දී නිදහස් කිරීමට උපදෙස් දෙන නීතිපති දෙපාර්ථමේන්තුව මාස හතක් ගතවීමෙන් පසුුත් තවමත් මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරගත කරගෙන සිටී.

මානව හිමිකම් විරෝධී දේශපාලන අධිකාරිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ජාතිවාදය යන භයානක දුශ්සංයෝගයේ ගොදුරක් බවට පත්ව ඇති ඔහු, වත්මන් ශ්‍රී ලංකාවේ අවනීතියේ කැපී පෙනෙන සංකේතයකි.

ඔහුගේ නිදහස වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමය.

(ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධයෙන් ද දැක්වෙන ආණ්ඩුවේ පිළිවෙත එවැනිම එකක් බව සමහර වි‌ට ඊටත් වඩා දුෂ්ඨ එකක් බව සටහන් නොකළ හොත් අඩුවක් වනු නොනුමානය.)

ප්‍රහාරය ඇරඹේ.

අපේක්ෂිත පරිදි 20වන සංසෝධනයේ ගිනියමින් මෙරට මාධ්‍ය නිදහසට කණ කොකා හැඩවීම ආරම්භ වී තිබේ.

පසුගිය දිනවල වාර්තා වූ මේ ප්‍රවෘත්ති දෙස බලන්න.

රාජ්‍ය නොව සංවිධාන විසින් පවත්වාගෙන යන මාධ්‍යන්ට නිල ජනමාධ්‍ය හැදුනුම්පත නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කරන ලදී.

පාර්ලිමේන්තුවෙහි අයවැය ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ජනමාධ්‍යට ඉඩ නොදෙන ලදී. එනමුත් විදේශ තානාපතිවරුන්ට එම අවස්ථාවට සහභාගිවීමට ඉඩ සළසා තිබුණි. අගමැති රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළේ ඉඳගෙනය. තවමත් පාර්ලිමේන්තුව ජනමාධ්‍යවේදින්ට තහනම්ය.

ඊටත් කලින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වාර්තා කිරීමට පසුගිය රජය සමයෙහි මාධ්‍යට දී තිබූ අවසරය ඉවත් කර ගන්නා ලදී.

දානයකට ගිය රාජපක්ෂ පවුලේ උදවිය මේසයක වාඩිවී දානය වළදන අන්දම පෙන්වන ජායාරූපයක් ප්‍රසිද්ධ කළ විපක්ෂ ජනමාධ්‍යවේදියකු රහස් පොලීසියට කැඳවන ලදී. එම ජායාරූපය විකෘති කර රාජපක්ෂ පවුල වෙනුවට භික්ෂුන් ආදේශ කරන ලද පුද්ගලයා ගැන පරීක්ෂනයක් නොපවත්වන ලදී.

මඩකළපුවෙහි ගව පට්ටියක් පවත්වාගෙන යන අයකුගේ ඉඩම යුද හමුදාව බලයෙන් අල්ලා ගන්නට යන්නේ යැයි වාර්තාවක් පළ කළ දෙමළ ජනමාධ්‍යවේදියකු එරාවුර් පොලීසියට ගෙන්වා ප්‍රශ්ණ කරන ලදී.

දෙසතියක් ඇතුළත මර්ධනකාරී සිංගප්පූරු මාදිලියේ “ ව්‍යාජ පුවත් පාලන” නියමන පනතක් ගෙන එන බව ඇමැතිවරු දෙපලක් විසින් ප්‍රකාශ කරන ලදී.

වෙබ් අඩවි 30ක් තහනම් කිරීමට රජය සළකා බලමින් සිටින බවට තවත් පුවතක් පළ විය.

විදෙස්ගතව සිටිමින් “ව්‍යාජ” පුවත් සමාජ ජාල මගින් බෙදාහැරියේ යැයි කියන දෙදෙනෙකු මෙරට පැමිණියහොත් අත් අඩංඟුවට ගන්නා බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු කියා තිබුණි.

එවැනි “ව්‍යාජ පුවත්” පළ කළේ යැයි අත් අඩංඟුවට ගෙන සිටින පිරිස දුසිම් ගණනාවක් විය හැකි යැයි විපක්ෂ දේශපාලනඥයකු ප්‍රකාශ කළේය.

අත් අඩංඟුවට ගත යුතු මාධ්‍යවේදීන් දෙසිය ගණනාවකගේ ලැයිස්තුවක් පොලීසියට දී ඇතැයි සජබ පා.ම. ඉම්ටියාස් බාකීර් මාකර් පාර්ලිමේන්තුවට කියා සිටියේය. ආණ්ඩුව එම පුවත ප්‍රතික්ෂේප කළේ නැත.

20වන ව්‍යවස්ථා සංසෝධනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කළදාට පසුදා උදෑසනම එයට අත්සන් කළ අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම ප්‍රකාශය ගැන කරුණූ විමසූහ. එමගින් තර්ජනයට ලක් කැරුණේ විසංවාදයට ඇති අයිතියයි.

පොහොට්ටු පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන රාජ්‍ය ජනමාධ්‍ය සඳහා රජයේ සියලු අායතන පළ කරනු ලබන දැන්වීම් වලින් 25% ලබා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. එමගින් සමාන භූමියක තරඟයට තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව රජයට අයත් නොවන මාධ්‍යන්ට ඇහිරේ.

සියළුම රාජ්‍ය ආයතනයන්ට නියෝගයක් යවමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියා සිටියේ සියළුම වෙළද දැන්වීම් සහ ප්‍රචාරකයුතු සදහා වෙන් කර ඇති අරමුදල් පාවිච්චිය නතර කරන සේ ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇති බවය. මෙය ජනමාධ්‍යන්ට මරු පහරක් වනු ඇත.

තවද මේ තාක් මේ කිසිවක් ගැන ජනමාධ්‍ය සංවිධාන කිසිවක් විරෝධය ප්‍රකාශ කර නැත!

සෙස්ස පස්සටය!

මැඩිල්ලේ හිමිගේ වචන

මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ පන්සලට පොලීසිය පැන්නේ කිසිදු දැනුම්දීමකින් තොරවය. මැඩිල්ලේ එසේ මෙසේ භික්ෂුවක නොවේ. අන්ත ජාතිවාදය නැමැති සිය මතවාදී බලයෙන් රාජපක්ෂවරුන් රාජාසනය වෙත වැඩම්වන ලද භික්ෂුවකි. පසුදාක එ හිමියන්ගේ පන්සලට කඩා වැදුණු රහස් පොලිස් නිලධාරීහු එවෙළෙහිම තමන් ප්‍රකාකාශයක් දිය යුතුයැයි බලකර කියා සිටියෝ ය. එයට පෙර, දැන් අධිකරණ ඇමැති වන අලි සබ්රි ගැන කතාකිරීම තහනම් කරමින් එහිමියන්ට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලැබී තිබුණේය. මෙවර මැඩිල්ලේ හිමි කියන්නේ තමන්ට එරෙහිව පොලීසිය උසි ගන්වන ලද්දේ ඇමැති ජොන්ස්ටන්ගේ අරක්කු ලැයිසමට විරුද්ධව තමා කතා කළ නිසා බවයි.

සිය පන්සලට පොලීසිය කඩා පැනීම ගැන මැඩිල්ලේ හිමි කියා තිබුනේ “ඔන්න සර්ගේ සෞභාග්‍යයේ තරම!” කියාය.

මේ සිදුවීම මතකයට නංවන්නේ ලොව පුරා යළි යළි පුනරුච්චාරණය කැරෙන මාර්ටින් නිමලොර්ගේ වචනය. “ඔවුහු අන්තිවේදී මා සොයා ආහ.”

රහස් පොලීසිය මෙළෙස නොදන්වා කඩා පැන බලහත්කාරයෙන් කටඋත්තර ගත් ප්‍රථම වතාව මැඩිල්ලේ හිමිගේ පන්සල නොවේ. මේ වනාහී විරුද්ධවාදීන් මැඩළීමේ දේශපාලන පොලීසියේ සුපුරුදු හැසිරීමය. එළෙස හැසිරීමට පොලීසියට බලය ලැබී ඇත්තේ දේශපාලන පිටුබලය නිසාය. පසුගිය කාලය පුරා මැඩිල්ලේ වැනි භික්ෂූන් කියමින් සිටියේත් තමන් විසින් විරුද්ධවාදීන් ලෙස සළකන විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයිින්ට මෙවැනි විරුද්ධව පියවර ගත යුතු බවය.

දැන් බූමරංගය ආපසු කැරකී ඇවිත් තිබේ. සමහර විට තවම බූමරංග එන්නට පටන් ගත්තා විතරය. හොඳ හොඳ සෙල්ලම් කෙළින්නේ එළිවෙන ජාමෙට යැයි කියනු ලැබේ.

ඔහොම යං!

https://sinhala.srilankabrief.org/2020/11/%e0%b7%84%e0%b7%92%e0%b6%a2%e0%b7%8f%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/?fbclid=IwAR1DVLFv3E0EPNC4hMiymf-Lv7U76hyJVxngLqeHG7XlAwpXG5qDR9UHfww

Login Form