Friday, April 19, 2024
   
Text Size

පලස්තීන පවුල් හතක සියලුම සාමාජිකයන් මරුට

User Rating: / 1
PoorBest 

පලස්තීන පවුල් හතක සියලුම සාමාජිකයන් මරුට

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජූලි 29 අඟහරුවාදා - 11:14 GMT

ප්‍රහාරයට ලක් වූ ගාසා තීරයේ බලාගාර ඉන්ධන ටැංකි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට රාත්‍රී කාලයේ විශාල වශයෙන් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාරවලට ලක් වීමෙන් පලස්තීන ජාතිකයන් හැට දෙනෙකුවත් මරණයට පත් වී තිබේ.

එක් ප්‍රදේශයක සිටි පලස්තීන පවුල් හතකට අයත් සියලු සාමාජිකයන් මරණයට පත් වී ඇති අතර එම ප්‍රදේශය වටලා ඇති බව ගාසා තීරයේ සිටින බීබීසී වාර්තාකරු පවසයි.

ඉන්ධන ගබඩාවට ප්‍රහාර එල්ල වීමත් සමග වසා දැමුණු ගාසා තීරයේ තිබෙන එකම බලාගාරය දෙසින් කළු දුම් වලා ගුවනට නැගෙන අතර ගාසා තීරයේ වීදි ජනශුන්‍ය වී තිබේ.

සඳුදා පැවති ගැටුම්වලින් ඊශ්‍රායල හමුදා භටයන් දස දෙනෙකු ඇතුළු උමඟක් හරහා ඊශ්‍රායලයට ඇතුළු වූ හමාස් සටන්කාමීන් පස් දෙනෙකු මරණයට පත් විය.

ඊශ්‍රායල ප්‍රහාරයකින් විනාශ වූ ගාසා තීරයේ 'අමීන්' පල්ලිය

පුළුල් උමං ජාලයකට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන දේශ සීමා හරහා ඉදි වූ උමං මාර්ග තිස් දෙකක් ඊශ්‍රායලය විසින් හඳුනා ගෙන තිබේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

Login Form