Tuesday, April 23, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

හිමි දෙනමත් ඇඳිරිය කඩලා

අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හිමි දෙනම සහ ත්‍රිරෝද රියදුරා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

http://www.lankadeepa.lk/index.php/articles/243048

 

මාවනැල්ලත් අවුලන්න හැදු බොදු සමුළුවක් තහනම්..

June 18, 2014 at 7:05 am | lanka C news

මාවනැල්ලත් අවුලන්න හැදු බොදු සමුළුවක් තහනම්..

මාවනැල්ල නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ බොදු සමුළුවක් අධිකරණ නියෝගයක් මත අත්හිටුවා තිබේ.

බෞද්ධ සංවිධානයක් මගින් පැවැත්වීමට සූදානම් කර තිබූ සත්‍යග්‍රහයකට පෙර මෙම සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබිණ.

මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ පොලීසිය කරුණු දැක්වීමෙන් පසු මෙම අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇත.

මාවනැල්ල නගරය සැලකෙන්නේ මුස්ලිම් ජනගහනය අධික නගරයක් ලෙසයි.

 

http://lankacnews.com/sinhala/news/117593/

 

අල්-ජසීරා කණ්ඩායමට දර්ගා නගරයේදී පහර දෙයි

June 18, 2014 at 9:41 am | lanka C news

අල්-ජසීරා කණ්ඩායමට දර්ගා නගරයේදී පහර දෙයි

බේරුවල, අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්වය වාර්තා කිරීම සඳහා එහි ගිය අල් ජසීරා රූපවාහිනී කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

දර්ගා නගරයේදී මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

නාඳුනන පිරිසක් විසින් එල්ල කර ඇති මෙම ප‍්‍රහාරය නිසා වාර්තාකරුවන් ගමන් ගත් වාහනයට දැඩි අලාභ හානි සිදුව අත.

 

 

http://lankacnews.com/sinhala/news/117607/

   

දෙවැනි පියවර සූදානම්.. බේරුවල, අලූත්ගම කඩ සාප්පුවලට අබ සරණයි.. – ඤාණසාර හිමි [Video]

June 18, 2014 at 12:01 am | lanka C news

දෙවැනි පියවර සූදානම්.. බේරුවල, අලූත්ගම කඩ සාප්පුවලට අබ සරණයි.. – ඤාණසාර හිමි [Video]

සුළු ජාතිකයන් තවත් නටන්න ආවොත් දෙවැනි පියවර ක‍්‍රියාත්මක කරන්න වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව සඳහන් කලේ පසුගිය 15 වන දා අළුත්ගම දර්ගා නගරයේ පැවැත්වූ විශේෂ බොදු බල සේනා සමුළුවේදීය.

‘තවත් නටන්න ආවොත් බේරුවල, අළුත්ගම කඩ සාප්පුවලට අබ සරණයි’ යනුවෙන් උන් වහන්සේ එහිදී පටිසෝතගාමීව දේශනා කළහ.

ඉන් අනතුරුව සිදු වූ ගැටුම් හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

 

 

http://lankacnews.com/sinhala/main-news/117587/

 

 

කල්මුණේ පාළුයි

 

2014 ජූනි මස 18 12:07:48 | . , ආර් ශ්‍රීවේල් රාජා

 

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වසා දමා තිබිණි.

 

(ත්‍රිකුණාමලය)

 

http://www.lankadeepa.lk/index.php/top_story/243098

   

Page 187 of 213

Login Form