Saturday, October 16, 2021
   
Text Size

Latest

The latest news from the Joomla! Team

බොදු බල සේනා සංවිධානය විසින් 2021.09.20 දිනයේදී නිකුත් කරන ලද මාධ්‍යය නිවේදනය පිළිබඳවයි

User Rating: / 2
PoorBest 

යොමු අංකය : ACJU/NGS/2021/210

2021 සැප්තැම්බර් මස 22 වෙනිදා


මෑතකදී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රාජකීය පණ්ඩිත ඥානසාර හිමියන් විසින් සිදුකරනු ලැබූ ආගමික අපහාසය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කොට ඇති මාධ්‍යය නිවේදනය පිළිබඳව අප ඉමහත් විමතියට පත්ව ඇත්තෙමු. එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සැබැවින්ම බරපතළ ආගමික අපහාසයක් ඉදිරිපත් කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයේ ”මහමොළකරු අල්ලාහ්” යැයි පැවසීමෙනි.

මෙම ප්‍රකාශය ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් හට පමණක් කරනු ලැබූ අවමානයක් නොව සකල ලෝ වාසී බිලියන දෙකකට ආසන්න මුස්ලිම් ජනයාට කරනු ලැබූ අවමානයක් යැයි අප අවධාරණය කරමු. පසුව මෙම බරපතළ අපහාසය පිළිබඳ කිසිඳු සඳහනක් නොමැතිව අල්-කුර්ආනයේ 8:30 වැකිය උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කිරීම සැබැවින්ම අර්ථ විරහිතය.

ඉහත බරපතළ ප්‍රකාශය කිරීම සඳහා එම භික්ෂුව යොදා ගෙන ඇත්තේ සිංහල බසට හැරවු ඍජු පරිවර්තන පිටපතකි. එම පිටපතේ ඇති මතුපිට අරුත බලා විවරණ සැපයීම අහසට ඉණිමං බැඳීමක් වැනිය. එතුමා උපුටාගත් අල්-කුර්ආන් පාඨය සඳහා සපයා ඇති පාද සටහන (විවරණ සටහන) කියවා තිබුණානම් එය විමසුම් ඇසින් බැලුවානම් මෙවන් ගැටලු සහගත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්නේම නැත.

හෙළ සාහිත්‍යයේ කෘතියකට අටුවා, ටීකා, විවරණ කෘති මතුවන්නේද එම මුල් කෘතියේ අරුත හුදී ජනන් සඳහා නොවැටහෙන නිසාය. ”වංසත්ථප්පකාසිනිය" එසේ මහාවංසයට ලියවුණු විවරණ කෘතියකි.

යම් බසක පාණ්ඩිත්ව්‍යක් නොලබා එම බස භාෂණය සඳහා යොදා ගත හැකි වුවද ශාස්ත්‍රීය කටයුතු වලට යොදා ගැනීම දැලි පිහියෙන් කිරි කෑමකි. "න, ණ, ල, ළ” භේදය, උක්ත අනුක්ත භේදය, පුරුෂ භේදය, ශබ්ද ප්‍රකෘති, ධාතු ප්‍රකෘති, තත්සම, තද්බව, නිෂ්පන්න වැනි වියරණ කටයුතු නොදැන සිංහල බසේ ශාස්ත්‍රීය පැතිකඩ කෙසේ වෙතත් ශිෂ්‍යත්වය විභාගය සමත්වීමද උගහට කරුණකි.

තමාගේ මාතෘ බසේ කරුණු පිළිබඳව මෙසේ සීමා මායිම් ඇති විට වෙනත් බසක සාහිත්‍යමය කරුණක්, වියරණ කරුණක් හුදෙක් පරිවර්තනයක් බලා කිව හැකිද? එම බසටම ආවේණික පද රටා, වැකි රටා පිළිබඳව අවබෝධයක් සමග එම බස පිළිබඳව මනා පරිචයක් ලැබීම පළමුව කළ යුතු කරුණකි.

සිංහල සංදේශ කාව්‍යයක කවියක අරුත ලිහිල් බසින් විවරණයට පෙර මෙම කාව්‍ය කුමක්ද? කවියා කවුද? කවියාගේ අරමුණ කුමක්ද? මෙම කවියට පෙර කවිය කුමක්ද? එම කවිය හා මෙම කවියේ සම්බන්ධය කුමක්ද? යන්න සොයා අරුත්බර විචාරයක් ලිවීමට පාසල් ළමෝ පවා දනිති.

අල්ලාහ් දෙවියන් විසින් පහළ කළාවූ ශුද්ධ වූ අල්-කුර්ආන් වැකිවල අරුත ප්‍රකාශ කිරීමට පෙර මෙම වැකිය හා සම්බන්ධ පරිසරය පිළිබඳ අවබෝධයකින් තොරව අදහස් විකෘති කර විනාශකාරී ප්‍රකාශ කිරීම තුළින් නොසැලකිලිමත් බව මනාව තීව්‍ර වේ.

وَإِذ يَمكُرُ بِكَ الَّذينَ كَفَروا لِيُثبِتوكَ أَو يَقتُلوكَ أَو يُخرِجوكَ ۚ وَيَمكُرونَ وَيَمكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيرُ الماكِرينَ﴿۳۰﴾

"(නබිවරය,) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවු.) ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” (මූලාශ්‍රය: අල්-කුර්ආන් 8:30)

මෙම අල්-කුර්ආන් වාක්‍යයෙන් පෙන්නුම් කරනුයේ මක්කාවාසී ප්‍රතික්ෂේපකයින්ගේ එක් සභාවක් පිළිබඳවය. එම සභාවෙහි සිටි ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමා දේශාන්තරණය කිරීමෙන් හා එතුමාගේ පණිවිඩය වැඩි දුර ප්‍රරචාරය කිරීමෙන් වැළැක්වීමට සාකච්ඡා කළෝය. ඔවුන්ගෙන් ඇතැමුන් නබි මුහම්මද් තුමාව අත්අඩංගුවට ගෙන මරණය තෙක් නිවසක රඳවා තැබිය යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. තවත් සමහරුන් එතුමාව උපන් නගරයෙන් පිටුවහල් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් කළෝය. නමුත් මෙම යෝජනා දෙක එම සභාවේ බහුතරය මගින් ප්‍රතික්ෂේප කරන ලදී. අවසානයේ දී විවිධ ගෝත්‍රයන්ගෙන් සෑදුණු තරුණ කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන් එතුමාව ඝාතනය කළ යුතු යැයි තීන්දු විය. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරන ලදී. එම තරුණ කණ්ඩායම ඔවුන්ගේ එම අයහපත් කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට එතුමාගේ නිවස වට කළෝය. නමුත් අල්ලාහ් නබි මුහම්මද් තුමාව විස්මිත අයුරින් ආරක්ෂා කර කිසිඳු හානියකින් තොරව එතුමාගේ නිවසින් පිට කිරීම මගින් ඔවුන්ගේ කුමන්ත‍්‍රණය නිෂ්ප්‍රභ කළේය. එවිට එතුමා මක්කාවේ සිට මදීනාවට දේශාන්තරණය කිරීමට හැකියාව ලැබුවේය.

මෙම වැකිය පහළ කරන ලද්දේ මක්කාවාසී ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ කළ පසුබිමකයි. නමුත් අල්ලාහ්, නබි මුහම්මද් තුමාව විශ්මිත අයුරින් ආරක්ෂා කර ඔවුන්ගේ කුමන්ත්‍රණය නිෂ්ප්‍රභ කළේය යන කරුණ පැහැදිළි කිරීම මෙම අල්-කුර්ආන් වැකියේ අරමුණයි. එමෙන්ම නබි ඊසා තුමා නොහොත් ජේසු තුමන්ව සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට අදාළ විෂයේද මේ අයුරින්ම සඳහනක් ඇත (අල්-කුර්ආන් 3:54)

මක්කාවාසි ප්‍රතික්ෂේපකයින් යනු එවකට අරාබිකරයේ සිටි කූටෝපායවත් පිරිසකි. එම පිරිසගේ උපාය පරාජය කිරීමට කටයුතු කිරීම සැළසුම් සහගත ක්‍රියාවක් නොවේද?

සකළ දඹදිව උපායවත් චුලනි බ්‍රහ්මදත්තයන්ගේ කේවට්ට බමුණාගේ උපායන් හිරු දුටු පිනිබිඳු මෙන් නැතිව ගියේ මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ උපායශීලී බව නිසාය.

මෙම අල්-කුර්ආන් පාඨය පහළ කළේ කුමන කරුණක් සඳහාද? කා හටද? පහළ කිරීමේ පරිසරය පිළිබඳව අවබෝධයකින් තොරව තමා නොදන්නා බසකින් ලියා ඇති ආගමික වැකියකට මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.


එම නිසා යම් කරුණක් පිළිබඳව වැදගත් ප්‍රකාශයක් කිරීමට පෙර
1. එම කරුණ ලබා ගත්තේ කුමන බසකින් ද?
2. එම බසේ ස්වභාවය කෙසේද?
3. එම බසේ වියරණ අපේ හෙළ බසේ වියරණ රීති අතර සමාන අසමානකම්
4. බස නොදන්නවානම් එය හොඳින් දන්නා උගතෙකුගෙන් විමසා බැලීම
5. පරිවර්තනයක් පරිශීලනය කරනවානම් එහි පාද සටහන් විමසීම

ආදී කරුණු වෙත ආගමික නායකයෙකු වශයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු නොවන්නේද? විශේෂයෙන් තමා නොදත් වෙනත් ආගමක ගැඹුරු කරුණක් ප්‍රකාශ කිරීමට පෙර සිහි බුද්ධියෙන් විමසා බැලීම වැනි කරුණු පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය.

ස්තූතියි,

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

https://acju.lk/si/news-si/acju-news-si/item/2294-regarding-bbs-statement?fbclid=IwAR1olY_hLMbXlU-kXj84dMTUUHwAZjuI3Te6vNM-ZpxwRqOhjykt97UG2ek

 

Justice for Hejaaz

Frequently Asked Questions on Hejaaz Hizbullah
Who is Hejaaz?
Hejaaz Hizbullah is a prominent young lawyer and activist. After a stellar career at S. Thomas’ College, Mt. Lavinia and the Sri Lanka Law College—where he excelled in debating, moot court and represented Sri Lanka’s senior men’s waterpolo team—Hejaaz took oaths as a lawyer and joined the Attorney General’s Department.
Since leaving the Department, he gained prominence as a bold and effective lawyer, taking on controversial commercial and constitutional cases.
Besides his regular work, he also appeared pro bono in a number of cases involving minority rights and constitutional law, the most notable of which was his appearance for an Election Commissioner in the ‘Constitutional Coup’ case in October 2018.
Hejaaz was also involved in activism related to peace and reconciliation. He worked within the Muslim community, raising awareness regarding anti-Muslim hate and documenting hate incidents with a view to pursuing justice in the court system. He also pointedly critiqued extremism within sections of the Muslim community, and worked with organizations in which he was involved to further inter-communal harmony.
He is now a remand prisoner in the Welikada Magazine Prison because of his work and activism. He has been named an Amnesty International Prisoner of Conscience.
What are the allegations/charges against Hejaaz?
The allegations against Hejaaz have been changing from time to time.
Immediately after his arrest, there was a targeted media campaign designed to portray Hejaaz as someone involved in the Cinnamon Grand Easter suicide attacks on the basis of 14 phone calls over several years between the bomber Inshaf Ibrahim—the son of Sri Lanka’s largest spice trader and Hejaaz. However, when it was pointed that Hejaaz had since 2015 handled two land cases in the District Court for the Ibrahim family—after the cases which were filed in 2010 were handed over to him by a prominent lawyer and politician—these allegations were sidelined.
Thereafter a fresh allegation was made in the media and by the CID that Hejaaz was the mastermind of the Easter attacks. This too was sidelined before long.
Thereafter, the CID alleged that Hejaaz had received funds from a terrorist organization called “Qatar Charity”.
Curiously, Qatar Charity continues to function in Sri Lanka to date and collaborates with the current government on a number of charity measures.
The last allegation made was that Hejaaz was involved in the indoctrination of certain poor children with little to no formal education from Colombo who were boarded and educated at an Arabic College (Madrasa) in Puttalam. The children were sponsored by “Save the Pearls”, an educational charity in which Hejaaz was a member.
Hejaaz was finally indicted in mid-2021 and the charges in the indictment are that Hejaaz told these children that Catholics are attacking Muslims in Israel-Palestine, and it is only if Catholics are attacked in Sri Lanka that they would cease attacking Muslims in Israel-Palestine. The offences referred to in the indictment are versions of hate-speech prohibitions in the Prevention of Terrorism Act and the ICCPR Act.
It remains to be seen if and when any old allegations against Hejaaz would be resurfaced, or if any new ones would be concocted in the event the charges in the indictment fail.
Are the allegations/charges credible ?
The charges are baseless and false.
There is no substance in the allegation that Hejaaz aided and abetted Inshaf Ibrahim. He only had 14 calls with the Cinnamon Grand terrorist bomber over 5 years, explained by the fact that Inshaf was the contact point for the two civil land cases in which Hejaaz appeared. There is no other evidence implicating Hejaaz in the Easter Sunday attack. In fact, Hejaaz has maintained that the phone calls were primarily for the purpose of following up requests that fees be paid on time.
The allegation regarding terrorist financing and Qatar Charity is also spurious. There is no evidence that Hejaaz received any funds from Qatar Charity.
This aside, Qatar Charity continues to operate at its offices in Colombo, and has collaborated with the Sri Lankan Foreign Ministry on many relief activities including Covid-19 relief. Qatar Charity is effectively the charitable extension of the Qatari government. The Chairman of its Board is HE Sheikh Hamad bin Nasser Al Thani, a senior member of the Qatari Royal family.
The allegations regarding hate speech are even more spurious. For one, Hejaaz was never in the vicinity of the Madrasa when he was alleged to have made the speech. Moreover, the single child upon whose evidence the indictment was purportedly based has made several contradictory statements regarding Hejaaz’s involvement.
In one statement, he identifies Hejaaz as a Hizbullah who stated that he owned a university in Batticaloa – a clear allusion to former Minister Hisbullah who owned such a university. Further, several similarly circumstanced children have petitioned the Supreme Court that they were taken to the CID premises and threatened to falsely implicate Mr. Hizbullah.
Two teachers at the same school have also complained that they were similarly threatened.
How long has he been held in detention?
Hejaaz has been held in custody since 14th April 2020. He has now been in custody for more than 500 days. He has only been permitted to meet his wife and lawyers a handful of times. The Prevention of Terrorism Act prevents bail for suspects until the end of the trial, unless the Attorney General consents to bail. The Attorney General has hitherto not consented to bail.
Why is Hejaaz being targeted?
While Hejaaz’s family and friends cannot be sure exactly why Hejaaz was singled out for persecution, several matters are relevant.
First, Hejaaz was a brave and powerful voice on minority rights and the treatment of Muslims in Sri Lanka. He was unafraid and uncompromised. Such was his involvement that he was involved in almost every court case involving Muslim minority rights or anti-Muslim hate.
Second, Hejaaz was one of the first to publicly speak of the Easter Attack being a conspiracy. In fact, in his first few tweets immediately after the attack he questioned as to why the authorities turned a blind eye to the terrorists despite several complaints to the authorities and law enforcement from those within the Muslim community about the extremism and violence of those involved in the Easter attacks.
Third, Hejaaz was incisive in analyzing the drivers and sources of anti-Muslim violence and hatred. He believed that anti-Muslim violence and sentiment was deliberately created and driven by politically motivated actors, and did not believe that they emerged due to organic factors. He shared his analysis publicly on several occasions.
Fourth, Hejaaz was rapidly gaining prominence as a lawyer and was growing in stature as a public figure. Hejaaz’s family and friends assume Hejaaz’s work and activism made him powerful enemies.
 

‘‘ස්වාධිනව කටයුතු කරන් බෑ: තනතුරින් යනවා‘‘

User Rating: / 1
PoorBest 

(විනීතා එම් ගමගේ)

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.

https://www.lankadeepa.lk/news/%E2%80%98%E2%80%98%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B1%E0%B7%80-%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%91:-%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E2%80%98%E2%80%98/101-599296

   

76 individuals including Christian and Catholic priests call for the release of Hejaaz

User Rating: / 1
PoorBest 

In a public petition signed by 75 individuals including Christian and Catholic priests, they have called upon members of the Human Rights Council and all members of the international community to urge the Sri Lankan government to release Attorney-at-law Hejaaz Hizbullah forthwith.

They also urge the international community to call upon the government to desist from deploying the Prevention of Terrorism Act (PTA) against Hizbullah.

The public petition states the 26th August 2021 marks the 500th day of Hejaaz Hizbullah’s incarceration.

Among the Christian and Catholic priests signing the public petition were  Bishop Duleep de Chickera, the 14th Anglican Bishop of Colombo,  former General Secretary of National Christian Council Rev. Dr. Jayasiri T. Peiris, Rev. Fr. M. Sathivel, Rev. Andrew Devadason, Rev, Marc Billimoria, Rev. Fr. Nandana Manathunga, Rev. Fr. Oswald B. Firth, Rev. Fr. Terence Fernando and Rev. Maxwell Doss.

This public petition has also been signed by 23 civil society organizations and parties including Sri Lanka Young Journalists' Association, Women for Justice and Peace in Sri Lanka Women's Action Network, Centre for Policy Alternatives and Nawa Sama Samaja Party (NSSP).

Former Commissioner of the Human Rights Commission of Sri Lanka Ambika Sathkunanathan, Attorney-at-law Bhavani Fonseka,  Dr Lionel Bopage, Convenor-Voice for Democracy in Sri Lanka, former Member of the Election Commission Prof. S. Ratnajeevan H. Hoole were also signatories.

The public petition also urge members of the Human Rights Council, and the European Commission, to treat Hizbullah’s case, and other similar cases, as emblematic reflections of the egregious human rights abuses that take place under the PTA.

According to this petition, an indictment under the Prevention of Terrorism Act and the International Covenant on Civil and Political Rights (ICCPR) Act has now been served on Hizbullah. According to the indictment, Hizbullah is not accused of involvement in the Easter Sunday Attacks, but is only accused of making certain statements to students in contravention of these laws. The petition states only evidence for the indictment appears to be a statement by one child, in which Hizbullah is described as a person who owns a university in Batticaloa–a clear allusion to a prominent politician bearing the same name.

'He was recognised as a Prisoner of Conscience by Amnesty International on 14th July 2021. We note that a Prisoner of Conscience is by definition a person who is imprisoned solely because of their conscientiously held beliefs, or for discriminatory reasons including relating to their ethnic or religious identity in the circumstances leading to their arrest. Therefore, the recognition of Hizbullah as a Prisoner of Conscience is an important development that reaffirms his innocence,' the public petition stated.

We the undersigned reiterate these demands, and call on the Government of Sri Lanka to immediately and unconditionally release Hizbullah, and to drop all charges against him, the petition further stated.(Lakmal Sooriyagoda)

https://www.dailymirror.lk/breaking_news/76-individuals-including-Christian-and-Catholic-priests-call-for-the-release-of-Hejaaz/108-219156

 

හිජාස් – අහ්නාෆ් නිදහස් කොට ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ! – විශ්වවිද්‍යාල ආචාර්ය – මහාචාර්යවරුන් 96 දෙනෙක් අවධාරණය කරති !

User Rating: / 1
PoorBest 

යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරන ආයතන පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසය තහවුරු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් නිදහස් කිරීම එහිදී තීරණාත්මක කරුණක් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව අවධාරණය කර සිටී.
මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු පීඩාකාරී නීති වහාම අවලංගු කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අදාළ පිරිස, වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ජනතාව මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවයි. ඒ සඳහා සාමූහිකත්වය අතිශය වැදගත් බව ද ඔවුහු පෙන්වා දෙති.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව නියෝජනය කරන 96දෙනෙකු විසින් මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර, පහත පළවන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.
“හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් සිරබාරයේ රඳවා තබා ගැනීම, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව පියවර ගැනීමට කැඳවීමක්
දශක ගණනාවක් තිස්සේ පවතින්නා වූ බහුතරවාදී දේශපාලනය මඟින් මෙන්ම, මෑත කාලීනව සමාජය ඒකාධිපතිවාදය සහ මිලිටරීකරණය වෙත වඩාත් පල්ලම් බැසීම තුළින්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම විඛාදනය කර තිබේ. මේවා මඟින් අපගේ එදිනෙදා ජීවිතය තුළ අත්දකින්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අපේ සංවේදනය නැතිකර දමා ඇති අතර, අප සමාජය තුළ සමහර පුරවැසි කණ්ඩායම් ඉලක්ක කරනා ආකාරය පිළිබඳව අපගේ සංවේදීතාවයද අක්‍රීය කොට ඇත. හිජාස් ඕමාර් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගෙන වසරකට වඩා ගත වී ඇති අතර, ඔවුහු ඉතා අමානුෂික තත්වයන් යටතේ තවමත් සිරබාරයේ පසුවෙති.
2020 අප්‍රේල් 14 වන දින මානව හිමිකම් සහ ව්‍යවස්ථාමය නීතිඥයකු වන හිස්බුල්ලා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(ය) වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්නා ලදුව මාස 10 ක් ගතව ඇතත් තවමත් රැඳවුම් භාරයේ පසුවෙයි.  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුට එල්ල වූ චෝදනාව වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකුට  “ආධාර සහ අනුබල දීම” යි (පසුව අනාවරණය වූයේ පෙර අවස්ථාවක ඔහුගේ පවුලේ ඉඩම් නඩු දෙකකදී හිස්බුල්ලා විසින් ඔවුන් නියෝජනය කොට ඇති බවයි). නමුත් දැන් වන විට එම චෝදනා පුළුල් කොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (3)(1) වගන්තිය යටතේ ආවරණය කරන්නා වූ භාෂණය සම්බන්ධ දෝෂ දෙකකට ඔහුව වැරදිකරු කොට ඇත. නමුත් මෙම දෙවන චෝදනා සමූහය ගොනුකර ඇත්තේ බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙකුගේ කට උත්තරය මත බවත්, එම කට උත්තරය ලබාදීම සඳහා තමන්ට බලපෑම් හා තර්ජන එල්ල වූ බව එම දරුවන් දැන් පවසන බවත් සිහිතබා ගත යුතුය.
2020 මැයි 16 වන දින පොලිස් ප්‍රති ත්‍රස්ත විමර්ශන අංශය විසින් මන්නාරම් ප්‍රදේශයේ කවියෙකු හා ගුරුවරයෙකු වන ජසීම්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නවරාසම් පොතේ “අන්තවාදී අදහස්” අඩංගු බවත් ඔහු එම “අන්තවාදී අදහස්” දරුවන්ට උගන්වන බවටත් චෝදනා කරමිනි. මනෝ චිකිත්සකයන්ගෙන් සමන්විත “විශේෂඥ මණ්ඩලයක්” (ඔවුන්ගෙන් සමහරෙක් විශ්ව විද්‍යාල වලටද අනුබද්ධිතය) විසින් මෙම කවි ප්‍රතිනිරීක්ෂණය කිරීම සිදු කළ අතර ප්‍රචණ්ඩත්වය, වෛරය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි උසිගැන්වීමට මෙම පොතේ ඇති හැකියාව පිළිබඳව නොපැහැදිලි අදහස් සමූහයක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත. මෙම විනිශ්චයන් සඳහා වූ පදනම හෝ එකී විනිශ්චයන් සම්බන්ධ සාධාරණීකරණයන් සැපයීමට ඔවුන්ගේ මෙම වාර්තාව අසමත් වී ඇති අතර, දෙමළ භාෂාවෙන් රචිත මුල් පිටපතෙහි සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තන අතර යම් යම් පරස්පරතා පවතින බවද එහි සඳහන් වේ. හරියාකාරව නම් මෙවැනි අවස්ථාවක මෙම විශේෂඥ මණ්ඩලයේ සමස්ත ව්‍යායාමය පිළිබඳවම ප්‍රශ්නකාරී බවක් මේ නිසා මතුවිය යුතුව තිබුණි. එම චෝදනා වලට පටහැනිව, මෑත කාලීන පරිවර්තන වලින් හෙළි වන්නේ එකී රචනාවන් ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස විවේචනය කරන බවයි.
නීතීඥයින්ගේ අයිතීන්ට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මරු පහරකි හිස්බුල්ලා අත්අඩංගුවට ගත් ආකාරය සහ අද දක්වා රඳවා තබාගෙන සිටීම. මේ කරුණු වලට අමතරව, ජසීම්ගේ අත්අඩංගුව විසින් නියෝජනය කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ බහුත්වවාදයට පහර දීමක් සහ අදහස් මත දියත් කරන ලද වඩා පුළුල් යුද්ධයකි. හිස්බුල්ලා සහ ජසීම්ගේ නඩු විභාග වල ප්‍රගතිය දෙස බලන විට ඔවුන්ගේ අයිතීන් පැහැදිලි ලෙස උල්ලංඝණය වී ඇති බවත්, ඔවුන්ට එරෙහිව නඩුව ගොඩ නැඟීම සඳහා සැක සහිත උපක්‍රම භාවිතා කොට ඇති බවත් පෙනී යයි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි අත්අඩංගුවේ පසුවන කාලය තුළ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපිරීමවත් සිදුව නැත.
හිස්බුල්ලා සහ ජසීම් සිරගත කිරීම සිදුවන්නේ මුස්ලිම් ප්‍රජාව අපකීර්තියට ලක් කිරීමට හා හුදෙකලා කිරීමට සංවිධානාත්මක මුස්ලිම් විරුද්ධවාදී බලවේග අර අඳින පසුබිමකය. “ජාතික ආරක්ෂාව” යන නාමයෙන් රජය දක්වන අනුග්‍රහය නිසා ප්‍රචණ්ඩත්වය හා බිය ගැන්වීම් බාධාවකින් තොරව ඉදිරියට ගමන් කරයි. 2021 මාර්තු මාසයේදී මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මද්‍රාසා පාසල් 1000 ක් වසා දමා බුර්කාව තහනම් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කළේය. මසකට පසු, කැබිනට් මණ්ඩලය විසින් සියලු ආකාරයේ මුහුණු ආවරණ පොදු ස්ථානවල තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කළ අතර, මැයි මාසයේදී රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා නිවේදනය කළේ මෙරටට ගෙන එන ඕනෑම ඉස්ලාමීය ආගමික ග්‍රන්ථයක් රේගුවෙන් නිදහස් කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව පමණක් බවයි. මෙවැනි ක්‍රියාවන් තුළින් මුස්ලිම් වීම අපරාධයක් බවට ඇඟවුම් කරන අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පහරදීමක්ද සිදු කරයි.
රජයේ කොවිඩ් ප්‍රතිචාරයට ද මුස්ලිම් විරෝධී හැඟීම් මූලික වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනිව, පසුගිය වසරේදී, එනම් වසංගතයේ උච්ඡතම අවස්ථාවකදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය පිරිස් සඳහා අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මියගිය අය භූමදානය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර දැඩිව මුල්බැසගෙන ඇති ආගමික සම්ප්‍රදායන් නොසලකා හරිමින් හා පදනම් විරහිත මහජන සෞඛ්‍ය ගැටළු උපුටා දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක්ද ඇතුළු “ප්‍රවීණයෝ” මෙම ප්‍රතිපත්තියට සහාය පළ කළහ. අද වනවිට මෙම භූමදාන වලට අවසර ඇති මුත්, ඒවා මුස්ලිම් ජනයා බහුලව වාසය කරන ඔට්ටමාවඩි හා මඩකලපුව ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇත. මෙයින් සංඥා කරන්නේ ඔවුන්ගේ මරණ වලින් එල්ල වන්නා වූ යම් හෝ තර්ජනයක් තිබේ නම්, ඊට මුස්ලිම්වරු තනිව මුහුණ දිය යුතු බවයි. මෙම භූමදානය පිළිබඳ ප්‍රශ්නය, වසංගත තත්වය මුස්ලිම්වරුන්ට එරෙහි අවියක් බවට පත් කිරීමේ වඩාත් නින්දිත හා බරපතල උත්සාහයන්ගෙන් එකකි. වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, දේශපාලනඥයන්, හමුදා නිලධාරීන් සහ රජයේ පාලනය යටතේ පවතින මාධ්‍ය වල ප්‍රකාශ හා ක්‍රියා මගින් පැහැදිලි වන්නේ සමස්ත රාජ්‍ය ධූරාවලියම, මුස්ලිම්වරුන් වසංගතය අධික ලෙස පැතිරවීමට/ව්‍යාප්ත කිරීමට හේතු වන කණ්ඩායමක් ලෙස ඇඟවුම් කිරීමට උත්සාහ දරනා බවයි.
මෙම ප්‍රවණතා අලුත් දේවල් නොවේ. ඒවා දශකයක් පුරාවට මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වයේම දිගුවකි. 2012 වර්ෂයේ සිට මුස්ලිම් පල්ලි වලට එල්ල කළ සංවිධානාත්මක ප්‍රහාර දීම් සහ හලාල් විරෝධී ව්‍යාපාරයක් ඇතුළු මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ නැඟ ඒම් වල කූටප්‍රාප්තිය වූයේ අළුත්ගම සහ දිගන ප්‍රදේශවල ඇති වූ කැරලි ඇතුළු බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා සමූහයයි. ඊට සමගාමීව, අතිශයින් දේශපාලනීකරණය වූ ව්‍යාපාර විසින් මුස්ලිම් පුද්ගලයින් ඉලක්ක කිරීම දක්නට ලැබුණි. නිදසුනක් වශයෙන්, බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය සිදුකිරීම පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශයන් මත වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට චෝදනා එල්ල විය. එසේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සිදුවූ මුස්ලිම්  දඩයම හෙලා දුටු සමාජ ක්‍රියාකාරියකු වූ රම්සි රාසික්ව රැඳවුම් භාරයට ගැනුණි. මෙම සිද්ධීන් සම්බන්ධව දැඩි උද්‍යෝගීමත් පිළිවෙත් අනුගමනය කරන, මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතන විසින්, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති අතර මෙතෙක් කිසිවෙකු මේ සම්බන්ධයෙන් වගවන තැනට කටයුතු කොට නොමැත.
මුස්ලිම්වරුන් ඉලක්ක කිරීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කිරීමට ඉවහල් වන ඒකාධිපතීත්වය සහ හමුදාකරණය වර්ධනය වීමේ සන්දර්භයක් තුළ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඉහළ නිලයන් දරන නිලධාරීන් සහ දේශපාලනඥයින් පිළිබඳ විමර්ෂණය කිරීමට උත්සහ ගැනීම නිසාත්, කතුවර ශක්තික සත්කුමාර බෞද්ධ විරෝධී යැයි සම්මත දෑ ලීවාය යන මුවාවෙනුත්, තවත් එවැනි බොහෝ දෙනෙකුත් රැඳවුම් භාරයට පත් වූ අයුරු අපි දුටුවෙමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලනීකරණය සහ අත්තනෝමතිකත්වය වෙනුවෙන් යොදා ගැනෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි සහ ICCPR පනත සමඟ සංකලනය කරමිනි. බහුතරවාදී ව්‍යාපාර තුළ සුළුතරයට එරෙහිවත්, බලයේ සිටින්නන්ට එරෙහිව කතා කරන්නන්ට පහර දීමටත්, විසම්මතිය හා දේශපාලන ප්‍රතිරෝධය මර්දනය කිරීමටත්ය මේවා යොදා ගැනෙන්නේ. මෙම ක්‍රියාවන් තුළින් රාජ්‍ය ආයතන සහ අධිකරණ පද්ධතිය පිළිබඳව සැකයක් හා අවිශ්වාසයක් ජනිත කර ඇත.
නිදහස් කථනය භාවිතය සහ ආරක්ෂා කිරීම සඳහා තමන්ට ඇති විශේෂ වූ වරම භාවිතා කොට ශාස්ත්‍රීය ප්‍රජාව විසින් මේ අවස්ථාවේ බලයේ සිටින්නන්ගේ අවභාවිතයන් පිළිබඳ ප්‍රශ්න කිරීමට සහ ඒවා පිළිබඳව ඍජු ප්‍රශ්න නැඟීමට කටයුතු කිරීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම මහජන අරමුදල් මත ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින්නන් වශයෙන් ආන්තීකරණයට ලක් වූවන්ගේ හඬට සහය වීමට සහ එය වැඩි වර්ධනය කිරීමට දායක වීමට අපට යුතුකමක් ඇත. යුක්තියේ අසමානතාව, බහුතරවාදී දේශපාලනය සහ ජාතිවාදී අලංකාරෝක්ති හේතුවෙන් ඇති වූ විනාශයන්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති, අපේ සමහර පුරවැසියන්ට දිනපතා ජීවත් වීමේ ඇති අනාරක්‍ෂිත බව සහ භීතිය දැනගෙන සිටින අපි, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙවැනි ප්‍රහාරයන්ට එරෙහි විය යුතුය. කිසිදු ප්‍රතිවිපාකයකින් තොරව මෙම ක්‍රියාවන්ට ඉදිරියට යාමට ඉඩ දීමෙන් අපි සියල්ලන්ම යම් ආකාරයකින් එයට වගකිවයුත්තන් බවට පත්වන බව අපි විශ්වාස කරමු.
ශාස්ත්‍රීය ප්‍රජාවේ සාමාජිකයන් වශයෙන් පහත අත්සන්කරුවන් වන අප විසින් හිස්බුල්ලා සහ ජසීම් යන දෙදෙනාම නිදහස් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ අපගේ සමාජ පදනම හා ප්‍රජාතන්ත්‍රවාදය ඉරා දැමීමට තර්ජනය කරන අඛණ්ඩ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් ක්‍රියාත්මක වන සන්දර්භයක් තුළ ය. යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියෙහි පිරිහීමත්, එමඟින් වඩා පුළුල්ව අරුත් ගන්වන ආයතනික ක්ෂය වීමත් පිළිබඳව අප ඉතා ගැඹුරින් කරදර වන්නේ, එය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම හායනය වීමේ රෝග ලක්ෂණයක් වන නිසාය. එබැවින් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ක්‍රියාධරයින් විසින් සිදු කරනු ලබන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නතර කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට පටහැනි ඡඕ සහ වෙනත් එවැනි නීති අවලංගු කරන ලෙසත් අපි ඉල්ලා සිටින අතරම, එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව තමාට වගවිය යුතු තැනට පීඩනයක් එල්ල කරන ලෙස මහජනතාවගෙන්ද ආයාචනා කර සිටිමු.
අවසාන වශයෙන්, සැමට ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ළඟා කරදීම වෙනුවෙන් අපට හිමිව ඇති වරම සහ අපගේ ශාස්ත්‍රීය නිදහස භාවිතා කොට මෙම අරගලය පුළුල් කරන ලෙස අපි ශාස්ත්‍රීය ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නෙමු.”
අත්සන් තැබුවේ :
1.     මහාචාර්ය උපුල් අබේරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
2.     ආචාර්ය ආශා අබේසේකර, කොළඹ විශ්වවිද්‍යාලය
3.     ආචාර්ය ඉන්දි අකුරුගොඩ, රුහුණු විශ්වවිද්‍යාලය
4.     මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
5.     මහාචාර්ය ලියනගේ අමරකීර්ති, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
6.     ශානි අනුරාධා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
7.     ආචාර්ය එස්. අරිවල්සාන්, යාපනය විශ්වවිද්‍යාලය
8.     ආචාර්ය ෆසීහා අස්මි, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
9.     මහාචාර්ය ඒ.එස්. චන්ද්‍රබෝස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
10.  මහාචාර්ය සරත් චන්ද්‍රජීව, සෞන්දර්ය විශ්වවිද්‍යාලය
11.  ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, කොළඹ විශ්වවිද්‍යාලය
12.  ආචාර්ය කුමාර් ඩේවිඩ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
13.  රුවන්ති ද චිකේරා, ආරාධිත කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
14.  එරන්දිකා ද සිල්වා, යාපනය විශ්වවිද්‍යාලය
15.  මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ විශ්වවිද්‍යාලය
16.  ආචාර්ය කංචුකා නයනි ධර්මසිරි, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
17.  මහාචාර්ය ප්‍රියාන් ඩයස්, මොරටුව විශ්වවිද්‍යාලය
18.  අවංකා ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලය
19.  ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
20.  කසුන් ගජසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
21.  මහාචාර්ය ඩිලේනි ගුණවර්ධන, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
22.  මහාචාර්ය කමීනා ගුණරත්න, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
23.  මහාචාර්ය ෆර්සානා හනීෆා, කොළඹ විශ්වවිද්‍යාලය
24.  ආචාර්ය ඩී.හේමචන්ද්‍ර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
25.  මහාචාර්ය සිරි හෙට්ටිගේ, කොළඹ විශ්වවිද්‍යාලය
26.  ට්‍රේසි හෝසින්ගර්, ආරාධිත කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
27.  ආචාර්ය රාජන් හූල්, යාපනය විශ්වවිද්‍යාලය
28.  කෞෂල්‍යා ජයසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
29.  මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය
30.  මලීන් ජයසූරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
31.  ආචාර්ය විජය ජයතිලක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
32.  ආචාර්ය පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය
33.  මහාචාර්ය ජෙයරත්නම් ජෙයදේවන්, යාපනය විශ්වවිද්‍යාලය
34.  ආචාර්ය අහිලන් කදිරගාමර්, යාපනය විශ්වවිද්‍යාලය
35.  මහාචාර්ය පවිත්‍රා කෛලාසපති, කොළඹ විශ්වවිද්‍යාලය
36.  ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
37.  ආචාර්ය චන්දන කුලසූරිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
38.  සුපූර්ණා කුලතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
39.  මහාචාර්ය එන්. සවිත්‍රි කුමාර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
40.  ආචාර්ය රම්‍යා කුමාර්, යාපනය විශ්වවිද්‍යාලය
41.  මහාචාර්ය ශමලා කුමාර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
42.  මහාචාර්ය විජය කුමාර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
43.  මහාචාර්ය අමල් එස්. කුමාරගේ, මොරටුව විශ්වවිද්‍යාලය
44.  කෞෂල්‍ය කුමාරසිංහ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
45.  හසිනි ලේකම්වසම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
46.  මහාචාර්ය සෞම්‍ය ලියනගේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලය
47.  ආචාර්ය සුදේෂ් මංතිලක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
48.  රංග මනුප්‍රිය, ආරිධත කථිකාචාර්ය, මොරටුව විශ්වවිද්‍යාලය
49.  ආචාර්ය ප්‍රභා මනුරත්න, කැලණිය විශ්වවිද්‍යාලය
50.  කෝසලායි මදන්, යාපනය විශ්වවිද්‍යාලය
51.  ආචාර්ය මහීම් මෙන්ඩිස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
52.  ආචාර්ය එස්.එන්. මොරායස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
53.  ආචාර්ය රුමාලා මොරෙල්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
54.  ආචාර්ය එම්.ඉසෙඩ්.එම්.නෆීල්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
55.  කේතකී නාගහවත්ත, කොළඹ විශ්වවිද්‍යාලය
56.  ආචාර්ය එෆ්.එම්.නවස්දීන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
57.  සබ්‍රිනා නිලේස්, කැලණිය විශ්වවිද්‍යාලය
58.  මහාචාර්ය එෆ්. නූර්දීන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
59.  ආචාර්ය එම්.ඒ. නුහ්මාන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
60.  මහාචාර්ය අර්ජුන පරාක්‍රම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
61.  සසිනිඳු පටබැඳිගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
62.  නිපුනි ශාරදා පතිරගේ, සෞන්දර්ය විශ්වවිද්‍යාලය
63.  හසිත පතිරණ, කැලණිය විශ්වවිද්‍යාලය
64.  ආචාර්ය ප්‍රදීප් පීරිස්, කොළඹ විශ්වවිද්‍යාලය
65.  මහාචාර්ය අශෝක පෙරේරා, මොරටුව විශ්වවිද්‍යාලය
66.  ආචාර්ය කෞෂල්‍ය පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලය
67.  මහාචාර්ය සසංක පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලය
68.  නිකොලා පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලය
69.  රුහානි පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලය
70.  ආචාර්ය සමන් පුෂ්පකුමාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
71.  මහාචාර්ය රූපිකා රාජකරුණා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
72.  මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
73.  ආචාර්ය රාමසාමි රමේෂ්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
74.  ආචාර්ය රොමෙලා රසූල්, කැලණිය විශ්වවිද්‍යාලය
75.  රිස්මිනා රිල්වාන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
76.  ආචාර්ය අතුලසිරි සමරකෝන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
77.  මහාචාර්ය ගමීලා සමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය
78.  ආචාර්ය ටී. සනාතනන්, යාපනය විශ්වවිද්‍යාලය
79.  ආර්.ටී.එම්. සේනානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
80.  මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, සබරගමුව විශ්වවිද්‍යාලය
81.  මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
82.  නවරත්නම් සිවාකරන්, යාපනය විශ්වවිද්‍යාලය
83.  අනූෂා සිවලිංගම්, කොළඹ විශ්වවිද්‍යාලය
84.  ආචාර්ය එන්. සිවපාලන්, යාපනය විශ්වවිද්‍යාලය
85.  මහාචාර්ය හෙට්ටිගමගේ ශ්‍රියානන්ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
86.  මහාචාර්ය වසන්ති තේවනේසම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
87.  ආචාර්ය දර්ශි තෝරදෙණිය, කොළඹ විශ්වවිද්‍යාලය
88.  මහාචාර්ය දීපිකා උඩගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
89.  ආචාර්ය රමීලා උසූෆ්-තවුෆීක්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
90.  මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්වවිද්‍යාලය
91.  ආචාර්ය රුවන් වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය
92.  ත්‍යාගරාජා වරදාස්, කොළඹ විශ්වවිද්‍යාලය
93.  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලය
94.  ආචාර්ය ෂර්මෙල් විජේවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය
95.  සාමිනාදන් විමල්, යාපනය විශ්වවිද්‍යාලය
96.  ආචාර්ය දිලීප විතාරණ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

https://medialk.com/archives/6028

 

   

Page 1 of 208

Login Form