"Studies have indicated that hard dry fish is not associated with cancer whereas soft dry fish is associated with cancer."
Recently some prominent medical doctors in Sri Lanka claimed in electronic media that beef is a carcinogenic food which means a causative agent of cancer. We as responsible medical professionals would like to analyse this statement in the light of science and give a balanced, neutral opinion on “What causes cancer.” In this article we will be presenting a broad overview of cancer-causing foods, food habits and other lifestyle factors backed by scientific evidence.
Cancer is one of the leading causes of death globally and is second only to cardiovascular diseases. It was responsible for 9.6 million deaths in 2018. More than two thirds of these deaths occurred in low and
middle-income countries.
Five leading cancers in the world are lung, breast, colorectal, prostate and skin cancer. In 2014 the commonest cancer in Sri Lanka was breast cancer followed by oral, thyroid, bowel (colorectal) and oesophageal (food pipe) cancer. Generally, the incidence of cancer increases with age. Different cancers affect males and females differently. For instance, the breast cancer affects females mostly whereas most sufferers of lung cancer are males.
Tobacco smoking has been implicated in 17 different cancers. In addition to that there is limited evidence of causing breast cancer and leukaemia in smoker’s children. Even second-hand smoking (that is, people who passively inhale the air contaminated with tobacco smoke) is a well-recognised cause of lung cancer.
Consumption of alcoholic beverages is associated with breast (female), colorectal, laryngeal, liver, oesophageal, oral and pharyngeal cancers. According to WHO data, on average a Sri Lankan male (≥15 years of age) consumes 18.9 litres of alcohol and a female consumes 6.7 litres of alcohol per year. These figures have steadily increased over the past 40 years.
Meat is an important source of protein, some vitamins (e.g. vitamin A and B) and minerals (e.g. zinc, iron) . Amino acids are organic compounds that combine to form proteins. They are the building blocks of life. Out of 28 amino acids found in humans, 9 cannot be synthesised in our body. They are known as essential amino acids. Meat is an important source of essential amino acids. Therefore, they should be provided with diet. (11) (12)
According to IARC, the consumption of red meat is classified as “Probably carcinogenic to humans”. This means that unprocessed red meat is not a confirmed causative factor of cancer. Red meat refers to all types of mammalian muscle meat and this includes beef, lamb and pork. Chicken, turkey, duck, goose and rabbit do not fall under the category of red meat. The processed meat like; sausages, salami, ham and bacon are categorised as “carcinogenic to humans” (category 1), i.e., proven to cause cancer, but it is dependent on quantity eaten.
The other important factor to consider is the amount of red meat or processed meat consumed. It appears that higher amount of their intake is associated with cancer. It is clearly shown that the increased intake of fruits and vegetables protects against cancer. There is conflicting reports regarding the role of fish and sea food consumption in cancer prevention and causation. There is evidence of Cantonese-style salted fish (dry fish/ ‘Karawala’) causing nasopharyngeal cancer specially if consumed during young ages. Studies have indicated that hard dry fish is not associated with cancer whereas soft dry fish is associated with cancer. In summary, processed meat has been shown to be definitely a cancer-causing food while red meat is categorised as potentially carcinogenic, but only if consumed in large quantities. Preserved foods, saturated/animal fats, cholesterol, high sugar foods, spicy foods and refined carbohydrates have a positive association with bowel cancer. Vegetables and fruits play a protective role against bowel cancer.
Trans-fat is an important cancer-causing agent. Many routinely consumed food items have high concentration of trans-fat. Frying with coconut oil is less likely to produce trans-fat, but when it is re-used, the production of transfat will increase. Routine physical activity is linked to reduced incidence of many types of common cancers. Additionally, it reduces the risk of death among patients with breast and bowel cancer. Long-term, uncontrolled diabetes is a risk factor for cancers. Obesity is also proven to be a risk factor for cancer.
The causal relationship with processed meat or red meat and bowel cancer should be understood in the correct context. Moreover, there are many other foods and lifestyle factors which can lead to cancer. Therefore, it is important to strike a balance between necessity and harm when making food choices and following different lifestyles. Making healthy lifestyle changes is the most effective way to reduce cancer risk. These include regular exercise, eating a healthy diet, avoiding smoking, and not drinking too much alcohol.
Dr Kamal Naser, MBBS (Jaffna), MD (Colombo), FRCP(Lond), FRCP(Glasg), FACE Consultant Physician, Sherwood Forest NHS Hospitals Trust, UK
Dr Suhail Abdul Wahab MBBS (Peradeniya), MRCP(UK), Sherwood Forest NHS Hospitals Trust, UK)
http://www.dailymirror.lk/opinion/Does-beef-cause-cancer/172-201446
මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනුණේ පසුගිය අලුත් අව්රුදු උත්සවය මැද අප්‍රෙල් 14දාය. කොව්ඩ් 19 සම්බන්ධ ප්‍රශ්ණයක් උඩ ඔහු හමුවීමට අවශ්‍ය යැයි ඔහුට දුර කථන පණිවඩයක් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් යැයි පෙනී සිටි පිරිසකි. නමුත් නිවසේ දොර හැරිය විට පැමිණ සිටියේ රහස් පොලිස් නිලධාරීන්ය.
එනයින් මුල් දුරකථන පණිවිඩයේ සිට අද දක්වාම ඔහුගේ මානව අයිතීන් පාගා දමමින් ආක්ෂක හේතූන් මත යැයි රඳවා ගෙන සිටින, හිජාස් හිස්බුල්ලා, මෙරට ක්‍රියාත්මක අවනීතියේ ජීවමාන සංකේතයකි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීහු, නීතියේ පාරිශුද්ධබව කෙළසමින් හිජාස් පෙනී සිටිමින් තිබූ නඩුවලට අදාළ ලිපිගොනු ද අත් අඩංඟුවට ගත්හ. සිංහල බස නොදන්නා ඔහුගේ ඊජිප්තු ජාතික සහකාරියට සිංහලයෙන් ලියන ලද ප්‍රකාශයකට අත්සන් කරන්නටයැයි බල කෙරුණි.
දැන් මාස හතක් ගතවී තිබේ. එනම් දින දෙසියකට නොඅඩු කාලයකි. තවමත් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කර නැත. ඔහු තවමත් රඳවා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති රාජපක්ෂ විසින් දින 180න් 180ට නිකුත් කරන රඳවා තැබීමේ නියෝග යටතේය.
ඔහුට නිසි නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩක් නැත. ඔහු රඳවා සිටින්නේ හුදකලාවය. අත්අඩංඟුවට ගැනීමෙන් පසු ඔහු වරදකරුවකු ලෙස පින්තාරු කිරීමට පොලීසිය දරන ලද තැත දැන් දුර්වර්ණ වී ගොසිනි. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අධිකරණය හමුවෙහි ඉදිරිපත් කිරීම දිගින් දිගටම වලක්වා තිබේ. පොලීසිය මුලදී කියා සිටි පරිදි ඔහුට විරුද්ධව සාක්ෂි ඇත්නම් නඩු පවරන්නේ නැත්තේ මන්ද?
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීතිය ඉදිරියෙහි වරදකරුවන් වීමට ප්‍රථම පොලීසිය සහ මාධ්‍ය විසින් වරදකරු කිරීමේ දුරාචාර සංස්කෘතියේ ගොදුරක් බවට ද හිජාස් පත්කර තිබේ. දරුණූ මානව විරෝධී අපරාධයක් වූ පාස්කු ඉරිදා ඝාතනයන්ට කවරකු සම්බන්ධ යැයි මතයක් ගොඩ නැගූවිට එවැනි අයකු වෙනුවෙන් ඉදිරිපත්වීමට බොහෝ දෙනෙක් බිය වෙති. හිජාස්ට කර ඇත්තේ එයයි.
2017 වසරෙහි නොවැ 30 දා මඩකළපුවෙහි වව්නතිව් පොලිස් මුරපොළෙහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ආයුධ පැහැර ගන්නා ලදී. ඒ පිළිබඳ සැකපිට කදිරගාමර්තම්බි රාජකුමාරන් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මහත් මාධ්‍ය ප්‍රචාරයක් සමඟ අත් අඩංගුවට ගන්නා ලදී.
එම අත් අඩංඟුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ තහවුරුවූ සාක්ෂි මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. එසේ නමුත් 2018 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම ඝාතන කරන ලද්දේ ද සහරාන් ප්‍රමුඛ අන්තවාදී කණ්ඩායම විසින් බව හෙළිදරව් විය. කදිරගාමර්තම්බි ඇප පිට නිදහස් කරන ලදී. එසේ නොවී නම් ඔහු තවමත් නඩු නැතිව දශක ගණනාවක් සිරගතව සිටින දෙමළ සිරකරුවන් ගොන්නට එක්වනු නොඅනුමානය.
මෙැවැනි පොලිස් කතා මෙරට අපමණය. හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් පොලීසියේ කතා ද දැනට පත්ව ඇත්තේ ඒ ගණයටය.
හිජාස් දිගින් දිගටම මානසික වධ බන්ධනයන්ට පත් කරමින් සිරගත කර තිබීම භයානක පණිවිඩයකි. එනම් මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන නීතිවේදීන් සහ නීතිවේදිනියන් ප්‍රවේසම් විය යුතු බවයි.
කණගාටුවකට මෙන් ඔහට යුක්තිය ඉටු කළ යුතු බවට ප්‍රබලතම හඩ නැගෙන්නේ මෙරට ඔහුගේ වෘත්තීය ප්‍රජාව අතුරින් නොව අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව වෙතිනි. පසුගිය දා එංගලන්තයේ සහ වේල්සයේ මානව හිමිකම් නීතිඥ කම්ටුව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නඩු නොපවරා දීර්ඝ කාලයක් හිජාස් හිස්බුල්ලා රැඳවුම් බාරයේ තබාගෙන සිටීම මහත් කණස්සල්ලට කරුණක් බවයි. මෙම කමිටුවට එක්සත් රාජධානියේ ජේෂ්ඨ නීතිවේදීන් සහ නීතිවේදිනියන්ද ඇතුළත් වෙති.
“ නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීමෙන් නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ නීතිවේදීනට පළිගැනීම් සහ හිරිහැර පැමිනවීම් පිළිබඳව බියක් සැකක් නැතිව සිය රාජකාරිය කළ හැකි පරිසරයක් “ ඇති කරන ලෙස ඔව්හු එමගින් ඉල්ලා සිටියහ.
අන්තර් ජාතික නීතිවේදී ප්‍රජාව නඩු නොපවරා හිජාස් දිගින් දිගටම රඳවා කබා ගැනීම හෙළා දකිමින් මෙවැනි ප්‍රකාශ ගණනාවක්ම ප්‍රසිද්ධ කර තිබේ.
එසේ නමුත් පිල්ලෙයාන්ට ඇප දී නිදහස් කිරීමට උපදෙස් දෙන නීතිපති දෙපාර්ථමේන්තුව මාස හතක් ගතවීමෙන් පසුුත් තවමත් මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරගත කරගෙන සිටී.
මානව හිමිකම් විරෝධී දේශපාලන අධිකාරිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ජාතිවාදය යන භයානක දුශ්සංයෝගයේ ගොදුරක් බවට පත්ව ඇති ඔහු, වත්මන් ශ්‍රී ලංකාවේ අවනීතියේ කැපී පෙනෙන සංකේතයකි.
ඔහුගේ නිදහස වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමය.
(ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධයෙන් ද දැක්වෙන ආණ්ඩුවේ පිළිවෙත එවැනිම එකක් බව සමහර විට ඊටත් වඩා දුෂ්ඨ එකක් බව සටහන් නොකළ හොත් අඩුවක් වනු නොනුමානය.)
ප්‍රහාරය ඇරඹේ.
අපේක්ෂිත පරිදි 20වන සංසෝධනයේ ගිනියමින් මෙරට මාධ්‍ය නිදහසට කණ කොකා හැඩවීම ආරම්භ වී තිබේ.
පසුගිය දිනවල වාර්තා වූ මේ ප්‍රවෘත්ති දෙස බලන්න.
රාජ්‍ය නොව සංවිධාන විසින් පවත්වාගෙන යන මාධ්‍යන්ට නිල ජනමාධ්‍ය හැදුනුම්පත නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කරන ලදී.
පාර්ලිමේන්තුවෙහි අයවැය ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ජනමාධ්‍යට ඉඩ නොදෙන ලදී. එනමුත් විදේශ තානාපතිවරුන්ට එම අවස්ථාවට සහභාගිවීමට ඉඩ සළසා තිබුණි. අගමැති රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළේ ඉඳගෙනය. තවමත් පාර්ලිමේන්තුව ජනමාධ්‍යවේදින්ට තහනම්ය.
ඊටත් කලින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වාර්තා කිරීමට පසුගිය රජය සමයෙහි මාධ්‍යට දී තිබූ අවසරය ඉවත් කර ගන්නා ලදී.
දානයකට ගිය රාජපක්ෂ පවුලේ උදවිය මේසයක වාඩිවී දානය වළදන අන්දම පෙන්වන ජායාරූපයක් ප්‍රසිද්ධ කළ විපක්ෂ ජනමාධ්‍යවේදියකු රහස් පොලීසියට කැඳවන ලදී. එම ජායාරූපය විකෘති කර රාජපක්ෂ පවුල වෙනුවට භික්ෂුන් ආදේශ කරන ලද පුද්ගලයා ගැන පරීක්ෂනයක් නොපවත්වන ලදී.
මඩකළපුවෙහි ගව පට්ටියක් පවත්වාගෙන යන අයකුගේ ඉඩම යුද හමුදාව බලයෙන් අල්ලා ගන්නට යන්නේ යැයි වාර්තාවක් පළ කළ දෙමළ ජනමාධ්‍යවේදියකු එරාවුර් පොලීසියට ගෙන්වා ප්‍රශ්ණ කරන ලදී.
දෙසතියක් ඇතුළත මර්ධනකාරී සිංගප්පූරු මාදිලියේ “ ව්‍යාජ පුවත් පාලන” නියමන පනතක් ගෙන එන බව ඇමැතිවරු දෙපලක් විසින් ප්‍රකාශ කරන ලදී.
වෙබ් අඩවි 30ක් තහනම් කිරීමට රජය සළකා බලමින් සිටින බවට තවත් පුවතක් පළ විය.
විදෙස්ගතව සිටිමින් “ව්‍යාජ” පුවත් සමාජ ජාල මගින් බෙදාහැරියේ යැයි කියන දෙදෙනෙකු මෙරට පැමිණියහොත් අත් අඩංඟුවට ගන්නා බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු කියා තිබුණි.
එවැනි “ව්‍යාජ පුවත්” පළ කළේ යැයි අත් අඩංඟුවට ගෙන සිටින පිරිස දුසිම් ගණනාවක් විය හැකි යැයි විපක්ෂ දේශපාලනඥයකු ප්‍රකාශ කළේය.
අත් අඩංඟුවට ගත යුතු මාධ්‍යවේදීන් දෙසිය ගණනාවකගේ ලැයිස්තුවක් පොලීසියට දී ඇතැයි සජබ පා.ම. ඉම්ටියාස් බාකීර් මාකර් පාර්ලිමේන්තුවට කියා සිටියේය. ආණ්ඩුව එම පුවත ප්‍රතික්ෂේප කළේ නැත.
20වන ව්‍යවස්ථා සංසෝධනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කළදාට පසුදා උදෑසනම එයට අත්සන් කළ අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම ප්‍රකාශය ගැන කරුණූ විමසූහ. එමගින් තර්ජනයට ලක් කැරුණේ විසංවාදයට ඇති අයිතියයි.
පොහොට්ටු පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන රාජ්‍ය ජනමාධ්‍ය සඳහා රජයේ සියලු අායතන පළ කරනු ලබන දැන්වීම් වලින් 25% ලබා දිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. එමගින් සමාන භූමියක තරඟයට තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව රජයට අයත් නොවන මාධ්‍යන්ට ඇහිරේ.
සියළුම රාජ්‍ය ආයතනයන්ට නියෝගයක් යවමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කියා සිටියේ සියළුම වෙළද දැන්වීම් සහ ප්‍රචාරකයුතු සදහා වෙන් කර ඇති අරමුදල් පාවිච්චිය නතර කරන සේ ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇති බවය. මෙය ජනමාධ්‍යන්ට මරු පහරක් වනු ඇත.
තවද මේ තාක් මේ කිසිවක් ගැන ජනමාධ්‍ය සංවිධාන කිසිවක් විරෝධය ප්‍රකාශ කර නැත!
සෙස්ස පස්සටය!
මැඩිල්ලේ හිමිගේ වචන
මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ පන්සලට පොලීසිය පැන්නේ කිසිදු දැනුම්දීමකින් තොරවය. මැඩිල්ලේ එසේ මෙසේ භික්ෂුවක නොවේ. අන්ත ජාතිවාදය නැමැති සිය මතවාදී බලයෙන් රාජපක්ෂවරුන් රාජාසනය වෙත වැඩම්වන ලද භික්ෂුවකි. පසුදාක එ හිමියන්ගේ පන්සලට කඩා වැදුණු රහස් පොලිස් නිලධාරීහු එවෙළෙහිම තමන් ප්‍රකාකාශයක් දිය යුතුයැයි බලකර කියා සිටියෝ ය. එයට පෙර, දැන් අධිකරණ ඇමැති වන අලි සබ්රි ගැන කතාකිරීම තහනම් කරමින් එහිමියන්ට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලැබී තිබුණේය. මෙවර මැඩිල්ලේ හිමි කියන්නේ තමන්ට එරෙහිව පොලීසිය උසි ගන්වන ලද්දේ ඇමැති ජොන්ස්ටන්ගේ අරක්කු ලැයිසමට විරුද්ධව තමා කතා කළ නිසා බවයි.
සිය පන්සලට පොලීසිය කඩා පැනීම ගැන මැඩිල්ලේ හිමි කියා තිබුනේ “ඔන්න සර්ගේ සෞභාග්‍යයේ තරම!” කියාය.
මේ සිදුවීම මතකයට නංවන්නේ ලොව පුරා යළි යළි පුනරුච්චාරණය කැරෙන මාර්ටින් නිමලොර්ගේ වචනය. “ඔවුහු අන්තිවේදී මා සොයා ආහ.”
රහස් පොලීසිය මෙළෙස නොදන්වා කඩා පැන බලහත්කාරයෙන් කටඋත්තර ගත් ප්‍රථම වතාව මැඩිල්ලේ හිමිගේ පන්සල නොවේ. මේ වනාහී විරුද්ධවාදීන් මැඩළීමේ දේශපාලන පොලීසියේ සුපුරුදු හැසිරීමය. එළෙස හැසිරීමට පොලීසියට බලය ලැබී ඇත්තේ දේශපාලන පිටුබලය නිසාය. පසුගිය කාලය පුරා මැඩිල්ලේ වැනි භික්ෂූන් කියමින් සිටියේත් තමන් විසින් විරුද්ධවාදීන් ලෙස සළකන විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලනඥයිින්ට මෙවැනි විරුද්ධව පියවර ගත යුතු බවය.
දැන් බූමරංගය ආපසු කැරකී ඇවිත් තිබේ. සමහර විට තවම බූමරංග එන්නට පටන් ගත්තා විතරය. හොඳ හොඳ සෙල්ලම් කෙළින්නේ එළිවෙන ජාමෙට යැයි කියනු ලැබේ.
ඔහොම යං!
https://sinhala.srilankabrief.org/2020/11/%e0%b7%84%e0%b7%92%e0%b6%a2%e0%b7%8f%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/?fbclid=IwAR1DVLFv3E0EPNC4hMiymf-Lv7U76hyJVxngLqeHG7XlAwpXG5qDR9UHfww