Wednesday, July 24, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Attorney at law Hejaaz Hizbullah granted bail

User Rating: / 1
PoorBest 

Attorney-at-law Hejaaz Hizbullah has been granted bail by the Court of Appeal after being detained for over 20 months.

Hizbullah was released on bail today after the Puttalam High Court judge refused to grant bail to him last month.

Refusing bail, she claimed that it was not under her jurisdiction, despite the Attorney General having consented to grant bail.

The judge further informed the defense to request bail from the Court of Appeal on the 9th of February 2022.

The bail application had been filed at the Puttalam High Court after Hizbullah’s lawyer had agreed to a settlement with the other parties in the interest of his client.

On 20th January, the Attorney General’s (AG) Department said it has no objections to releasing Hizbullah on bail subject to conditions.

The AG’s Department informed the Court of Appeal that the bail will be granted only if the defence makes an application for bail at the Puttalam High Court when the case is taken up for hearing.

Attorney-at-law Hejaaz Hizbullah was arrested in April 2020 under the Prevention of Terrorism Act (PTA) and has been in remand custody for over 20 months.

While the police earlier said the lawyer was arrested for alleged links to the Easter attacks, he was subsequently accused of promoting racial hatred, an offence under Sri Lanka’s International Covenant on Civil and Political Rights (ICCPR) Act. He had spent 10 months in custody before being charged. (NewsWire)

https://www.newswire.lk/2022/02/07/attorney-at-law-hejaaz-hizbullah-granted-bail/?fbclid=IwAR2I3Mq1wuymKPK8ZGnZa2KAri0ZJDBxHANheQO8UNnTi9E8lhFRNUWdGZM

 

සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි - දොස්තර ශාෆි කියන කතාව

User Rating: / 1
PoorBest 

“හිර කුටියේදී එයාල මට ලීටර් එක හමාරෙ ප්ලාස්ටික් බීම බෝතලයක් තියාගන්න ඉඩ දුන්නා. කාටවත් කොට්ට දුන්නෙ නෑ. ඒත් බිම ඔලුව තියාගෙන ඉන්නකොට මට නින්ද යන්නෙ නෑ. බෝතලේ වතුරෙන් පුරවල ටිකක් වතුර ඉවත් කළාම ඒක ටිකක් නම්‍ය වෙනවා. මම සී.අයි.ඩියෙ හිටිය දවස් 46ම නිදාගත්තෙ ප්ලාස්ටික් බෝතලේ ඔලුවට තියාගෙනයි. මම ඒකට හුරු වුණා.”

ශාෆි සහාබ්දීන් එම බිහිසුණු අත්දැකීම විඳින්නට පටන් ගත්තේ 2019 මැයි 23 වැනිදා පුවත්පතක මුල් පිටුවේ මෙම වෛද්‍යවරයා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ බවට සැක කරනු ලැබූ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකුව හිඳිමින් සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් රහසේ වඳ භාවයට පත් කළේ යයි චෝදනා කරන පුවතක් පළ කිරීමෙන් අනතුරුවයි.

ඔහු සිරගත කොට ඇප මත නිදහස් කිරීමෙන් පසු පළමු වරට තමා සහ තම පවුලේ අය විඳි ගැහැට පිළිබඳව හෙළිදරව් කරමින් සහාබ්දීන්, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමග සංවාදයක යෙදුණේය. ඔහු ආරක්ෂා කරනු ලැබුවේ දෙවියන් සමග මූලික වශයෙන් සිංහල රෝගීන්ගේ ආශිර්වාදයත්, යාදිනි විසිනුත් බව හෙතෙම කියා සිටී.

වෛද්‍ය සහාබ්දීන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාන්තා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාව සිටියේය. 2015 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අස් වී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කළේය. ඔහුට පාර්ලිමේන්තුවට ඇතුළත් වීමේ වරම අහිමි වූයේ සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. මැතිවරණයට පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය සහාබ්දීන්, තමා වෛද්‍ය වෘත්තියේදී සිසේරියන් සැත්කම් 8000ක් පමණ කර තිබේ යයි මාධ්‍යවේදියකුට කියා තිබිණි. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ එයින් සැත්කම් 4000ක් කරන අතරතුර නීති විරෝධී අයුරින් නාළ අවහිරකොට සිංහල බෞද්ධ මවුවරුන් වඳ භාවයට පත් කළේය යන්නයි.

වෛද්‍ය වෘත්තියේ යෙදෙන බොහෝ අයට මෙම කීම මනඃකල්පිතයක් විය. මේ බව අධිකරණ හා නිල විමර්ශනයේදී ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලයේ අනෙක් අයගෙන් වාර්තා කරගත් ප්‍රකාශවලින් පෙනී ගියේය. එකී චෝදනාවට ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ ප්‍රසිද්ධියේම අභියෝග කළහ.

වෛද්‍ය සහාබ්දීන් අධ්‍යාපනය ලබාගත්තේ කලාවැව මුස්ලිම් විද්‍යාලයෙනි. කලාවැව යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම සහ පැරැණිතම මුස්ලිම් වාසස්ථාන පිහිටි ප්‍රදේශයයි. ඔහුගේ පිය පාර්ශ්වයේ සීයා, එම ප්‍රදේශයේ පළමු රාජ්‍ය සේවකයාය. එම ප්‍රදේශයේ පළමුවෙන්ම දිග කලිසම් ඇඳි අයකුගෙන් කෙනකු වූ ඔහු විජිතපුර රජමහා විහාරයේ ලාබාල බෞද්ධ භික්ෂූන්ට පාලි භාෂාව ඉගැන්වූයේය. ඔහුගේ පියා විදුහල්පතිවරයකු වූ අතර මව ගෘහණියක වූවාය.

පවුලේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූයේ වෛද්‍ය සහාබ්දීන්ය. ඔහුගේ සොයුරිය වෛද්‍යවරියකි. සොයුරා ගණකාධිකාරීවරයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් සමත් වූ අයෙකි. 2003 දී තමාට වඩා කනිෂ්ඨ වෛද්‍යවරියක වූ ඉම්රා සමග ඔහු විවාහ වූයේය. ඇගේ උපන් නගරය වූ කුරුණෑගල ඔවුහු පදිංචි වූහ. 2004 දී සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වීමෙන් පසු හෙතෙම මධ්‍යම පළාතේ සේවය කළේය. මැතිවරණය සඳහා නික්ම යනවිට ඔහු සේවය කරමින් සිටියේ දඹුල්ල රෝහලේය.

වෛද්‍ය සහාබ්දීන් ටිකෙන් ටික පෞද්ගලික ප්‍රතිකාර කිරීමේද නියැළුණේය. කුරුණෑගල නගරයේ සාර්ථක ලෙස විද්‍යාගාරයක් පිහිටවූ ඔහු වාහන අලෙවි කිරීමට සහ රෙදිපිළි අලෙවි කිරීමේ ව්‍යාපාර වෙතද යොමු වූයේය.

කුරුණෑගල නගරයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා මිතුරන් තිදෙනකු සමග එකඟතාවකට එළැඹීමෙන් පසුව එය මිලදී ගැනීම සඳහා ඔවුහු ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් මිලියන ගණනක් තැන්පත් කළහ. ඒ වනවිට පැවතුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක ඉලක්කයක් බවට පත් වූයේ එම ගනුදෙනුවයි.

මැතිවරණයෙන් ඔහුට ඡන්ද 54,000 ලැබුණු මුත් පාර්ලිමේන්තු ආසනයක් හිමිකර ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය. මැතිවරණයෙන් මාස 16කින් පමණ අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු නැවත සේවයේ පිහිටුවාලූයේ මැතිවරණයෙන් පැරදුණ තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ද සමගය. 2018 පෙබරවාරි මාසයේ පටන් 2019 මැයි මාසයේ ඔහු අත්අඩංගුවට ගන්නා තුරු ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගර්භණී හා නාරි වෛද්‍ය අංශයේ සේවය කළේය.

2019 අප්‍රේල් මාසයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ප්‍රදේශය පුරා මුස්ලිම්වරුන් අතර ආතතියක් හට ගත්තේය. නොපැහැදිලි චෝදනා මත සුප්‍රසිද්ධ ප්‍රජා නායකයෝ අත්අඩංගුවට පත්වූහ. ඇතැමුන් සිර භාරයෙන් නිදහස් කරනු ලැබුවේ දින ගණනාවක් ඉක්ම ගිය පසුවය. තමාද ඉලක්ක වී ඇති බවට කියන කටකතා වෛද්‍ය සහාබ්දීන්ගේ කනට ඇසිණි. පවතින තත්ත්වය පහව යනතුරු රටින් පිටව ගොස් හිඳ නැවත පැමිණීමට ඔහුගේ බිරිඳට අවශ්‍ය වූයේය.

“මට බය හිතුනා. ඒත් කාට වුණත් මාව අත්අඩංගුවට ගන්න ඕන වෙන්නෙ ඇයි කියල මම ප්‍රශ්න කරමින් හිටියෙ.” ඔහු කීවේය. “මම රටෙන් පිටව යන්න කැමැති වුණේ නෑ මගේ රටට මම ආදරේ නිසා. පසුගිය කාලෙ රටෙන් යන්න ඕනෑ තරම් අවස්ථා මට ලැබුණා. අද පවා එහෙමයි. අසරණ රෝගීන්ගේ කන්නලව් නිසා මම ආරක්ෂා වුණා කියලයි හිතන්නෙ. මොකද මම වැඩ කළේ ඒ අයටයි. යම් පුද්ගලයකුගේ දුක් වේදනා තමන් දුරු කළොත් ඔවුන් තමන් වෙනුවෙන් හදවතින් කතා කරනවා.”

මුළු රෝහල පුරාම වෛද්‍ය සහාබ්දීන් මුළුමනින් ජනප්‍රියව සිටියේ යයි එයින් ඇඟවෙන්නේ නැත. විශේෂයෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර ඔහු ජනප්‍රිය නොවූයේය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ, ගිහින් තමාගේ රැකියාව කොට එතැනින් නික්ම ඒමයි. එකිනෙකා සමග දොඩමින් සිටීමට ඔහු කාලය ගත කළේ නැත. ශාෆි මහත්තයා ලවා ශල්‍යකර්ම, ස්කෑන් සහ වෙනත් රෝග පරීක්ෂා කිරීම් කර ගැනීමට කාර්ය මණ්ඩලයේ උදවිය ඔහු සොයා ගියහ.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ හිටපු සභාපති අනුරුද්ධ පාදෙණියගේ දෙවැනි දරුවා ලැබෙන විට ඊට අදාළ සිසේරියන් සැත්කම කර ඇත්තේ ද වෛද්‍ය සහාබ්දීන් ය.

“මම GMOA සාමාජිකයකු වුණත් මම ඔවුන්ට විරුද්ධව දැඩි මතයක සිටියා. විශේෂයෙන් වර්ජනවලදී තමන් ජයග්‍රහණ ලබන්නේ රෝගීන්ගේ අයිතීන් අහිමි කරලයි’’ යන මතයේ මම සිටිය. ‘‘රෝගීන් දුක් විඳිනව. ඒ නිසා මම වැඩ වර්ජනය කරල වෛද්‍ය සංගමයට සහාය වෙමින් ඊට එක්වුණේ නෑ.”

ඇතැම්හු වෛද්‍ය සහාබ්දීන්ට එරෙහිව අපහාස වදන් දෙඩුවෝය. ඇතැම් විට ඔහු හා වචන හුවමාරු වූයේය. ඔහු හිස උදුම්මාගත් දඩබ්බර අයෙක් සේ සලකනු ලැබිණි.

“මම කාටවත් හිස නැමුවෙ නෑ. මම මගේ වැඩක් බලාගෙන හිටියෙ. ඒත් ඒ ගතිය නිසා මට මෙතරම් හානියක් වේවි කියල මම හිතුවෙ නෑ.”

නීති විරෝධී වඳ සැත්කම්වලට වෛද්‍ය සහාබ්දීන් වැරැදිකරු යයි කියන මතයට පක්ෂ පුවත් පත්තර පිටු ගණන් පළවෙන්නට ගත්තේය. සමාජ මාධ්‍යවල ඔහුට මරණ තර්ජන එල්ල විය. මැයි 24 වැනිදා උදයේ ඔහු සේවයට වාර්තා කිරීමට බියෙන් පසුවූයේය. රෝහල් පරිශ්‍රයෙන් පිටත ඔහුට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කෙරිණි. එදින රාත්‍රියේ ඔහු උපවාස කාලයෙන් පසු සිය 12 හැවිරිදි පුත්‍රයා සමග පල්ලියේ යාඥා කරමින් ඉන්නා විට තම නිවසට පොලිසිය පැමිණ ඇතැයි ඔහුට පණිවිඩයක් ලැබුණේය.

ඔහු කඩිමුඩියේ නිවෙසට පැමිණියේය. අසාධාරණ ලෙස තමා ඉලක්කගත වූයේ ඇයි දැයි පොලිසියෙන් විමසා සිටියේය. ඔවුහු ඔහුව පොලිසිය වෙත රැගෙන ගියේ පුවත්පත් ලිපියක සඳහන් චෝදනාවලට, ෆේස්බුක් සටහනක් යෙදූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන මුවාවෙනි. පොලිස් ස්ථානයේදී තමාට අයුක්තිය සිදුකළ පැමිණිල්ල වාර්තාගත කිරීම ඔහුට අවශ්‍ය විය. එම කාර්ය ඉටු නොවීය. ඉන්පසු ඔහු නැවත නිවසට රැගෙන ආයේ නිවස පරීක්ෂා කිරීම සඳහාය. CCTV කැමරා නිවා දමන ලෙස ඔවුහු නියෝග කළහ. ඔවුහු දරුවන්ගේ කොම්පියුටර්, ලැප්ටොප්, බ්‍රීෆ්කේස් සහ පැරැණි දුරකථන ඉවත ඇද ගත්හ. ඔහුගේ බිරිඳගේ කුරාණය පවා ඔවුහු උදුරා ගත්හ.

පොලිස් නිලධාරීහු නැවත ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ආහ. නීතිඥවරයකු අමතන්නට ඔහුට අවසර නොලැබිණි. ඔහුගේ දුරකථන ක්‍රියාවිරහිත කෙරිණි. ඔහු පොලිස් කොස්තාපල්වරයකු ළඟ හිඳුවා තැබූ අතර එම නිලධාරියා ඔහුට ඉවත යන්නට ඉඩ දුන්නේ හෝ ඔහුගේ පැමිණිල්ල ලියා ගැනීමක් සිදු කළේ නැත. ඔහු රඳවා තබාගෙන ඉන්නේ ඇයි දැයි (ඔහු තබාගෙන ඇත්තේ රඳවාගෙන නම්) ඔහු නොදත්තේය. නිවසට ගොස් පසුදා එන්නට ඔහු විමසූ විට කොස්තාපල්වරයා ඊට ඉඩ නුදුන්නේය. කිසිවකුට ඔහු බලන්නට අවසර නුදුන්නේය.

“මාව තනිකරම හුදෙකලා කරා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය. “මාව තියාගන්නවද මට යන්න දේවිද දන්නෙත් නෑ.”
ඊළඟ දිනයේ උදෑසන ඥාතීන් දෙදෙනකුට ඇතුළට පැමිණ ඔහුට විස්කෝතු හා වතුර ලබා දෙන්නට ඉඩ දෙනු ලැබීය. ඉහළින් ලැබුණු නියෝගයකට අනුව විමර්ශන සඳහා ඔහු තබාගත් බව පොලිසිය ඔහුට කීවේය. නැවත අපරාධ අංශයට ගෙන ගිය ඔහුට පුටුවක හිඳගෙන ඉන්නට සිදුවිය.

ඔහුගේ නීතිඥවරයාට එතැනට එන්නට අවසර නොලැබිණි. ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ බලෙන් වඳ සැත්කම් කිරීමක් ගැන නොව පෞද්ගලික හා පවුලේ ඉතිහාසය පිළිබඳවය. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ආරංචිය පැතිරයාමත් සමඟ මාධ්‍යවේදීහු පොලිසිය වෙත ආහ. “ඊට පස්සෙ මාව අත්අඩංගුවට ගන්න කතාවක් ඇහුණ.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.

මුහුණදීමට සිදුවූ තවත් බොහෝ ගැටලු

වෛද්‍ය ශාෆී සහාබ්දීන්ට කාරණා කිහිපයකදීම තමා වෙනුවෙන් තවමත් කටයුතු කරන්නට සිදු වී ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ පසුව සෞඛ්‍ය අමාත්‍යංශය අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ආයතන සංග්‍රහයට අනුවයි.

තමා නැවත සේවයේ පිහිටුවන ලෙස හා නොගෙවූ වැටුප් ඉල්ලලා ඔහු රාජ්‍ය සේවා කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය සේවා කොමිසම, දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඔහුගේ හිඟ වැටුප් ගෙවන ලෙස නියම කර තිබේ. එය මෙතෙක් සිදුවී නැත.

වෛද්‍ය සහාබ්දීන් සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහල පසුගිය දෙසැම්බරයේ ‘මූලික පරීක්‍ෂණයක්’ සඳහා ප්‍රකාශයක් ගැනීමට ඔහුව කැඳවා තිබිණ. එම මූලික පරීක්‍ෂණය දැන් ආරම්භ වී තිබේ. ඒ සඳහා ලිපි නිකුත් කර ඇත්තේ නීති විරෝධී වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී වසර දෙකහමාරක් ගත වූ පසුවය.

පසුගිය වසරේ රාජ්‍ය සේවා කොමිසම ඔහුට වෙනත් කාරණා රාශියක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීය. ගිලන් ඇඳේ එල්ලා ඇති Bed Head ටිකට් පතේ නම වෙනස් කිරීම, 2017 ජූනි සහ 2019 මැයි අතර කාලයේදී පෞද්ගලික සමාගමක අධ්‍යක්‍ෂ ධුරය දැරීම, තම නිල සටහන් පොතේ තම භාර්යාවට කරුණු සටහන් කිරීමට අවසර දීම යන චෝදනා ඒ අතර විය. ඒ සම්බන්ධයෙන් ඔහුට දැඩි සේ අවවාද කොට වැටුප් වර්ධකය අත්හිටුවා තිබේ.

මීට අමතරව වෛද්‍ය සහාබ්දීන් 2019 ජුනි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මෙතෙක් විමසීමට ගෙන නැත. ඔහුට විරුද්ධව ප්‍රධාන නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.

මෙතෙක් ඔහුට චෝදනා ඉදිරිපත් කර නැත. 2019 නව විමර්ශනය ඇරඹූ පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සිටී. ඔහු අත්අඩංගුවට ගත් පසු ත්‍රස්ත සංවිධානයක් සමඟ එක්වීම හා නීති විරෝධී දේපළ රැස්කිරීම යන අමතර චෝදනා ඔහුට එල්ල කර තිබේ. මෙම නඩුව නැවත පසු දිනෙක ගැනීමට නියමිතව තිබිණ.

“ඔවුන් මාව සී.අයි.ඩියට දෙන්න සූදානම් වුණා. මොනව කරන්නද කියල මට හිතාගන්න බැරිවුණා. ඒ සඳහා අනුගමනය කරන වැඩ කිහිපයක් තිබුණා. මගේ ඇඟිලි සලකුණු අරගෙන ශරීරය පුරා පරීක්ෂා කළා. එය මානසික වදයක්.”

ඔහුට මාංචු දමා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණි. මැයි 25 වැනිදා ඒ වනවිට ප.ව. 6.00 පසු වී තිබිණි. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ගෙන යා යුතු විය. පොලිසිය ඔහු සේවය කළ කුරුණෑගල ශික්ෂණ රෝහලටම රැගෙන ගියේය. “හැමෝටම පේන්න මාංචු පිටින්.” ඔහු කීවේය. “හැම දෙනාම මා දිහා බැලුවා. මට වැඳපු මිනිස්සු මට ගෞරව කරපු මිනිස්සු සමහර ඇටෙන්ඩන්වරුන්ගෙ ඇස්වල කඳුළු.”

අවසානයේ වෛද්‍ය ශාෆිව ගෙන ගියේ සී.අයි.ඩියේ හතරවැනි තට්ටුවටයි. කොළඹ සී.අයි.ඩීයේ මූලස්ථානය වූ එහි සිර මැදිරි 4ක් විය. එකක සිටින්නේ මාකඳුරේ මධුෂ් බව ඔහුට දැනුම් දුන්නේය.

“ඔහු සමග සම තත්ත්වයට වැටීමට මා කළ වරද කුමක්දැයි මා කල්පනා කළා. මට මහ හිතේ අමාරුවක් දැනුණා. මම ඇඬුවෙ නෑ. අඬල වැඩක් නෑ. මගේ අරමුණ වුණේ පිටට එන එකයි. මට කරදරයක් නොවෙන බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. දෙවියන් මා බේරා ගනීවි. මට මාංචු දමන විටත් මට සිහි වුණේ අල්ලා දෙවියන්වයි.” වෛද්‍ය සහාබ්දීන් දින 46ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගතකොට ජුලි 25 දින ඇප ලබා ගත්තේ සති දෙකක් කෑගල්ල බන්ධනාගාරයේ ද සිර කර තැබූ පසුවය. ඔහුව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. කිහිප වාරයක් ඔහු ප්‍රශ්න කිරීම්වලට භාජන විය. ඇතැම් විට ප්‍රකාශ ලබාගැනීම සඳහා සාක්ෂිකරුවන් සී.අයි.ඩීයට රැගෙන ආයේය.

“මට එල්ල කළ හැම චෝදනාවක්ම අදාළ නොවේය යන ස්ථාවරයේ මම සිටියා. ඒ බව ඒ අය තේරුම් ගන්නා බව මම දැන සිටියා.” වෛද්‍ය සහාබ්දීන් කීවේය.

ඔහුගේ පවුලේ උදවිය නොයෙක් කරදර වින්දෝය. ඔහුව රැගෙන ගිය දිනයේ ඔවුහු නිවස හැර ගියෝය. ඉම්රා, දරුවන්, ඒ අයගේ පාසල්වලින් ඉවත් කරගෙන කොළඹ රැගෙන ආවාය. වෛද්‍ය ශාෆිගේ බිරිඳට මුස්ලිම්වරු පවා ඉඩ නොදුන්හ. තට්ටු හතක් ඉහළ උසින් පිහිටි නිවාස කොටස කුලියට ගන්නට ගිය අවස්ථාවේ මිත්‍රශීලීව ඇයට සලකා ඇත්තේ එකම එක යුවළක් පමණි.

“ඈ නිතරම බයෙන් පීඩාවට පත්වෙලා හිටියෙ.” ඔහු කීවේය.

“ඈට ඉස්කෝල සොයන්න සිදුවුණා. කුරුණෑගල වැඩ කරන්න බැරි නිසා මාරුවක් ඉල්ලන්න සිදු වුණා. ඇගේ අතේ සතේ නැති වුණා. මගේ ගිණුම් අත්හිටෙව්වා. පත්තරකාරයො ඈව ලුහු බැන්ඳා යන යන තැන. ප්‍රසිද්ධියෙ කතා කළොත් ඈට දරුවන් ආරක්ෂා කර ගන්න බැරිවුණා. තමාව මරා දමාවි කියලත් ඈ බය වුණා.”

දරුවන්ට කුරුණෑගලින් කොළඹ ගොස් ඉන්පසු කල්මුණේ සහ ආපසු මහනුවරටත් යන්නට සිදුවිය. දැන් ඔවුන් වාසය කරන්නේ මහනුවරයි. තවමත් ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පැමිණ නැත. තමන්ට වූ හදිය කුමක්දැයි ඔවුහු තවමත් නොදනිති.

2022/1/23 Sunday Times හි පළවූ ''God and prayers of predominantly Sinhalese patients protected me'' ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ.


නාමිනී විජේද‌ාස විසිනි


https://www.lankadeepa.lk/visheshanga/%E0%B7%83%E0%B7%93-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A-46%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A-%E0%B6%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B7%92---%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%81%E0%B7%8F%E0%B7%86%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/26-607480

 

Trial of Hejaaz Hizbullah: Main witness flounders

  • AG request to amend indictment refused

The main witness in the case against Hejaaz Hizbullah, the 18-year-old Mohomed Malik on Friday, failed to give any evidence relating to the charge during his testimony when the case was heard at the Puttalam High Court.

The young witness floundered when questioned as to the time period of the alleged incident at which Hizbullah is said to have made a speech and the contents of the speech.  As a result, right before the adjournment for lunch, the Attorney General (AG) requested the High Court Judge to amend the indictment. The Defence objected to it by pointing out that the indictment filed was based on repeated statements by the witness to the CID. They said that the statements to the CID by the witness, including statements clarifying the date of the alleged visit, specified the date on which Hizbullah had arrived.  The Defence pointed out that it was based on these statements that the indictment was filed by the AG and the charge framed. The High Court Judge, making order after adjournment, denied the request of the AG, and said that the indictment was specific to the statement by the witness.  Earlier, the Prosecution was reprimanded by the Judge for prompting the witness. Deputy Solicitor General Sudarshana de Silva was twice warned by the Judge for using leading questions during his evidence-in-chief.  The witness, a former Student of the AL Zuhriya Arabic College, narrated his life story and said that Hizbullah had visited the Arabic College in September or October.  The main witness failed to state that Hizbullah gave a speech which called for the “attack on catholics”, despite repeated attempts by the prosecution. The charge is that Hizbullah called on an attack on «catholics» during a speech in August 2018. At the end of the evidence-in-chief, the Defence requested the Court to release Hizbullah on bail, citing a settlement in the Court of Appeal. The request was denied by the Judge, citing lack of jurisdiction.   Deputy Solicitor General Sudarshana de Silva with State Counsel Lakmini Girihagama appeared for the AG. Nalinda Indathissa, Asith Siriwardena, Hafeel Farisz, Chaminda Athukorale, Dhanushan Kaneshayogan and a host of lawyers appeared for the two accused.

 

https://www.ft.lk/news/Trial-of-Hejaaz-Hizbullah-Main-witness-flounders/56-729912?fbclid=IwAR1s1ObyYYebAPWgyEhiwIg86wXmlSK_e10SvjVJmOoE9ZVvLQY3eL5yboQ#.YfnwNNsoudg.facebook

   

Revision application seeking bail for Hejaaz Hizbullah reserved for Feb.7

The order regarding a bail application filed on behalf of Attorney-at-law Hejaaz Hizbullah was today reserved for February 7 by the Court of Appeal.
The Court of Appeal two-judge-bench comprising Justice Menaka Wijesundera and Justice Neil Iddawala announced that the order on whether bail would be granted or not to Hejaaz Hizbullah will be delivered next Monday (7).
Meanwhile, Additional Solicitor General Rohantha Abeysuriya appearing for Attorney General informed the Court of Appeal that the prosecution is not objecting to release Attorney-at-law Hejaaz Hizbullah on bail.
This application was called before the Court of Appeal through a motion after the Puttalam High Court decides to refuse bail for Hejaaz Hizbullah on January 28.
President's Counsel Romesh de Silva appearing for Hizbullah contended that the Court of Appeal has Inherent jurisdiction to grant bail on an accused.
Mr.Silva argued that section 15 (2) of the Prevention of Terrorism Act is not an obstacle to release Hizbullah on bail since it is not a mandatory provision but a directory provision of the law.
He said his client is being held in custody unreasonably for about two years and further said the Court of Appeal has discretionary power to grant bail taking into account the circumstances of the case.
On January 28, an application made by the defence requesting to release Attorney-at-law Hejaaz Hizbullah on bail was rejected by Puttalam High Court.
The High Court Judge Kumari Abeyrathne refused to grant bail citing that she has no jurisdiction to grant bail under the Prevention of Terrorism Act.
This revision application had been filed on behalf of Attorney-at-law Hejaaz Hizbullah seeking an order to release him on bail.
An indictment under the Prevention of Terrorism Act and the International Covenant on Civil and Political Rights (ICCPR) Act has now been served on Hejaaz Hizbullah. According to the indictment, Hizbullah is accused of making certain statements to students in contravention of these laws.
Hizbullah is charged under the Prevention of Terrorism Act. He was arrested in April 2020.
Romesh de Silva PC with Niran Anketell and Shanaka Cooray instructed by Sanath Wijewardena appeared for Hejaaz Hizbullah
Additional Solicitor General Rohantha Abeysuriya PC with Senior State Counsel Lakmini Girihagama represented the Attorney General. (Lakmal Sooriyagoda)

https://www.dailymirror.lk/latest_news/Revision-application-seeking-bail-for-Hejaaz-Hizbullah-reserved-for-Feb-7/342-230340

 

හිජාස්ට ඇප දෙනවා ද? නැද්ද?

User Rating: / 1
PoorBest 

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන  07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම් දුන්නේය.

තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (2) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය .

මේනකා විජේසුන්දර නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (02) කැඳවිණි.

https://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7-%E0%B6%87%E0%B6%B4-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF--%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-/1-607564

   

Page 3 of 213

Login Form