බොදු බලා සේනා ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලුත්ගම නගරයේ පැවති ‘අවදිවව් බොදු මහ සමුළුවෙන්’ පසු හට ගත් කලබලකාරී තත්වය හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ බීබීසි සංදේශයට පැවසීය.
මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමගයි බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරය තුල මෙම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.
රැළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්.
මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් බොදු බල සේනා සාමාජිකයන් ගමන් කරමින් සිටියදී ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.
කඳුළු ගෑස්
මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ.
තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.
පවතින ගැටුම්කාරී තත්වය වාර්තා නොකර ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනී ආයතන ඇතුළු සියලු ප්‍රවෘත්ති ආයතන තමා හට ස්වයං වාරණයක් යොදා ගනිමින් පොලිස් ඇඳිරි නීතිය පිළිබඳ පමණක් වාර්තා කර සිටින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.
'අවදිවව් බොදු මහා සමුළුව' සාමකාමීව නිමා වූ බවත් ඉන් අනතුරුව සමුළුවට සහභාගී වූ හිමිවරු යළි විහාර කරා වැඩම කරද්දී කිසියම් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි අළුත්ගම නගරයේ සිටින බීබීසී සංදේශය වාර්තාකරු ප්‍රසාද් පුර්නිමාල් කියා සිටියේ.
විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබුණත් තත්ත්ව පාලනය කිරීමට හැකි නොවූ බවත් පුර්ණිමාල් වැඩි දුරටත් කියා සිටියි.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140615_aluthgama_bbs.shtml
අලුත්ගම හා ධර්ගා නගරයේ ආරක්ෂාව සඳහා පොලීසි විසි දෙකකින් පිරිස් කැඳවා ඇතැයි පොලීසිය කියයි.
හිමි නමකට පහර දීමේ සිද්ධියකින් පසු ඇති වු කලබල සියල්ල සංසිඳිඇතැයි ද පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායද එහි සිටි.
http://www.lankadeepa.lk/index.php/articles/242106