Saturday, January 29, 2022
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Court refuses to grant bail to Hejaaz Hizbullah

The Puttalam High Court has refused to grant bail to Attorney-at-law Hejaaz Hizbullah who has been detained for over 20 months.

The judge has refused the bail order as it is not under her jurisdiction, despite the Attorney General’s consent to grant bail bail.

The Attorney General’s (AG) Department said on January 20 that it had no objections to releasing Hizbullah on bail subject to conditions.

https://www.dailymirror.lk/breaking_news/Court-refuses-to-grant-bail-to-Hejaaz-Hizbullah/108-230030

 

තනි මතයේ තීන්දුවලින් වැරැදුණු තැන්

උද්ගතව ඇති බොහෝ අර්බුදවලට හේතුව ආණ්ඩුවේ අඥාන ක්‍රියාකලාපයයි. කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකයට යම් බලපෑමක් වූ බව අප පිළිගත යුතුය. එහෙත් එය එකම හේතුව යැයි කිව නොහැකිය. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් හා විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. ඒ කොවිඩ්වල බලපෑම නිසාය. කෙසේවෙතත් අද ජනතාවට මුහුණදීමට සිදු ව තිබෙන ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණය.


ඊට දැක්විය හැකි හොඳම නිදසුන නම් පොහොර ප්‍රශ්නයයි. රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර හොඳ බවත් එනිසා කාබනික ගොවිතැනට යොමු වීම වැදගත් බවත් අපි දනිමු. එහෙත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේත් ඔහුගේ උපදේශකවරුන්ගේ අරමුණ වූයේත් අදාළ කාබනික වගා ව්‍යාපෘතිය ක්‍රමයෙන් වසර 10 ක් ඇතුළත සිදු කිරීමය. ඒ අනුව කටයුතු කළේ නම් මතු වෙන අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට යා හැකිව තිබිණි. කෙසේවෙතත් එය වැරදුණේ වහාම ක්‍රියාත්මක කිරීමට යෑම නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වෙන විට වී අස්වැන්න අඩු වී ඇත. එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඉතිහාසයේ කිසි කලෙක සිදු නොකළ ආකාරයට ආර්ථික මූලධර්මවලටද පටහැනිව යමින් මුදල් නෝට්ටු අච්චු ගැසීම නිසා උද්ධමනය ද වේගයෙන් ඉහළ ගියේය.

ආණ්ඩුව බලයට පත් වූ විගසම විශාල ප්‍රතිශතයකින් බදු සහන ලබා දුන්නේය. ව්‍යාපාරිකයන් අතළොස්සකට හැරෙන්නට එයින් පොදු මහ ජනතාවට වාසියක් අත්වූයේ නැත.

මගේ හැඟීම අනුව කල්පනාකාරීව හා සාමූහිකව තීරණ නොගැනීම නිසා මේ ආකාරයේ අර්බුද රාශියක් නිර්මාණය වී තිබේ. ගන්නා තීරණවල නිශ්චිතභාවයක් නොතිබීම ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවකි.

ඊට දැක්විය හැකි හොඳම උදාහරණයක් නම් නිකුත් කරන ගැසට් නිවේදන හැරෙන පරක්කුවට හකුළා ගැනීමය. එයින් හැඟෙන්නේ හොඳින් දුර දිග බලා තීරණ නොගන්නා බවය.

මගේ අදහස අනුව මේ සියලු අර්බුදවලට හේතුව විධායක ජනාධිපති ධුරයයි. එම ක්‍රමය ආරම්භයේ සිටම තීන්දු තීරණ ගන්නා තනි බලධරයා වූයේ ජනාධිපතිවරයාය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන යන විධායක ජනාධිපතිවරුන්ගේ පාලන කාලවලදී තීන්දු තීරණ ගැනීමේදී යම් ප්‍රමාණයකට සාමූහිකව කටයුතු කෙරිණි.

වර්තමානයේ දී වුව කැබිනට් මණ්ඩලයක් තිබුණද එය සම්බන්ධ කරගනිමින් තීන්දු තීරණ ගැනෙන බවක් පෙනෙන්නට නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින් විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළේය. එම තත්ත්වයද මේ උද්ගතව ඇති අර්බුදයට හේතුවකි. තනි පුද්ගල මට්ටමින් ගන්නා තීරණවලට වඩා සාකච්ඡා කර සාමූහිකව ගන්නා තීරණ ශක්තිමත්ය. ධනාත්මකය. තනි තීන්දු ගැනීමේදී සියලු පැති පෙනෙන්නේ නැත.

අමාත්‍ය මණ්ඩලය හරහා සාමූහික තීරණ නොගැනීම අද අප මුහුණ දෙන අර්බුදවල කේන්ද්‍රයේම ඇති ලක්ෂණයකි. වත්මන් ආණ්ඩුව දේශපාලන පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සන්ධානයකි. එහෙත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු විෂයෙහි සම්බන්ධ වීමට හවුල්කාර පක්ෂ නායකයන්ට අවස්ථාවක් ලැබී නැත. එම පක්ෂ නායකයෝ නිතරම ඒ බව කියති.

මෑත දිනෙකදී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණ මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සමග මසකට වරක් සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සුළු පක්ෂවලට ඇති ප්‍රශ්න ආදිය ගැන සාකච්ඡා කිරීමට හැකි වූ බවත්ය. එහෙත් වර්තමානයේදී එවැන්නක් සිදු නොවන බවද මහාචාර්යවරයා පවසයි. මේ සියල්ල ආණ්ඩුවේ අඩුපාඩුය.

ආයතන පද්ධතියේ හටගෙන ඇති පිරිහීම ගැන පුදුමයට පත් විය යුතු නැත. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිස්ථාපිත කළ දා සිට ආයතන පද්ධතියේ පිරිහීම ද ආරම්භ වූ නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 17 හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් එම පිරිහීම යම්තාක් දුරකට සීමා කෙරිණි. රාජ්‍ය ආයතනවලට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණය අදාළ ව්‍යවස්ථා සංශෝධන හරහා ඇති කළ නිසාය. 2015 ට පෙර පැවති ප්‍රජාතන්ත්‍රවාදය සීමිත එකක් විය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් සීමා වුණු තත්ත්වයක් එවක පැවතිණි. එහෙත් 2015 දී බලයට පත් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පසු එම තත්ත්වය වෙනස් විය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික විය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කිරීමට ලැබුණු නිදහස අසීමිත එකක් විය. එම පුරුද්ද සමාජගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පොහොර ප්‍රතිපත්තියට විරුද්ධව කිසිදු සංවිධානයක මැදිහත්වීමකින් තොරව ගොවියෝ ප්‍රසිද්ධියේ සිය දුක් අඳෝනා ප්‍රකාශ කරති. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා හොඳය.

රාජ්‍ය ආයතනවල පිරිහීම නිසා ජනතාවට ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අඩු වී තිබේ. එනිසා මේ පිරිහීම රටට අයහපත්ය. එය එතකින් නතර වෙන්නේ ද නැත. රාජ්‍ය පිළිබඳව ඇතිවෙන කලකිරීමක තත්ත්වයට වර්ධනය විය හැකි නිසාය.

මේ වෙන විටත් බොහෝ පුරවැසියන් රට අතහැර යෑමට උනන්දු වන ස්වභාවයක් දැකිය හැකිය. රටට වැඩදායක බුද්ධිමත් මිනිසුන් අහිමි වීම අභාග්‍යයකි. එබැවින් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර බුද්ධිගලනය සීමා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. විදෙස්ගත රැකියාවල නියුක්ත ලාංකිකයන් මෙරටට මුදල් එවීම අඩු අගයක් ගෙන ඇති බව ඊට අදාළ සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පෙනී යයි. එම තත්ත්වයට බලපෑ එක් හේතුවක් නම් කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වූ අවධියේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම අරබයා ආණ්ඩුව සක්‍රීය ලෙස ක්‍රියා නොකිරීමය. ආණ්ඩුව තමන් වෙනුවෙන් පෙනී සිටින්නේය යන විශ්වාසය රාජ්‍යයේ වෙසෙන සියලු පුරවැසියන්ගේ සිත් සතන්හි ජනිත විය යුතුය.

ඇතැම් ස්වාධීන රාජ්‍ය ආයතනවල ස්වාධීනභාවය බරපතළ ලෙස බිඳවැටී ඇති බවක්ද නිරීක්ෂණය වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධව ද එම ප්‍රශ්නය පැන නගියි. ආර්ථික විශේෂඥයන්ගේ මතය නොතකමින් ඉකුත් 18 වැනි දිනට කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවීමට මහ බැංකුව කටයුතු කළේය. වෘත්තීමයභාවය පසෙකට කර ‘අපට පුළුවන්’ වැනි උද්ධච්ඡකමකින් කටයුතු කරන බව පෙනෙයි. 2021 වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි වෙන බව මහ බැංකු අධිපතිවරයා පැවසූ පරිද්දෙන්ම එය සිදු විය. එහෙත් එම මුදල් ලැබුණේ කෙසේද යන්න මහ ජනතාවට හෙළි කරන්නේ නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා මුල් වූ සාධාරණ සමාජයක් සඳහා වෙන ජාතික ව්‍යාපාරය එයින් අපේක්ෂා කළේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම වළක්වමින් ස්වාධීන ආයතන බවට පත් කිරීමය. එය පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවද යම් ප්‍රමාණයකට සාර්ථක විය. අප තවදුරටත් එම මගෙහිම යා යුතුය.

රට මුහුණ දී තිබෙන අර්බුදවලින් ගොඩගන්නට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අවශ්‍යය. රට ගමන් කරන දිශාව ගැන මගපෙන්වීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුකරන හෙයින් ද එය ඉතාමත් වැදගත්ය. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සිදුවිය යුත්තේ පුද්ගලයන් දෙතුන් දෙනකුගේ වුවමනා එපාකම් අනුව නොවේ. ඒ සඳහා පුළුල් මහජන සහභාගීත්වයක් තිබිය යුතුය. ඒ අරබයා අනුගමනය කළ හැකි බහුවිධ ක්‍රම තිබේ. එහෙත් අපේ ආණ්ඩු සිදුකරන දෙයක් නම් ව්‍යවස්ථා හැදීම කමිටුවලට භාර දීමය. වත්මන් ආණ්ඩුවද අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යය කමිටුවකට පවරා ඇත. ඉන් ඉදිරියට කුමක් සිදු වෙන්නේද යන්න අපැහැදිලිය. ඒ ගැන නිශ්චිතව යමක් කිව නොහැකිය. මගේ අදහස අනුව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන්නේ නම් එය පුළුල් මහජන සාකච්ඡාවකට බඳුන් විය යුතුය. එසේ නොකර පාර්ලිමේන්තුවට යවා විවාද කර සම්මත කර ගන්නා වැඩක් නොවිය යුතුය.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා කමිටු කීපයක් පත්කර මහජන අදහස් ද විමසා බැලිණි. ඒ වෙනුවෙන් යම් කාලයක් ගිය බව සැබෑය. එම සාකච්ඡා ඔස්සේ ආණ්ඩුක්‍රමයේ ඇති කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් හා වෙනත් කාරණා පිළිබඳ ඉතා ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් විය. එහෙත් එය අවසන් කිරීමට නොහැකි විය. ඒ වෙනුවෙන් ගත් කාලය වැඩි බැවිනි. 1972 දී පැනවූ පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක කාලයක් ඇතුළත සම්මත කළේය. 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978 වෙන විට අලුත් ව්‍යවස්ථාව (1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) සකස් කර අවසන් කළේය. 1994 දී බලයට පත් පොදු පෙරමුණු ආණ්ඩුව සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත අවස්ථා තුනකදී මහජන මත විමසීම සඳහා ඉදිරිපත් කෙරිණි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2000 වසරේදී ය. ඒ වෙනුවෙන් ගත් කාලය වැඩිය. ඒ වෙන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ද පහළ බැස තිබූ අතර රටේ තිබූ තවත් ප්‍රශ්න හේතුවෙන් අදාළ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට නොහැකි විය. මේ උදාහරණවලින් උගත හැකි පාඩමක් ඇත.

එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පුළුල් මහජන මත විමසීම් සාකච්ඡා ආදිය තිබිය යුතු වුවද ඒවා නිශ්චිත කාල සීමාවකට සීමා කළ යුතුය. මේ ආණ්ඩුව යටතේ සිදුවෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය විවෘත ව සිදුවෙන්නක් නොවේ. එනිසා එමගින් සිදු කරන්නට යන ව්‍යවස්ථාමය වෙනස්කම් ගැන අපට අවබෝධයක් නැත. ජනතා සහභාගීත්වයෙන් තොරව සම්පාදනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කල්පවතින්නේ නැත.

වර්ෂ 2009 දී යුද්ධය අවසන් වුවද එහි වාසිය රටටත් ජනතාවටත් නොලැබුණි. සිවිල් යුද්ධය ඇතිවීමට බලපෑ සාධක කවරාකාර වුවත් එයින් ජන කණ්ඩායම් අතර අවිශ්වාසය වර්ධනය වීම් සිත් රිදවීම් ආදිය හටගැනිණි. රාජ්‍යයක වගකීම විය යුත්තේ එහි වෙසෙන සියලු ජනවර්ග මුහුණ දෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමය. එය ලංකාවේ සිදු නොවුණි.

එසේම 2012 සිට බොදු බල සේනා ඇතුළු තවත් සංවිධාන කීපයක් රටේ මුස්ලිම් විරෝධයක් මතු කළේය. එමගින් රටේ ස්ථාවරභාවයට ද හානි විය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසුවද මුස්ලිම් විරෝධී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවක් නිරීක්ෂණය වෙයි. එම නිසා මේ වෙන විට මුස්ලිම් ප්‍රජාවගේ සිත්වල මානසික බිඳවැටීමක් හට ගෙන තිබේ. කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ඊට උදාහරණ සපයයි.

මුස්ලිම් ජාතිකයන් මිය ගිය පසු ඔවුන්ගේ සිරුරු භූමදානය කිරීම පිළිගත් ආගමික පිළිවෙතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම මලික් පීරිස් ඇතුළු මෙරට සිටින වයිරස විශේෂඥයන් ද ප්‍රකාශ කළේ කොවිඩ් 19 ආසාදිත මෘත දේහ භූමදානය කිරීමෙන් වයිරසය පසෙන් ජලයට එක්වී ඒ ඔස්සේ යළි මිනිසුන්ට ආසාදනය වීමට ඉඩක් නැති බවය. එහෙත් ආණ්ඩුව එම විශේෂඥ මත පවා ඉවත දමමින් භූමදානයට අවසර නොදී මෘතදේහ ආදාහනය කිරීමට පියවර ගත්තේය. කෙසේවෙතත් වසරක පමණ කාලයක් ඉක්ම ගිය පසු මෘත දේහ භූමදානය සඳහා ඉඩ ලබා දුන්නේය. එයද මඩකළපුව දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයක පමණි. දුර බැහැර ප්‍රදේශවල සිටින ඉස්ලාම් භක්තිකයකු කොවිඩ් ආසාදිතව මිය ගිය හොත් භූමදානය සඳහා මඩකළපුවට එම මෘත දේහය රැගෙන යා යුතුය. එමගින් මුස්ලිම් ආගමික වතාවත් සිදු කිරීමට දැඩි බලපෑම් එල්ල වෙයි.

එක රටක් එක නීතියක් කාර්යසාධන බළකායක් පත් කිරීමත් එහි සභාපතිත්වයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමත් මුස්ලිම් විරෝධී ව්‍යාපෘතියක්ය යන්න මගේ අදහසයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන විවිධ ක්‍රියා සිදු වූ අතර මෙයද එයින් එකකි. රටකට විවිධත්වයක් පැවතීම විශාල ශක්තියකි. ශ්‍රී ලංකාවේ විවිධ ජාති ආගම් පැවතීම වාසනාවකි. 1970 ට පෙර රටේ තිබුණේ ශීලාචාර දේශපාලනයකි. එවක මැතිවරණවලදී තේමා පාඨ වූයේ ධනවාදය ද සමාජවාදය ද වැනි ඒවාය. ජාති හා ආගම් විරෝධී කරුණු මැතිවරණවලදී වුව හුවාදැක්වුණේ නැත. එම ශීලාචාර දේශපාලනයේ හොඳ සංකේත දෙකක් ලෙස ඩඩ්ලි සේනානායක හා ආචාර්ය එන්.එම්. පෙරේරා යන මහත්වරුන් හැඳින්විය හැකිය. මහත්මා දේශපාලනය පිරිහීම ද අපේ රටේ දියුණුවට බාධාවකි. 1970 ට පෙර පැවති ශීලාචාර දේශපාලන සංස්කෘතිය යළි ඇති කළ යුතුය.

මේ අර්බුදයෙන් රට ගොඩගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ දීර්ඝ කාලීන එකකි. පළමුව රටේ මූලික ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා ජාතික කතිකාවක් ඇතිකර ගත යුතුය. එමගින් ඇතිකර ගන්නා එකඟතාව රටේ ව්‍යවස්ථාව හා ආණ්ඩුකරණය ක්‍රියාත්මක කරන ක්‍රමවේදවලටද අන්තර්ගත කරගත යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන සංස්කෘතිය නියත වශයෙන්ම වෙනස් විය යුතුය. මැතිවරණ ක්‍රමයෙහිද ඒ වෙනස නිරූපණය විය යුතුය. එවිට යහපත් මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට පුරවැසියන්ට හැකියාව ලැබෙනු ඇත.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)

https://www.lankadeepa.lk/features/%E0%B6%AD%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A/2-606992

 

Hejaaz Hizbullah’s bail application: AG consents for bail

User Rating: / 1
PoorBest 

The Attorney General's Department today informed the Court of Appeal that the prosecution will consent to release Attorney-at-law Hejaaz Hizbullah on bail if the defence makes an application for bail at Puttalam High Court on the 28th of January.

Deputy Solicitor General Sudharshana de Silva appearing for the Attorney General submitted to the court that trial against Hisbullah at Puttalam High Court due on January 28. He said the prosecution would consent to the bail application if the petitioner makes an application for bail at the end of the day proceedings.

Meanwhile, President's Counsel Romesh de Silva appearing for Hejaaz Hizbullah informed the court that in the interest of his client, he would agree to a settlement.

"There are a lot of facts and legal positions in my favour and I wanted to argue this matter. But in the interest of my client I have accepted the settlement", Mr Silva said.

Accordingly, the Court of Appeal two-judge-bench comprising Justice Menaka Wijesundera and Justice Neil Iddawala fixed the revision application to be heard on February 9.

This revision application had been filed on behalf of Attorney-at-law Hejaaz Hizbullah seeking an order to release him on bail.

An indictment under the Prevention of Terrorism Act and the International Covenant on Civil and Political Rights (ICCPR) Act has now been served on Hejaaz Hizbullah. According to the indictment, Hizbullah is accused of making certain statements to students in contravention of these laws.

Hizbullah is charged under the Prevention of Terrorism Act. He was arrested in April 2020 and held in remand custody for over 18 months.

President's Counsel Romesh de Silva with counsel Niran Anketell and Shanaka Cooray instructed by Sanath Wijewardena appeared for Hejaaz Hizbullah. Deputy Solicitor General Sudarshana de Silva appeared for the Attorney General. (Lakmal Sooriyagoda)

 

https://www.dailymirror.lk/top_story/Hejaaz-Hizbullahs-bail-application-AG-consents-for-bail/155-229455

   

හිජාස්ගේ ඇප සළකා බැලිම ගැන නීතීපතිගෙන් ප්‍රකාශයක්

User Rating: / 1
PoorBest 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව  පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි යැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී  අද (20) ප්‍රකාශ කළේය .

තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (20) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුව මේ මස 28 දින අවසන් වන බැවින් ඉන් අනතුරුව ඔහුගේ ඇප සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ය.

https://www.lankadeepa.lk/news/%E0%B7%84%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%87%E0%B6%B4-%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-606821

 

එක රටක් එක නීතියක් ගැසට්ටුවට කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

User Rating: / 3
PoorBest 

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම නිසා තුවාලවලට අපහාසයක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.


 

https://www.lankadeepa.lk/news/%E0%B6%91%E0%B6%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/101-602203

   

Page 1 of 210

Login Form