කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය යැයි තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් මහතා ප්‍රකාශ කරයි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ක්‍රිස් වැන් හොලන් මහතා ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ හිටපු සම සභාපතිවරයා ද වේ.
අනිවාර්ය ආදාහනය මුල් කරගනිමින් ක්‍රිස් වැන් හොලන් මහතා මෙලස රවිනාථ ආර්යසිංහ මහතාට ලිපිය යවා ඇත.
ක්‍රිස් වැන් හොලන් මහතා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමිදානය සහ ආදාහනය යන දෙකටම අවසර ලබා දී තිබෙනවාගිකොවිඩ්-19’ ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේදී ඇති එකම විකල්පය ආදාහනය බවට පත් කිරීම මානව හිමිකම් උල්ලංඝනයකට මුල පුරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. මේ නිසා කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බල කර සිටිනවා’’.
මේ අතර නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුවත් දැනුම් දීම සඳහා සති අන්තයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ද මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
සන්ඩේ ටයිම්ස්
http://www.lankadeepa.lk/news/%E0%B6%91--%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/101-585422
A group of Muslims staged a protest outside the United Nations Office in Colombo today insisting the Government to stop forced cremation of COVID-19 victims. Pix by Nisal Baduge
http://www.dailymirror.lk/caption_story/Stop-forced-cremation-of-COVID-19-victims/110-204523