Wednesday, 02 June 2021 22:43
මදුරංකුලියේ මද්‍රසා පාසලක ගුරුවරුන් දෙදෙනකු බව කියමින් අත්අඩංගුවට ගත් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් ඔවුන්ට බලපෑම් කර ඇති බවට එම පෙත්සම් දෙකෙහි සඳහන් වන බවත් ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් කිරීමට සැකකරුවන් සූදානමින් සිටින බව ද ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළේ රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මදුරංකුලිය පාසලක ගුරුවරුන් දෙදෙනකු සම්බන්ධ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම සැකකරුවන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 26 වැනිදා ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබා ගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ඔවුන් දෙදෙනා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කිරීමෙන් පසු ඊයේ (31) රහස් පොලිසිය විසින් ඔවුහු දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. සැකකරුවන් ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටින බව ද රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් විරෝධතා තිබෙන බව ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම්දීමෙන් අනතුරුව පැමිණිල්ල අද (1) ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියෝග කෙරිණි. ඒ අනුව අද සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් රිමාන්ඩ් කළ හැක්කේ ඔවුනට එරෙහිව පිළිගත හැකි සාක්කි ඇත්නම් පමණක් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්වරයකුට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් සාක්කියක් නොමැතිව ඉදිරිපත් කරන සැකකරුවන් මුදා හැරිය යුතු බව ද ජනාධිපති නීතීඥවරයා කීවේය. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ද ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නැති හෙයින් ඔවුන් දෙදෙනා මුදා හරින ලෙස ද සුමන්තිරන් මහතා ඉල්ලා සිටියේය.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවේ පිටපතක් නීතීඥවරයාට ලබා දෙන ලෙස ලේඛකාධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එය අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණයට ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලෙස සුමන්තිරන් මහතාට දැනුම් දුන්නේය.
පවතින කොවිඩ් තත්ත්වය නිසා සැකකරුවන් දෙදෙනාට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු එහි ප්‍රතිඵල සලකා බලා ප්‍රකාශය ලබා දීම සඳහා ලබන 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
https://medialk.com/archives/5162?fbclid=IwAR0hrBa3-2DeynY-AjEL6xgSpnCTdJbXgHB-2XTdCUMjHsPi0Yli5xpecoQ
Tuesday, 01 June 2021 19:57
Two Maulavis who have been arrested under the Prevention of Terrorism Act (PTA), have informed court through their lawyer that they are under pressure to frame human rights lawyer Hejaaz Hizbullah.
Attorney-at-law Erick Balasooriya had filed a Fundamental Rights petition alleging that the two Maulavis are being coerced to frame Hizbullah.
In the Petition, Balasooriya said the Moulavis do not know Hizbullah nor did they conduct any extremist teaching at the Al-Zuhriya madrasa.
When the Moulavis were first produced before the Colombo Magistrates court yesterday, Balsooriya informed court that the Moulavis intend making a statements to him. The matter was thereafter transferred to the Fort Magistrates court.
Meanwhile, President’s Counsel M.A. Sumanthiran who appeared before the Fort Magistrate on behalf of the two Maulavis today (Tuesday) told Daily Mirror that he had filed an application seeking permission for the Maulavis to make a statement directly to the Fort Magistrate.
“They want to make a statement to the Magistrate in the chamber. So I made the application,” Sumanthiran said.
He said the Magistrate ordered the prison authorities to conduct PCR tests on the two Maulavis and later present them to court.
Hizbullah was arrested last year over allegations he aided and abetted those involved in the Easter Sunday attacks.
Thereafter the allegation shifted to a speech allegedly made by him to the students at the Madrasa.
Lawyers maintain that the children were coerced by the CID to giving statements.
Sumanthitan PC told the court today that the Moulavis were arrested after indictments were filed against Hizbullah and the principal of the school and that it was in order to frame the duo. (Easwaran Rutnam)
http://www.dailymirror.lk/breaking_news/Detained-Maulavis-claim-under-pressure-to-frame-Hejaaz/108-213202